• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

AKDට පුළුවන්ද NMව පෙරළන්න? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

February 22, 2025
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
AKDට පුළුවන්ද NMව පෙරළන්න? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අනුරගේ අයවැය අහන්න මම නිවාඩුවකුත් දැම්මා. මට මතක් වුණේ 1970 හවුල් ආණ්ඩුව හදලා මුදල් ඇමැති වුණු ඇන්.ඇම්. ගෙනාපු අයවැය. අපි එදත් ඒ අයවැය අහන්න පිස්සුවෙන් හිටියේ. මොකද 1970 ආණ්ඩුව ආවේ ලංකාවට සමාජවාදී රාජ්‍යයක් කරා යන ගමන පටන්ගන්න. අපි එදා බලාගෙන හිටියේ ඇන්.ඇම්. ඒ ගමනට අත්තිවාරම දමන්න සිමෙන්නි අනන හැටි…’
මේ, පරණ වාමාංශිකයෙක් කී කතාවක්ය.Sri Lanka Latest News

‘ඉතින් ඇන්.ඇම්.ගෙයි අනුරගෙයි බජට් දෙක එක වගේද…?’

පරණ වාමාංශිකයාගෙන් ඔහුගේ මිතුරා ඇසුවේය.

‘ඇන්.ඇම්. අපි හිතපු විදියට ඒ අත්තිවාරම දැම්මෙ නැහැ. ඔහු ඒක කරන්න බැරිවුණු හේතුත් ඉදිරිපත් කළා. හැබැයි අනුරගේ බජට් එක ලංකාව ධනවාදී රාජ්‍යයක් කරන්න ජේ.ආර්. දමපු අත්තිවාරමේ පිපිරීම් පුරුද්දපු බජට් එකක්…’

වාමාංශිකයා කීවේ දැඩි කනස්සල්ලකින්ය.

ඔහු කීවා හරිය. 1970 ඇන්.ඇම්.ලා කොල්වින්ලා බලය ඉල්ලුවේ ලංකාව සමාජවාදී රාජ්‍යයක් කරා ගෙනයන්නය. ඒ වෙලාවේ ඔවුන්ගේ කතාවලට ජනතා විමුක්ති පෙරමුණත් හිටියේ වහවැටිලාය. 1970 ඇන්.ඇම්.ලාගේ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන එන්න ජවිපෙ දරදිය ඇද්දේය. ඔවුහු ගම්වල බැහැලා වැඩ කළහ.

ජවිපෙත් දරදිය ඇදලා ගෙන ආපු ඇන්.ඇම්.ලාගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය ඉදිරිපත් කරමින් මෙලෙස කීවේය.

‘පොඩි හිඟන්නන්ට ලොකු තේරීම් කරන්න බැහැ…’
හැන්සාර්ඩ්
පිටුව 33

ඇන්.ඇම්. මේ කතාව කිව්වේ කලින් ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම් ඉදිරිපත් කරමින් ඉන් ලංකාවේ ආර්ථිකයට සිදුවූ හානිය විස්තර කරමින්ය. ඔහු කීවේ ඩඩ්ලිගේ යූ.ඇන්.පී. ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ගත් ණය ගෙවන්නත් කොන්දේසි ඉටුකරන්නත් අකැමැත්තෙන් වුවත් සිදුවෙනවා කියාය. ඔහු එහෙම කියලා අත පිසදමා ගත්තේ නැත. ඔහු 1970 සමගි පෙරමුණට ලැබුණු ජනවරම හොඳින් තේරුම් ගෙන ලංකාවේ ඉහළ ප්‍රභූ පන්තියට සහ ඉහළ මධ්‍යම පන්තියට අයවැය යෝජනාවලින් ඇඬෙන්න පහර දුන්නේය. ඔහු ඔවුන් සඳහා නව බදු හඳුන්වා දුන්නේය. ඔවුන්ට ගහන බදු වැඩි කළේය. ප්‍රාග්ධන බද්දක් අය කළේය. ආදායම් සීමා පැනවීය. අනිවාර්ය ඉතිරිකිරීම් ක්‍රමයක් ඇති කළේය. නිවාස සහ ඉඩම් අයිතිය පිළිබඳ උපරිමයක් ඇතිකළේය.

