• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුණෑගලදී රජවුණු – සුද්දො සමූලඝාතනය කරපු – සිංහලයොම පාවා දීලා හතරට පළලා හතර කොනේ එල්ලපු – හතරකෝරළේ රජකම් කරපු – වීදිපැල්ලේ මහ රජ්ජුරුවෝ! Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කුරුණෑගලදී රජවුණු – සුද්දො සමූලඝාතනය කරපු – සිංහලයොම පාවා දීලා හතරට පළලා හතර කොනේ එල්ලපු – හතරකෝරළේ රජකම් කරපු – වීදිපැල්ලේ මහ රජ්ජුරුවෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉර ගිනිගත්ත මහ දවල් වෙලාව 11.37යි. තැන කුරුණෑගල ලුණුකඩවැල්ල රජමහා විහාරය. මහ පිරිසක් නොහිටියට ඒක මහ රාජකීය උත්සවයක්. ඈත කඳු පන්ති අස්සෙන් එහෙන් මෙහෙන් එබිකම් කරලා ඇවිල්ලා යන හුළඟ විතරක් දැනගෙන හිටිය රහස් ලණුකඩවැල්ල පන්සලේ වැලි මළුවේ සිද්ධ වෙමින් තිබුණා. ආඳා ගලට, ඇතා ගලට වහං වෙච්ච සිංහලකම, අපේකම ලුණුකඩවැල්ලෙදී ආයෙත් නැගිටින වග ධම්මදස්සි හාමුදුරුවෝ අනිත් මිනිස්සුන්ට කිව්වා. පිළිමතලව්වේ ධම්මදස්සී නායක හාමුදුරුවෝ මේගත්තේ මරණයෙන් වන්දි ගෙවන්න වෙන මහා දරුණු තීරණයක්. මේක හැම එකා එකීම දැන උන්නා. පිළිමතලව්වේ ධම්මදස්සී හාමුදුරුවෝ මේ කතාව උන්ට කිව්වා. ‘මේ උඹලගේ රට’ කිව්වා. ‘උඹලගේ රට රකින්න උඹලට නායකයෙක් ඕනේ’ කියලා උන්වහන්සේ කිව්වා. හැබැයි එදා වෙච්ච දේ ඒ වෙනකොටත් ලංකාව පාලනය කරමින් හිටපු ඉංග්‍රීසීන් දැනගෙන හිටියේ නෑ. ඌව පළාත, හඟුරන්කෙත, දුම්බර, හාරිස්පත්තුව, කුරුණෑගල, පුත්තලම ප්‍රමුඛ සතර කෝරලයේ රජ්ජුරුවෝ විදියට එදා හඟුරන්කෙත ඩිංගිරාළ කියන හාදයා වීදිපැල්ලේ බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වුණා. අපි හැමදාම අපේ අන්තිම රජ්ජුරුවෝ විදියට හඳුන්වන නාම ගෝත්‍රවලට අමතරව වීදිපැල්ලේ බණ්ඩාර රජ්ජුරුවන්ගේ නම අදින් පස්සේ අපි ජනගත කරන්න අවශ්‍යයි. එහෙම නොකරන්න හේතුවක් නෑ. අපි උන්නැහේගේ රජකම පිළිනොගන්නේ ඉංග්‍රීසීන්ට තියෙන පරගැතික හින්දා. ඉංග්‍රීසි ආණ්ඩුවයි කිව්වේ මේ වීදිපැල්ලේ බණ්ඩාර රජ්ජුරුවන්ගේ ඔටුනු පෑලඳිල්ල පිළිගන්න බෑ කියලා. උන් නොකිව්වා නම් මේකා අපේ රජ්ජුරුවෝ විදියට පිළිගන්න සිද්ධ වෙනවා. Sri Lanka Latest News

මහනුවර තිබිච්ච රාජ්‍යත්වයට අභියෝග කරලා සුද්දෝ මහ රජ්ජුරුවන්ව අල්ලලා කූඩු කරලා රටින් පිටුවහල් කරලා උන්ගේ බලපරාක්‍රමය මහනුවර පෙන්නනකොට අපේ රටේ නිලමෙලා මහ එවුන්ගේ දංකුඩ හූරං කනකොට උන්ට බයේ තැන් තැන්වල හැංගිමුත්තන් සෙල්ලම් කරනකොට මේ හතර කෝරළයේ මහ රජ්ජුරුවෝ වීදිපැල්ලේ බණ්ඩාර නමින් රජකමට පත්කෙරෙව්වේ පිළිමතලව්වේ ධම්මදස්සි හාමුදුරුවොයි, ඒ වටේ හිටපු අපේ මහා සිංහල බළකායයි.

