• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති අනුරගේ අයවැයට විපක්ෂනායක සජිත් උත්තර දෙයි! අනතුරු අඟවයි! වැටෙන තැන් පෙන්වයි! හරි මගත් කියයි! හංගපු තැනුත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

February 21, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 අයවැය ගැන සාකච්ඡා කරන විට මේ අයවැය තුළින් රටට ලබා දී ඇති විසදුම හා උත්තර ගැන විශ්ලේෂණය කරන විට මෙවැනි අයවැයක් ක්‍රියාත්මක කරන්න ලැබූ වරම සහ එම වරම ක්‍රියාත්මක කිරීම ගැන සංසදනයක් කළ යුතු බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රට අනුරට කියා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවේ ඇති ගුණාංග අයවැයේ තිබේ ද කියා බැලීමේ දී පොරොන්දු වූ ආකාරයට ලබා ගත් වරමට සරිලන ආකාරයට මේ අයවැය නිර්මාණය නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජයේ අයවැය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති මාලාවේ 105 වැනි පිටුවට අනුව විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් නිර්මාණය කරනවා යැයි සදහන් වුවත් ඒ පොරොන්දුව බැහැර කර අද වන විට ජනතාව මත අසීමිත පීඩනයක් අසහනයක් පටවන ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ සීමා කෙරෙන 2024 මූල්‍ය කළමනාකරන පනතට අනුව ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ 13%ට සීමා කර ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදතයේ 2.3%ට සීමා කර ඇති බවත් එවැනි සීමා කර ඇත්තේ ලෝකයේම රටවල් 10ක පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා රජයේ මැතිවරණ පොරොන්දුවක් නොවන බවත් මේවා මැතිවරණයෙන් ලැබූ ජනවරම ක්‍රියාත්මක කිරීමක් නොවන ජනවරම පාවා දීමක් ජනවරම විනාශ කිරීමක් බවත් කියූ දේවල් සියල්ල අමතක කර කටයුතු කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අයි එම් එෆ් එකගතාව ජාත්‍යන්තර බැදුම්කර එකගතාව දැඩි ලෙස පීඩාකාරී අසහනකාරී ගිවිසුමක් බවත් අයි එම් එෆ් වැඩපිලිවෙළින් ඉවත් නොවී වඩාත් ජනතාවාදී මානුෂීයවාදී ජනතාවගේ පැත්තෙන් සිතා බලා නව ගමනකට යා යුතු වුවත් රජයේ මේ සීමා නිසා බාහිරතාවලට අදාල නිවැරදි කිරීම් කළ නොහැකිව සමාජ පිරිවැයක් නිර්මාණය වී ඇති බවත් රජයක වගකීම වන්නේ පොදු භාණ්ඩ සැපයීම වුවත් එයටද මේ සීමා බාධා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි සීමා කිරීම් රටක දියුණුවට අගතිගාමී සෘණාත්මක බලපෑමක් වුවත් පැහැදිලිවම රජය මේ සියල්ල අමතක කර ඇති බවත් එදා මේ ගිවිසුම් වෙනස් කරනවා කිව්වත් ඒවා අමතක කර ජනතා වරමින් ලබා ගත් වත්මන් රජය එම ජනවරම සම්පූර්ණයෙන්ම පාවා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේක ජනවරම පාවා දීමක්

වැටුප් වැඩි වූවාද දීමනාවලට මොකද වුනේ කියා ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් සොච්චම් ප්‍රමානයක් පමණක් රට ගොඩනගන්න ලැබී ඇති බවත් තමාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමු වූ අවස්ථාවේ පවා අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන බව පැවසූ බවත් ඔවුන් කියන කියන පදයට නටන්න නම් සමගි ජන බලවේගය සූදානම් නොවූවත් වත්මන් ජනාධිපතිවරයා එදා මැතිවරණ වේදිකාවේ කියූ දේවල් සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාකච්ඡා කළ ගිවිසුම බාර ගෙන ජනවරම පාවා දී ජනතාව අන්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ගිවිසුමම ක්‍රියාත්මක කරන්නේ ඇයි ?

රට වෙනුවෙන් මීට වඩා වාසිදායක ගිවිසුමකට යා හැකිව තිබූ බවත් පීඩනය අවම කිරිමට හැකියාවක් තිබූ බවත් මේවාට යම් විසදුමක් දෙන්න හැකියාව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකග වූ අවබෝධතා බැහැර කර වඩාත් මානුෂීය වැඩපිළිවෙළකට ප්‍රවේශ වෙන්න හැකියාව තිබු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2028 ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය ඉහළට ගෙන රාජ්‍ය ආදායම ඉහළට ගෙන ආ යුතු බවයි.

