ආණ්ඩුව මැතිවරණ සමයේදී රටට පොරොන්දු වූ පරිදි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් අද දින අධිකරණය තුළ සිදුවූ ඝාතනයේ වගකීම බාරගෙන ඊට වගකිවයුතු සියලු තනතුරු දරන්නන් ඉල්ලා අස්විය යුතු බව සිවිල් සංවිධානවල මතය වී තිබේ.Sri Lanka Latest News
මීට පෙර අධිකරණ පරිශ්‍රයන්හිදී වෙඩි තබා ඝාකනය කිරීම් සිදුව තිබුණද උසාවිය තුළ නඩුව අසන අවස්ථාවේදී විත්ති කූඩුව තුළදීම පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ පළමු අවස්ථාව මෙය වේ.
සාමාන්‍යයෙන් මෙවැනි බරපතළ සිදුවීමක් වෙනත් රටක සිදුවූයේ නම් එහි වගකීම බාරගෙන ඊට අදාළ වගකිවයුත්තන් ඉල්ලා අස්වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
එවැනි සිදුවීම්වලට උදාහරණයන්ද බොහෝ වේ.
නමුත් ලංකාවේදී ඒ අයුරින් වගකීම බාරගෙන ඇමැතිවරු හෝ නිලධාරීන් ඉල්ලා අස්වූ සිදුවීම් විරලය.
මෑත ඉතිහාසයේ නම් මහබැංකු බැදුම්කර සිද්ධියේදී එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වගකීම බාරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන බවට පොරොන්දු දී බලයට පත්වූ බැවින් මේ අවස්ථාවේදී මෙම බරපතළ සිද්ධියේද වගකීම බාරගෙන සිය තනතුරුවලින් ඉල්ලා අස්වී රටට ආදර්ශයක් ලබා දීමට ඇමැතිවරුන් සහ නිලධාරීන් පියවර ගත යුතු බවකි.
විශේෂයෙන්ම හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය තනතුර සම්බන්ධ සිද්ධියේදී ඒ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ සිද්ධිය හොද උදාහරණයක් බවද ඔවුහු පෙන්වා දෙති.