හතර කෝරළේ ඩිංගිරාළගේ රාජ සභාවේ මහාධිකාරම්ලා, අධිකාරම්ලා, දිසාවලා, රටේ මහත්තයලා වගේ උඩරට රජවාසලේ තිබිච්ච තනතුරු තාන්නමාන්න සියල්ලක්ම තිබුණා. මේක රහසින් කරලා ඉවර වුණාට පස්සෙයි මහා අධිරාජ්‍යයක් වෙච්ච ඉංග්‍රීසීන්ට මේ කයිකතන්දරය ආරංචි වෙන්න පටන්ගත්තේ. හැම එකාම හිතාන උන්නේ ඉංග්‍රීසින්ට කොරන්න බැරි කෙරුවාවක් නෑ කියලා. ඒත් ඉර නොබහිනා අධිරාජ්‍යයේ මහ එවුන්ට නොදැන කුරුණෑගල ලුණුකඩවැල්ල පන්සලේදී අපේ රජෙක් රජවුණා.

ඔන්න ඕක තමයි සිංහල ඉතිහාස පොතේ ලියැවෙන අන්තිම රාජාභිෂේක උත්සවය. මේ රාජාභිෂේකයෙන් පස්සේ වීදිපැල්ලේ බණ්ඩාර රජ්ජුරුවෝ යටතේ සේනා කඳවුරු සංවිධාන කරලා ඉංග්‍රීසින්ට පන්න පන්න ගහන්න පටන් අරගත්තා. 1948 ජූලි මාසේ 30 වැනිදා කුරුණෑගල නගරයට පහරදීම සැලසුම් කිරීම මේ රජු යටතේ සිදුවෙච්ච පළමු වැඩේ. ඒක සාර්ථක පහරදීමක් විදියට තමයි ඉතිහාස පතපොතේ සඳහන් වෙලා තියෙන්නේ. නගරේ හිටපු සුද්දන්ව සීසීකඩ කරලා එළවලා දාලා ඉංග්‍රීසි සෙබළුන් පිරිසක් මරලා දාන්න තරම් මේ කණ්ඩායම දක්ෂ විදියට සටන් කළා කියලා කියනවා.

බඩගමුව මහා වනාන්තරය ඔබ දැකලා ඇති. කුරුණෑගල ඉඳලා දඹුල්ල පාරේ යනකොට මුණගැහෙන මුල්ම වනාන්තරය. මේ බඩගමුව මහ වනයේ කඳවුරු බැඳගෙන ඉඳලා ආයුධ සන්නද්ධව සටන් පෙරමුණ සංවිධාන කරපු සිංහල රණකාමීන් 1,500කට වැඩි පිරිසක් වීදිපැල්ලේ මහ රජ්ජුරුවොත් එක්ක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ මාතලේ වාරියපොලට ගිහිල්ලා වාරියපොල කෝපි වතු යායට ගිනිතියලා විනාශ කරලා ඉංග්‍රීසින්ව බය විරාන්ත කරන්න සමත් වුණු බවත් ඉතිහාසයේ කියැවෙනවා. ඒකට නායකත්වය දීලා තියෙන්නේ ගොංගාලේගොඩ බණ්ඩා. මේ පහරදීම් එක්ක, මේ ගිනිතැබීම් එක්ක, මේ රාජාභිෂේකයත් එක්ක එවක සිංහල රට අල්ලගෙන හිටපු පරදේශක්කාරයන්ගේ ආණ්ඩුකාරයා වෙච්ච ටොරින්ටන් බොහොම බියට පත්වුණා කියලා කියනවා. ඒ නිසාම ටොරින්ටන්ලා කුරුණෑගලට යුද නීතිය ප්‍රකාශයට පත්කරනවා. මේත් එක්කම ඔවුන් ගාව තියෙන සියලු අවි ආයුධත් අරගෙන කුරූණෑගලට එන වියරු වැටිච්ච ඉංග්‍රීසි හමුදාව මරුවිකල්ලෙන් හොයන්නේ අපේ වීදිපැල්ලේ කුමාරයාව. වීදිපැල්ලේ සොයාගෙන ආපු සටන් බිමේදී පුරන්අප්පුව ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වුණා. ඒක සිංහලේ කෙරුවාව කෙළවරක් කරන්න කරපු මහා වීරකමක් විදියට හිතලා සුද්දෝ මේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මහා සාද සංවිධාන කළා කියලා කියනවා.

