• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අදානිට ගහලා මෝදිව තරහා කරගත්තාද? ශ්‍රී ලංකා රජය විහින් අත පුච්චා ගන්නට යනවාද? Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර අදානිට ගහලා මෝදිව තරහා කරගත්තාද? ශ්‍රී ලංකා රජය විහින් අත පුච්චා ගන්නට යනවාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘තීරුබදු සහ පාරිසරික ගැටලු පිළිබඳ මතභේදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක සුළං බලාගාර ව්‍යාපෘතිය ඉල්ලා අස්කර ගැනීමට ‘අදානි ග්‍රීන් එනර්ජි’ සමාගම තීරණය කර තිබේ. පසුගිය කාලයේ කෙන්යාවේ අවලංගු කරන ලද අදානි සුළං බලාගාර ව්‍යාපෘතියේ සිදුවීමට පසුව ශ්‍රී ලංකාවේ මෙම සිදුවීම උද්ගතව ඇත. අතීත අනුමැතිය සහ පූර්ව සංවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජන තිබියදීත් ව්‍යාපෘතිය අඛණ්ඩව නියාමන අභියෝගවලට මුහුණ දුන් අතර, එය අදානිගේ ගෞරවනීය ඉවත්වීමට හේතු විය. ඉන්දියාවේ ධනකුවේර ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් ‘අදානි ග්‍රීන් එනර්ජි’ සමාගම පසුගිය බදාදා ශ්‍රී ලංකා රජයට පැවැසුවේ ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර ව්‍යාපෘතිය ඉවත්කර ගන්නා බවයි. අදානි සමාගමේ මෙම තීරණය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් දන්වා ඇත…’ Sri Lanka Latest News

සුවිශාල ජාත්‍යන්තර සංවර්ධන ව්‍යාපෘතියකට අදාළව මෙසේ අසන්නට ලැබෙන කතාව කුමක්ද? විවිධ දෙස්විදෙස් මාධ්‍ය හරහා පසුගියදා මෙම සුවිශේෂ පුවත වාර්තා කර තිබිණි. ඉන්දියානු මාධ්‍ය හරහාද ඉතා ප්‍රබල ලෙස වාර්තා කළ මෙම පුවත හරහා ලොව පුරාද මහත් ආන්දෝලනයක් ඇතිකළේය. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අදාළ කරගත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියකට අදාළව සිදුවීම වාර්තා කර තිබිණි. එම ජාත්‍යන්තර වාර්තා මගින් මෙම පුවත තවදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.

‘ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රාජ්‍ය පරිපාලනය යටතේ ඉන්දීය සමාගමේ දේශීය ව්‍යාපෘති සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ මන්නාරම නගරයේ සහ පුනරීන් ගම්මානයේ මෙගාවොට් 484ක සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා ‘අදානි ග්‍රීන් එනර්ජි’ සමාගම 2023 පෙබරවාරි මාසයේදී අනුමැතිය ලබාගත්තේය. මෙම ව්‍යාපෘතීන් මගින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 01ක පමණ ආයෝජන සාමූහිකව දැකීමට අපේක්ෂා කෙරේ. කෙසේ හෝ ඉන්දියානු සමාගම මේ වනවිටත් පූර්ව සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 05ක පමණ මුදලක් වියදම් කර ඇත. මෙරට ජාතික ආර්ථිකය ප්‍රපාතයකට ඇදදැමූ 2022 මූල්‍ය කඩාවැටීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතුළු වූ පළමු විදේශීය ආයෝජකයා ඉන්දියාවේ අදානි සමූහයයි. මෙම ව්‍යාපෘතියට අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය මෙන්ම දිවයිනේ අමතර කිලෝවොට් 220 සහ 400 සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීමක්ද ඇතුළත් විය. ව්‍යාපෘතිය සඳහා වන ගාස්තු මතභේදයට තුඩුදී ඇත. වත්මන් දේශීය ලංසුකරුවන් කිලෝවොට් එකකට ඩොලර් 0.0488ක මිල ගණන් ඉදිරිපත් කරන විට, 2024 මැයි මාසයේදී අදානි පවර් වෙතින් කිලෝවොට් එකකට ඩොලර් 0.0826ක මිලකට විදුලිය මිලදී ගැනීමට පෙර ශ්‍රී ලංකා රජය එකඟ විය. එනම් සාකච්ඡා වට 14කට වැඩි ගණනකට පසුව විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම සඳහා වසර 20කට අදාළව ස්ථාවර ගාස්තුවක් සඳහා අනුමැතිය ලබාදෙන ලදී. 2025 කැබිනට් තීරණයක් මගින් අදානි ව්‍යාපෘති යෝජනාවේ ගාස්තු පිළිබඳ 2024 මැයි මාසයේ තීරණය අවලංගු කරන ලදී. මේ අනුව අදාළ ව්‍යාපෘතියේ කටයුතුවලින් ඉවත් වීමට ඉන්දියානු සමාගම තීරණය කළේය…’

