එජාප-සජබ සන්ධානයක් ඇතිවන්නේ නම් එහි නායකයා වෙන කවුරුවත් නොව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පසුගිය මහමැතිවරණයේදී ලක්ෂ 19ක් සජබයට ඡන්ද ලැබුණු බවත්, ඒ හරහා මන්ත්‍රීවරු 40ක් පාර්ලිමේන්තුවට සජබෙන් තේරී පත්ව ඇති බවත්ය.
එමෙන්ම සන්ධාන සාකච්ඡා හරහා සජබ පාක්ෂිකයන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද සජබ මහලේකම්වරයා කීය.