ඒත් ඇන්.ඇම්.ගේ මේ අයවැයට ජවිපෙ එකඟ නොවීය. සමාජවාදී රාජ්‍යයක් හදන බවට පොරොන්දු වී ධනපති ක්‍රමය ආරක්ෂා කරනවා කියා ජවිපෙ තරුණ තරුණියන් උසිගැන්වූයේය. ඔවුන්ට ආයුධ දී ඇන්.ඇම්.ලාගේ ආණ්ඩුව විප්ලවයකින් පෙරළාදමා සමාජවාදී රජයක් බිහිකරන්න කැරැලි ගැසුවේය.

‘සමාජවාදයට යන්න ෂෝට්කට් නැහැ…’

මේ, ජවිපෙ කැරැල්ල ඉවසාගත නොහැකිව ඇන්.ඇම්. ජවිපෙට දුන්න උපදෙස්ය. ජවිපෙ තමන් යළිත් ඇන්.ඇම්.ලාට රැවැටෙන්න සූදානම් නැහැ කියා 1971 කැරැල්ල දියත් කළේය.
අනුර කුමාරව ජනාධිපති කළේත් මේ ජවිපෙය. අනුර 2022 ජනවාරි 02 ‘මව්බිම’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙලෙස කීවේය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ගොඩගිය කිසිම රටක් නැහැ. අද ජනප්‍රියම ප්‍රවේශය බවට පත්වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුයි කියන එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හරහා අනිවාර්යයෙන් කොන්දේසි ගණනාවක් තියෙනවා….’
අනුර කුමාර දිසානායක
2022.01.02
‘මව්බිම’

මෙහෙම කියපු අනුර පසුගියදා ඉදිරිපත් කළේ රනිල් අයි.එම්.එෆ්. එකත් එක්ක අස්සන් කරපු ගිවිසුමට අනුව ඒ ගිවිසුම සකස් කරද්දී හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති නන්දලාල් සමග එක්ව හදපු අයවැයකි.

ඇන්.ඇම්. අයවැය කතාවේදී අයි.එම්.එෆ්. එකත් සමග ඩඩ්ලිගේ ආණ්ඩුව අස්සන් කළ ගිවිසුම් පෙන්වා එහි විපාක පෙන්වා අයවැය ඉදිරිපත් කළත් අනුර අයි.එම්.එෆ්. එකට එරෙහිව වචනයක්වත් කීවේ නැත. ඇන්.ඇම්. වගේ ඔහු ධනපතියන්ට බදු ගැහුවේත් නැත. රනිල් සමග අයි.එම්.එෆ්. ගිවිසුම අස්සන් කරද්දී ධන බද්දක් 2025 පනවන්න අයි.එම්.එෆ්. යෝජනා කර තිබුණත් අනුර එය ක්‍රියාත්මක කළේත් නැත.

‘එතකොට මේ බජට් එක හදලා තියෙන්නේ ධනපතියන්ටද…?’

අනුරගේ ආර්ථික උපදේශකයන් අනුරගේ ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවලට පත්කළ සභාපතිවරු, අධ්‍යක්ෂවරු ඔක්කොම බිස්නස්කාරයන්ය. ඔවුන් ගෝඨාගේ ආණ්ඩුවටත්, රනිල්ගේ ආණ්ඩුවටත් උපදෙස් දුන්න, ඒ ආණ්ඩුවල සභාපතිකම්, අධ්‍යක්ෂ මණ්ඩල, උපදේශක මණ්ඩලවල හිටපු සාමාජිකයන්ය. මේ අයවැය හදලා තියෙන්නේ ඔවුන්ටය. ඇන්.ඇම්. අයවැය හැදුවේ යූ.ඇන්.පී. ආණ්ඩුවලින් ධනපතියන් වූ ව්‍යාපාරිකයන්ට බදු ගහලා ඒ සල්ලිවලින් දුප්පත් මිනිසුන්ට සහන දෙන්නටය. ඔහු බය නැතිව ඇමෙරිකාව ඇතුළු ලොව බලවත්ම රටවල බහුජාතික සමාගම්වලට බදු පිට බදු ගැහුවේය.

