හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.Sri Lanka Latest News
ඒ ඔමානයේ පැවැත්වෙන 8වන ඉන්දීය සාගර සමුළුව අතරතුරදීයි.මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටියි.
එහිදී ඉන්දියානු සාගර කලාපයේ ද්විපාර්ශවික සහ බහුපාර්ශවික හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
එමෙන්ම කලාපීය සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වූ බව වාර්තා වේ.











