මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණි මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩිතබා තිබුණි.
එම වෙඩිතැබීමෙන් යතුරුදියේ ගමන්කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත.
යතුරුපැදියේ ගමන්කළ මරණකරුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති අතර දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 39 ක් හා දියණිය වයස අවුරුදු 06 ක් පමණ වන ගල්පොත්ත පාර ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම වෙඩිතැබීම සඳහා ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.