‘අයි.එම්.එෆ්. ගිවිසුම කඩන්න බැරි නම්, අයි.එම්.එෆ්. ගිවිසුම නොකඩා අනුර ඇයි ඒ විදියට බදු ගැහුවෙ නැත්තේ…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. අනුර හිතනවා ඇත්තේ ධනපතියන්ට බදු ගැහුවොත් ධනපතියන් ඇවිස්සී ආණ්ඩුව පෙරළන්න සල්ලි වීසි කරයි කියා විය යුතුය. හැබැයි ආණ්ඩු වැටෙන්නේ ව්‍යාපාරිකයෝ සල්ලි වීසි කරනකොට නොවේ. ලංකාවේ ව්‍යාපාරිකයන් රනිල්ගේ ආණ්ඩුව සමග සිටියේ ප්‍රීතියෙන් ඉපිල ගිහිල්ලාය. වෙනකක් තබා ඔවුන් රනිල්ගේ ආණ්ඩුවට එකතු වෙන්න කියා විපක්ෂය වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ටත් සල්ලි වීසි කළේය. ව්‍යාපාරිකයෝ රනිල්ගේ ආණ්ඩුව කොයි තරම් ආරක්ෂා කළත් ඒ ආණ්ඩුව වැට්ටුවේ මහජනතාවය.

ඒත් ජවිපෙ ආණ්ඩුව හිතන්නේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් තමන් ලොකු හපන්කමක් කරනවා කියාය. නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ අයවැය විවාදයේදී සමගි ජන බලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වාට කෝචොක් කළේ මෙන්න මේ සින්දුව කියලාය.

‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා…
මගේම කලිසම අගේට ඇඳගෙන
උගේ වගේ යනවා…’

ඔහු මේ ගීය උපුටා දක්වමින් කීවේ රනිල්ලාගේ හර්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්ති තමන් අකුරටම ක්‍රියාත්මක කරන නිසා හර්ෂලා දැන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා කියාය.

2019දී ගෝඨාට ලක්ෂ 69ක් ඡන්දය දුන්න මිනිස්සු 2024 ඒ ලක්ෂ 69 ලක්ෂ 3ට බැස්සුවේ පොහොට්ටුව ජේ.ආර්.ගේ බෑණා රනිල්ගේ ආරක්ෂකයා වෙන්න ගිය නිසාය. අනුර, රනිල්ගේ බෑණා වෙන්න ගියොත් ජවිපෙට ඡන්දය දුන්න ලක්ෂ 68 මොනවා කරයිද කියා දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෝච්චියේ අලි හැප්පිල්ල නවත්වන්න බිමල්ගෙන් විසඳුමක්! රොකට් සයන්ස් නෑ! අලි ඉන්නවා නම් ගමේ අය ස්ටේෂන් මාස්ටර්ට කෝල් එකක් දෙන්න! ඒ අය කෝච්චි ඩ්‍රයිවර්ට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දරුවාගේ ශිෂ්‍යත්වයට හයියක් වෙන්න ඉස්කෝලේ සුළු සේවිකාවක් වෙච්ච ගාල්ලේ අම්මා උසස් පෙළ කරලා උපාධියකුත් ගත්තා! සයමස් ගැබිණියක් වෙච්ච යාපනේ සහකාර ලේකම්වරිය දරු ගැබත් එක්කම සියදිවි සනාගත්තා! උතුරෙයි දකුණෙයි අම්මලා දෙන්නගේ වෙනස් කතා දෙකක්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.