• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ කාලේ එක තැන අලි 7ක් මැරුණා! රනිල්ගේ කාලෙත් එහෙමයි! සමූහ අලි මරණ රටට දෙන පණිවුඩය! Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාගේ කාලේ එක තැන අලි 7ක් මැරුණා! රනිල්ගේ කාලෙත් එහෙමයි! සමූහ අලි මරණ රටට දෙන පණිවුඩය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ඔබට විශේෂයෙන් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ දුම්රියේ ගැටීම නිසා දිනපතාම පාහේ සිදුවන වන අලි මරණ සම්බන්ධයෙනුයි. මීට ආසන්නතම සිදුවීම වාර්තා වෙන්නේ පසුගිය 19 වැනිදා මඩකළපුව ‘මීනගයා’ දුම්රියේ ගැටීමෙන් වන අලින් 6 දෙනකු මියයෑමයි. ඊට අමතරව අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තවත් අලියකු මේ ලිපිය ලියන මොහොතේදීත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටී. දුම්රියේ ගැටීමෙන් එම අලියාගේ ස්නායු පද්ධතියට සහ කොඳු ඇට පෙළට දැඩි හානි සිදුව ඇති බව වෛද්‍ය මතය වී තිබේ. Sri Lanka Latest News

දිගින් දිගටම සිදුවන මෙම වන අලි මරණ අවසන් වන්නේ කවදාද? අපේ රටේ සිටින අවසන් වන අලියාද මියගිය පසු මේ ඛේදවාචකය අවසන් වනු ඇති බවක් අපට හැඟෙයි. මෙම අනතුර සිදුවන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ පිවිසුම ආසන්නයේ ඇති 141 වැනි කණුව අසලදීය. යාබද පිහිටි වැවෙන් වතුර බී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම වන අලින් දුම්රියේ ගැටී අනතුරට පත්වන්නට ඇතැයි සිතිය හැකිය. මෙම ස්ථානයේ දුම්රිය මාර්ගය තනි කෙළින් පිහිටා තිබේ. එබැවින් ඈත සිටම අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන අයුරු දුම්රිය රියැදුරු නොදැක සිටිය නොහැකිය. ඔහු එම සතුන් නොදුටුවේ නම් ඒ මොහොතේ ඔහුට නින්ද ගොස් සිට ඇති බවට සැක කළ හැකිය.

එම දුම්රියේ ප්‍රධාන රියැදුරාගේ වයස අවුරුදු 60ක් පමණ වේ. ඔහුගේ ඇස් පෙනීමද පරීක්ෂාවට ලක්කළ යුතුය. මෙම දුම්රියේ සහායක රියැදුරකු සිටියාද නැද්ද යන්න ගැනද විමර්ශනයක් කළ යුතුය. එසේම දුම්රියේ අවම වේග සීමාව වන පැයට කිලෝමීටර් 25 ඉක්මවා එම දුම්රිය ධාවනය වූවාද යන්නද ගැටලුසහගතය. දුම්රිය දෙපාර්තමේන්තුවටත්, වනජීවී දෙපාර්තමේන්තුවටත් මෙය තවත් එක් අනතුරක් පමණකි. එහෙත් මෙම ඛේදවාචකයෙන් රටට අහිමි වූ වන අලි සම්පත ගැන කනගාටුවක් ඇත්තේ වනජීවීන්ට ඇලුම් කරන, පරිසරයට ආදරය කරන මිනිසුන්ට පමණය. දුම්රිය මාර්ගවල සිදුවන මෙවැනි අනතුරුවලට සහ වන අලි ඝාතනවලට එරෙහිව වනජීවී දෙපාර්තමේන්තුව නීතිමය පියවර නොගන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති වීම ඊට බලපා තිබේද?පිදුරුතලාගල කඳු මුදුනේ සිට පානම්පත්තුව වෙරළ දක්වා වපසරියක් ඇති පරිසර අමාත්‍යාංශයට හා ඇමැතිවරයාට වන සතුන් හා මෙරට ජෛව විවිධත්වය රැකගැනීමට අවශ්‍ය නීති රෙගුලාසි හැකි ඉක්මනින් සකස්කොට නීතිගත කළ යුතු බව අපගේ හැඟීමයි.