දැන් ඔබට මෙම සුවිශේෂ කතාවේ පැහැදිලි හරයක් අවබෝධ වනවා ඇතැයි සිතමි. දෙස් විදෙස් පාර්ශ්ව රැසක් මහත් ආන්දෝලනයකට ලක්කළ මෙම අර්බුදය හේතුවෙන් මෙරටට ලැබීමට නියමිතව තිබුණු සුවිශාල ධන ආයෝජනයක් අහිමිව ගිය බවට චෝදනා එල්ල වෙයි. එසේම මෙම සිදුවීම හරහා ඉදිරියේදී වත්මන් නව ශ්‍රී ලංකා රජය සමග යම් ආකාරයකට ඉන්දියාව විරසක වීමකට පත්වන බවටද පාර්ශ්ව චෝදනා කර ඇත. එහිදී එක් ප්‍රධාන හේතුවක් ලෙස පැවසෙන්නේ ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියානු ධනකුවේර ගෞතම් අදානි යනු ඉතා සමීප හිතවතුන් දෙදෙනකු ලෙස ප්‍රකාශ වීමයි. ඔවුන් දෙදෙනාගේ සමීප මිතුරුකම දශක ගණනාවක් පුරා දිවයන එකක් යැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. එවැනි වටපිටාවකදී ශ්‍රී ලාංකික සිදුවීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විරසක වීමක් ඇතිකිරීමට ඉඩ ඇත.

ගෞතම් අදානි යනු ඉන්දියාවේ මේ වනවිට සිටින අංක එකේ බිලියනපති ධනකුවේරයාය. 2025 වසරේ ජනවාරි මූල්‍ය වාර්තාවලට අනුව ඔහු ආසියාවේ සිටින දෙවැනි ධනකුවේරයාද වෙයි. එසේම ඔහු ලෝක ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ 25 වැනි ස්ථානයේ සිටියි. දැනට 62 වැනි වියෙහි පසුවන ගෞතම් අදානි සතු මූල්‍ය වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 70 ඉක්මවන බව පැවැසෙයි. ලෝප්‍රකට ‘ටයිම්’ සඟරාවේ විශ්ලේෂණයකට අනුව ඔහු ලෝකයේ සිටින වඩාත් බලගතු පුද්ගලයන් 100 දෙනා අතරටද නම්කර ඇත. 1978 වසරේ සිට තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ ගෞතම් අදානි සතුව අදානි සමූහ ව්‍යාපාරයේ විවිධ අංශ නියෝජනය කරන ව්‍යාපාර අංශ ගණනාවක්ම ඇත. එයින් ප්‍රධානතම වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස සැලකෙන්නේ පුනර්ජනනීය බලශක්ති සමාගම වන ‘අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ්’ නමැති සමාගමයි. මෙම සමාගම මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවකම තම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර, එම රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වෙයි. පසුගියදා අර්බුදයට ලක්වූ ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියද ඒ අතරට ගැනෙයි. ගෞතම් අදානිගේ ඉහත පුනර්ජනනීය බලශක්ති සමාගම මේ වනවිට ලෝකය පුරා රටවල් ගණනාවක මෙගාවොට් 22,000ක පමණ විදුලිබල ව්‍යාපෘතියක් සිදුකරනු ලබයි. මෙම සමාගම ආරම්භ කර ඇත්තේ 2015 වසරේදී වන අතර, දැනට වසර 15ක් පැරැණි සමාගමකි. 2024 වසරේදී මෙම සමාගමේ මෙහෙයුම් ආදායම ඩොලර් බිලියන 1.2ක් ඉක්මවා ඇතැයි පැවසෙන අතර, 2024 දී මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවා ඇත.