මෙහෙම ගියොත් ආර්ථිකය විනාශයි

1975 සිට මේ දක්වා අයි එම් එෆ් ගිවිසුම් රටවල් 75 ක්‍රියාත්මක වූ බවත් ඒ අතරින් 59%ක් නැවත දෙවැනි තුන්වැනි සිව්වැනි ගිවිසුම්වලට ගොස් ඇති බවත් මෙය රටේ ජනතාවට නොකියන දෙයක් බවත් රටවල් 41%ක් පමණක් ක්‍රියාත්මක වී ඇති බවත් මේ තත්ත්වය රටට අත් වුවහොත් රටේ ආර්ථීකය විනාශ වීමක් බවත් නමුත් අද වන විට ණය තිරසරකරණ රේඛාවෙන් පවා අප රට බැහැර වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් නිවැරදි ගිවිසුමකට යන්න

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මහමැතිවරණ ඒමට මාස 2ක කාලය තුළ අයි එම් එෆ් එක සමග සාකච්ඡා කර නව ගිවිසුමකට යා යුතුව තිබුණත් නොගිය බවත් එම නිසා දැන්වත් ගිවිසුමකට යන ලෙසත් මේ ආර්ථික වර්ධන ඉලක්ක යථාර්ථවාදී නොවන නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් මේ යන්නේ රට අමාරු තැනකට බවත් මින් අසහනයට පීඩනයට පත් වන්නේ රටේ ජනතාව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවක අපේක්ෂා භංග වෙලා

ගුරු විදුහල්පති, පවුල් සෞඛ්‍ය සේවා වෛද්‍ය මෙන්ම රාජ්‍ය සේවයේ බරපතල ව්‍යාකූලත්වයක් මතුව තිබෙන බවත් රජයට පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම් දෙන්න නොහැකි වී ඇති බවත් ප්‍රාථමික ශේෂය සීමා කිරීම නිසා මෙය සිදුව ඇති බවත් මේ නිසා රටට අනුරට ප්‍රතිපත්තිය පවා ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බවත් ආණ්ඩුවම හිරකාරයෙක් වී ඇති බවත් මේ නිසා වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලැබුණු 15% පොලිය පවා අඩු කර ඇති බවත් මේ නිසා ලක්ෂ සංඛ්‍යාත වැඩිහිටියන්ට ගැටලුවක් බවත් ගර්භනී මව්වරුන්ට පෝෂණ සලාක දුන්නාට ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 33%ක් බවත් එය 45%ක්වත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝඨා මහින්ද ක්‍රමයයි මේ ක්‍රියාත්මක වෙන්නේ

වත්මන් රජයෙන් නම් ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් ගෝඨාභය මහින්ද රාජපක්ෂ ක්‍රමය වෙන් වී ඇති බවත් රජයේ අභිමතය පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් මේවා ගෝඨාගේ මහින්දගේ ක්‍රමය බවත් ඊට අමතරව බරපතල දේශපාලන පළිගැනීම් සිදුවන බවත් දිසාපතිවරු පවා ඉවත් කරන තැනට රජය පත් වී ඇති බවත් මේ පළිගැනීම් නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හොද දේට අපේත් සහාය තිබෙනවා

මේ අයවැය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් එසේම ජනතාවාදි ජනහිතකාමී ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න සහාය දෙන බවත් විමද්‍යගත මුදල් ලබා දෙන විට හරියට දෙන ලෙසත් මේ රජයට බාහිර පරිසරය ගැන කිසිදු අවබෝධයක් නොමැති බවත් ලෝකයේ වෙන දේවල් ගැන පවා රජයට අවබෝධයක් නොමැති බවත් මේ වන විට අපනයන වෙලෙදපොළ විවිධාංගීකරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ITC රත්නදීප හෝටලයේ තිබ්බ නවෝත්පාදන සමුලුවට අනුර එක්වෙයි! ක්ෂේත්‍රයේ සම තරගකරුවෙක් නොවන ලංකාව සම තරගකරුවෙක් කරන වැඩපිළිවෙළ දියත් කර ඇති බව රටට කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අයවැය ගැන ආචාර්ය මහාචාර්යවරු බය හිතෙන කතානෙ කියන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.