වන අලි දුම්රිය මාර්ගවලදී මිය යෑම සම්බන්ධයෙන් අඩු වියදම් සැලසුමක් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.Sri Lanka Latest News
ඔහු පෙන්වා දෙන්නේ මෙම විසඳුම කාලයක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවට ගෙන තිබුණත් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන නැති බවය.
ඔහු පෙන්වා දෙන්නේ ගුවන් පාලම් වැනි අධි වියදම් යෝජනා ක්‍රම පසුව සලකා බැලීමට ඉඩ තබා මෙම මෙම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවයි.
ඒ අනුව දුම්රිය මාර්ග ආසන්න අලි ගැවසෙන්නේ නම් එම ආසන්න ගම්මානවල වැසියන්ට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දුරකථන ඇමතුමක් හරහා දැනුම් දී යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපති එම මාර්ගයේ ගමන් කරන දුම්රියවල රියදුරන්ට ඒවා දැනුම් දීමෙන් වන අලි මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකි බවද ඔහු පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.