ගෞතම් අදානි යනු වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ඉතා ප්‍රබල චරිතයක් ලෙස සැලකෙයි. ඉන්දියාව පුරා බලගතු දේශපාලන භූමිකාවක් හිමිව තිබෙන භාරතීය ජනතා පක්ෂයේ වත්මන් නායකත්වය දරන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසිනි. මේ හෙයින් පසුගිය වසර ගණනාව පුරා ගෞතම් අදානි ධනකුවේරයා සහ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අතර ඇත්තේ ඉතා සමීප හිතවත්කමකි. මොවුන් දෙදෙනා ඉතා සමීප මිත්‍රයන් දෙදෙනකු වන්නේ යැයි බොහෝ පාර්ශ්ව කියා සිටිති. මෙවැනි කාලීන වටපිටාවකදී පසුගිය කාලයේ ඉන්දියාවේ පාර්ශ්ව කිහිපයක්ම අගමැති නරේන්ද්‍ර මෝදිට චෝදනා කර සිටියේ ඔහු ගෞතම් අදානිගේ ව්‍යාපාර කටයුතුවලට අහේතුක අයුරින් සීමා ඉක්මවා සහයෝගය දක්වන බවයි. මේ හෙයින් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ඉන්දීය විපක්ෂයද පසුගියදා ප්‍රකාශ කර සිටියේය. ඉන්දීය නායකයා මෙතරම් ගෞතම් අදානි වෙත සහාය දැක්වීම ප්‍රශ්නකාරී කරුණක් යැයි විපක්ෂය ප්‍රකාශ කර ඇත. පසුගිය දශක දෙකක් (වසර 20ක්) පුරා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ධනකුවේර ගෞතම් අදානි ඉතා සමීපව කටයුතු කර ඇති බව පැවසෙයි. මෙම සුවිශේෂ පුද්ගලයන් දෙදෙනා අතර මෙතරම් සමීප සබඳතාවක් තිබියදී පසුගියදා අදානි සමාගම වෙත සුළං විදුලිබල ව්‍යාපෘතිය නොලැබී යෑම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය සමහර විට තම හිතමිත්‍ර ගෞතම් අදානිට සිදුවූ නොසැලකිල්ලක් ලෙසට ඉන්දීය අගමැතිවරයා සිතන්නටද ඇතිය. එහෙත් ඒ පිළිබඳ ඉන්දීය අගමැතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.

වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියාවේ අංක එකේ ධනකුවේරයා වන බිලියනපති ගෞතම් අදානි යනු දැනට වසර 20ක් පුරා නොකඩවා හිතවත්කම් දරන සමීප මිතුරන් දෙදෙනෙකි. නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ (වත්මන් රාජ්‍ය පාලනය හිමි) ප්‍රබලයකු ලෙස සැලකෙන ගෞතම් අදානි, පසුගිය කාලය පුරා පක්ෂයේ බොහෝ කටයුතුවලට තම කැපකිරීම ඉටුකළේය. මෙවැනි ඉතා සංකීර්ණ වටපිටාවක් තිබියදී පසුගියදා ඩොලර් බිලියන 01ක පමණ වටිනාකමකින් යුත් සුළං විදුලිබල ව්‍යාපෘතිය ගෞතම් අදානිට අහිවි වී යෑම ඉදිරියේදී ශ්‍රී ලංකාවට යම් අර්බුදයක් උද්ගතවීමට ඉඩ ඇත. එසේ වන්නේ ඉන්දීය අගමැතිවරයා සහ ගෞතම් අදානි ප්‍රබල හිතවතුන් වීම හේතුවෙනි. මෙලෙස අදානි සමාගම වෙත ලබාදීමට නියමිතව තිබුණු එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පසුව මෙරට ටෙන්ඩර් පරිපාටිය පවා උල්ලංඝනය කරමින් මෙරට ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකුට ලබාදුන් බවට පසුගියදා සමගි ජන බලවේගයද චෝදනා කළේය. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර සිටියේ මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේදී දූෂණය සහ දේශපාලන බලපෑම් එල්ලවී ඇති බවයි. දූෂණය මුලිනුපුටා දමන බවට පොරොන්දු වෙමින් බලයට පත්වූ මෙම රජය දැන් එහි පූර්වගාමීන් වෙමින් දූෂිත ක්‍රියාවන්හිම නිරත වන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී සමහර පාර්ශ්ව අදහස් ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු අදානි සමාගමට ඉහත ව්‍යාපෘතිය ලබා නොදීම තුළින් මෙරට වත්මන් රජය සිතාමතාම තමන්ගේ අත පුච්චාගෙන තිබේද යන්නය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

එක මිටට කාන්තාවො පෝලිමේ ගිහින් ඡන්දෙ දුන් මාලිමා ආණ්ඩුවේ ඇමැති නලින් හේවගේ මීට පෙරත් කාන්තාවන්ට අපහාස කරලා! මේ රනිල්ගේ නෝනට කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

රෝහිණී කවිරත්නට ඇමැති නලින් කියපු කැත කතාවට අගමැති හරිනිත් විරුද්ධ වෙයි! අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න බෑ! නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.