වසරක් දෙකක් තුළ මීනගයා දුම්රියට බිලිවූ සද්ධන්තයන්ගේ ප්‍රමාණය 30කට අධිකය. නීතිය ඉබි ගමනින් ක්‍රියාත්මක වී දුම්රිය නිලධාරීන් නිදොස් කොට නිදහස් වනු දැකිය හැකිය. වනජීවී නිලධාරීන් ඒ දෙස බලා සිටියි. වන අලි තිදෙනකුගෙන් යුත් රංචුවක් වැලිකන්ද ප්‍රදේශයේදී මියගියා. හබරණ එකෝ පාර්ක් ආසන්නයේදීද වන අලින් දෙදෙනකු අනතුරට ලක්ව මියගියා. මේ, මීනගයා දුම්රිය නිසා සිදුවූ වන අලි මරණ කීපයක් පමණකි. කැකිරාව පසුකළ විට දුම්රිය මාර්ගය වැටී ඇත්තේ වනාන්තරය මැදින්ය. එම වනාන්තරය මැදින් දුම්රිය ගමන් කළ යුතු වේග සීමාවක් පනවා තිබේ. වන අලියකු දුම්රිය මාර්ගය හරහා ගමන් කරනවා නම්, ඒ බව දුම්රිය රියැදුරුට දැනගැනීම සඳහා ලබාදී ඇති සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? වනජීවී නිලධාරීන් සහ දුම්රිය රියැදුරන් එක්ව සකස් කළ වැඩපිළිවෙළ අතරමග නතර වූයේ ඇයි? තව කොතෙක් කලක් මෙවැනි අනතුරු සිදුවන්නට ඉඩහැර බලධාරීන් කල්මරනු ඇද්ද? 2025 වසරේ මේ දක්වා ගතවූ දින 50 කාලය තුළ මියගිය වන අලින්ගේ සංඛ්‍යාව තවමත් ගණනය කර නැත. එය බොහෝ දුරට 15 ඉක්මවා ඇතැයි අනුමාන කළ හැකිය. රාත්‍රියේ ධාවනය කෙරෙන මීනගයා දුම්රියේ අවම මගීන් ප්‍රමාණයක්වත් නොමැතිව පාඩු ලබමින් ධාවනය වන පසුබිමක, රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට දායක වන වන අලින් එම දුම්රියේ ගැටී මරණයට පත්වීම සැබැවින්ම කනගාටුදායකය. මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කාරණාවකි.

දුම්රිය අනතුරුවලින් සේම වෙනත් හේතු කිහිපයක් නිසාද වන අලින් විශාල ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ මියගොස් තිබිණි. එම මරණවලට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන හෝ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැති බව කියන්නේ කනගාටුවෙනි. 2020 මුල් කාර්තුවේදී හිරිවඩුන්න වැව ඉස්මත්තේ පිහිටි තුණ්ඩිකුලම රක්ෂිතයේදී වන අලි හත් දෙනකු එකම තැනදී මියගොස් තිබිණි. එහෙත් ඒ වන අලින්ගේ මරණවලට බලපෑ නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ කරගෙන නැත. එසේම කවුඩුල්ල ජාතික වනෝද්‍යානය වාසභූමිය කරගෙන සිටි කෝලිය නම් කුඩා දළ ඇතාද හිටි හැටියේ අතුරුදන් වූයේ පසුගිය සමයේය. කෝලිය එසේ අතුරුදන් වී මාස කීපයකට පසුව උගේ මළ සිරුර සොයාගත්තද, අද වනතුරු එම මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කර නොමැති වීම ඛේදනීය තත්ත්වයකි. මෙවැනි තවත් අලි මරණ සිය ගණනක් ගැන පිටු ගණනක් වුවත් ලිවීමට තොරතුරු අප සතුව ඇතත්, ඒ කිසිවකින් බලධාරීන්ගේ ඇස් ඇරේයැයි විශ්වාස කළ නොහැකිය.

උතුරු දුම්රිය මාර්ගයේ හෝ මන්නාරම දුම්රිය මාර්ගයේ වනාන්තර මැදින් වැටී ඇති දුම්රිය මාර්ගවලදී මෙවැනි අනතුරු සිදු නොවන්නේ මන්ද? ඒ ගැනද සොයා බැලීමට කාලය එළඹ තිබේ. අලියා අපගේ ජෛව විවිධත්වයේ මූලිකයා වෙයි. අන්තිම අලියාද මියගිය පසු දශකයක් හෝ දෙකක් තාක්ෂණයේ මහිමයෙන් පාරිසරික සමබරතාව රැකගත හැකිය. අවසන් බිඟුවාද මියගිය දිනට පාරිසරික කළමනාකරණය නොවූ බව එදින සිටින අනාගත පරපුර තේරුම් ගෙන අපට සාප කරනු ඇත. මන්ද, එදිනට මේ ලිපිය ලියන මමත්, කියවන ඔබත් මේ මිහිතලය මත ජීවත් නොවන නිසාය.

මෙම වන අලි මරණවල වගකීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිසේත් ගැලවිය නොහැකිය. එබැවින් තරාතිරම නොබලා එම වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් දිනපතාම පාහේ දුම්රියවල ගැටී සිදුවන වන අලි මරණ සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ලිවීමට අපට සිදුවනු ඇති බව ඉතා කනගාටුවෙන් යුතුව සටහන් කොට තබමි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

රෝහණ බණ්ඩාර කිව්වේ සහතික ඇත්ත! ගණේමුල්ල සංජීවට උසාවිය ඇතුළෙ වෙඩි තියනවා කියලා බුද්ධි අංශ කලින්ම වාර්තා කරලා! පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේ පිළිගත්තා! එතකොට උසාවියක් ඇතුළෙම මැරුවෙ කොහොමද? Sri Lanka Latest News

Next Post

සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? රටම ගැස්සුණු උසාවියෙ වෙඩි හඬ දිගේ ‘මව්රට’ කරන විශේෂ හෙළිදරව්ව! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.