• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට කොන්ත්‍රාත්තුව දීලා! පාඩුව බිලියන 3ක්! විදුලිබල ඇමැති කුමාර ජයකොඩිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි! I Sri Lanka Latest News

February 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එස්. තුරෙයිරාජා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ වියදමින් පෙබරවාරි 24 වැනි දිනට පෙර කුරියර් සේවාව හරහා නොතීසි යොමුකරන ලෙසද දැනුම්දී තිබේ.

වාර්තා වන ආකාරයට පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වාදී ඇත්තේ මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණත් අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවූ බවයි.

මෙකී ටෙන්ඩරය මඟින් සිදුවන අතිවිශාල පාඩුව මෙන්ම අනෙකුත් කරුණු අනුව විශාල මහජන උනන්දුවක් ඇති බවත් හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දින ලබාදෙන ලෙසට පෙත්සම්කාර මිලින්ද ප්‍රසන්න මඩුගල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා තිබේ.

පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට නොතිසි සහ පෙත්සමට අදාළ ලේඛන යැවීමට පියවර ගත් බවද නීතිඥ සුරේන් ප්‍රනාන්දු විසින් විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම්දී ඇත.

ඒ අනුව අමාත්‍ය කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලය රිවිධනවි ප්‍රයිවට් ලිමිටඩ්, ලක්දනවි ලිමිටඩ්, වින්ස්පෝර්ප් ලිමිටඩ්, බ්ලු සර්කල් පෞද්ගලික සමාගම, ඇතිමලේ ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම, මහාචාර්ය කේ. ටී.එම්. උදයංග හේමපාල (ලේකම් විදුලිබල අමාත්‍යාංශය) හා ඩබ්ලිව්. එම්. ඩී. එල් ප්‍රනාන්දු (කැබිනට් මණ්ඩල ලේකම්) යන වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කෙරිණි.

යෝජිත සූර්‍ය විදුලි බලාගාරය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩර් කැඳවා තිබූ බව මෙන්ම එම ටෙන්ඩර් කැඳවීමේදී , ඉදිරිපත් වූ මිල ගණන් අනුව කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් 12.2ක ටෙන්ඩරය ඉදිරිපත් කළ පෙරකී වගඋත්තරකාර සමාගමට එකී ටෙන්ඩරය ලබාදී තිබූ බව 2025.01.21 වැනිදා මාධ්‍ය මඟින් තමා දැනගත් බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ඇමරිකානු ඩොලර් සත 8කට කිලෝවොට් පැයක  විදුලිය නිපදවීමට ඉදිරිපත් වූ සමාගම නොසලකා හැරීමෙන් එම අක්‍රමිකතාව සිදුවූ බවත් සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර සමාගම ඇමරිකානු ඩොලර් සත 8ක මුදලකට විදුලිය  ලබා දීමට එකඟ වී ඇති බවද අධිකරණයට පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් පෙරකී මුදලට අමතරව සම්ප්‍රේෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් වසර දහයක් දක්වා කාලයකට අවශ්‍ය ප්‍රතිපාදන ගෙවීමට රජය එකඟ වී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරු පෙන්වා දී තිබිණි. මුල් ටෙන්ඩරයේ සැපැයුම් ගාස්තු ඇමරිකානු ඩොලර් සත 8 දක්වා අඩු කළත් සම්ප්‍රේෂණ පහසුකම් ගාස්තු ටෙන්ඩරය ලබා ගැනීමේදී අතිවිශාල ලෙස ඉහළ දැමීම නිසා රජයට රුපියල් බිලියන 3.3ක අලාභයක් සිදුවන බවත් වගඋත්තරකරුවන්ගේ එකී අනිසි ක්‍රියාව නිසා රජයට සිදුවන හානියේ අලාභය වක්‍රව ගෙවීමට සිදුවනුයේ රටේ පොදු ජනතාවට බවත් පෙත්සම්කරු එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් එමඟින් උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරනා ලෙසටද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

SendShareShare
Previous Post

රෝහිණී කවිරත්නට ඇමැති නලින් කියපු කැත කතාවට අගමැති හරිනිත් විරුද්ධ වෙයි! අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න බෑ! නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

නියෝජ්‍ය ඇමැති වටගලට ලසන්තගේ නම අමතක වෙයි! පහුගිය ආණ්ඩුවල හොරු අල්ලන එක නවත්වන්නලු රට වටේ ඝාතන කරන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.