මර්දනය දරාගන්න බරුව ගිය තැන ගොංගාලේගොඩ බණ්ඩා සහ ඔහුගේ සහෝදරයා පලායන්න තීරණය කරනවා. හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාට වීරයෙක් විදියට මැරෙන්න වෙන්නේ නෑ. ඔහු අත්අඩංගුවට පත්වෙච්ච වෙලාවේ සමාව ඉල්ලලා දුන්න ලියමන හින්දා ඔහුව මලක්කාවට පිටුවහල් කරලා කතන්දරේ ඉවර වෙනවා. මලක්කාවට පිටුවහල් කරන්නේ නිකන්ම නෙවෙයි. කස පහර සීයක් දීලා. මැරෙන තුරුම ආයෙත් මේ මහ පොළොව දිහා බලන්නවත් වරම් නැතුව ගොංගාලේගොඩ බණ්ඩා යන්න යනවා. එතකොටත් පුරන් අප්පුමරලා දාලා ඉවරයි. ඔහුව මරන්නේ වෙඩිතියලා. පුරන්අප්පුගේ මරණින් පස්සේ ඩිංගිරාළගේ අත පහ දෙක අහිමි වුණා වගේ දැනෙනවා. එක පැත්තකින් පුරන්අප්පුව අහිමි වෙනවා. අනෙක් පැත්තෙන් ගොංගාලේගොඩ බණ්ඩාව අහිමි වෙනවා. ඒත් එක්කම සුද්දෝ තනිවෙච්ච වීදිපැල්ලේ රජ්ජුරුවන්ව හොයාගෙන අපේකම පාවාදුන්නු පරදේශක්කාරයන්ගේ යකඩ සපත්තු ලෙවකන සිංහලයෙක්ගේ නායකත්වයෙන් කණ්ඩායමක් එවනවා. උන්දෑ තමයි දොරටියාවේ නිලමේ.

කපිතාන් මැක්ඩොනල්ඩ් දොරටියාවේ නිලමේ පිටත් කරලා එවලා ටික දවසකින්ම බම්බා විහාරයේ හැංගිලා හිටපු ඩිංගිරාළව උපක්‍රමයකින් අත්අඩංගුවට ගන්නවා. අපේකම පාවාදුන්නු හිකනලෙක්ගේ අවස්ථාවාදීකම ඉස්සරහා මේ අපේ මහ රජ්ජුරුවෝ අත්අඩංගුවට පත්වෙනවා. ඩිංගිරාළ රාජ්‍යද්‍රෝහියෙක් විදියට ඒ වෙද්දිත් නම්කරලා ඉවරයි. මහ රැජිනගේ ආණ්ඩුව බිඳදැමීම ඇතුළු චෝදනා ගොඩකට වැරැදිකරු වෙනවා. ඔහුව ඉංග්‍රීසි අධිකරණය ඉස්සරහට අරගෙන යනවා. ඉංග්‍රීසි අධිකරණය මරණය අතේ තියාගෙන, බයිනෙත්තු කරේ තියාගෙන අපේ වීරයාගෙන් ප්‍රශ්න කරනවා. ‘උඹට දඬුවම් නොකරන්න හේතුවක් කියපං’ කියලා. ඩිංගිරාළ කියනවා ‘චෝදනා ගැන මට කිසිම දෙයක් කියන්න නෑ’ කියලා. ඩිංගිරාළව අල්ලා දුන්නට දොරටියාවේ නිලමෙට තාන්න මාන්න, හැම දේම ලැබෙනවා. ඩිංගිරාළව මරලා දානවා. ඩිංගිරාළව මරලා දැම්මට පස්සේ ඒ මළ සිරුර කෑලිවලට ඉරලා කුරුණෑගල නගරයේ හතර කොනේ එල්ලා තිබ්බාය කියලා ඉතිහාස කතාවේ තියෙනවා.

ඉස්සර ඩිංගිරාළව මරලා එල්ලපු ගස්කොළන් කාරිය කුරුණෑගල ඈයෝ අපිට පෙන්නලා තියෙනවා. ගැට්ටුවානේ ඉස්කෝලෝ ඉස්සරහා පාරේ මේ නුග ගහ තිබ්බාය කියලා කියනවා. මේ විදියට දවස් හතරක් ඩිංගිරාළගේ සිරුර එල්ලලා තිබුණා කියලා කියනවා. මේ නුගගහ කැපුවට පස්සේ මොකක්දෝ හේතුවකට ඩිංගිරාළගේ මෘත ශරීරය තිබුණු ස්ථානය පුරන්අප්පු මාවත කියලා නම්කරන්න අපේ රටේ මහ කෙරුමෝ උත්සාහ කරලා තියෙනවා. අපි දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. මොකක් හරි ලොකු වැරැදීමක් වෙන්න ඇති කියලත් අපිට හිතෙනවා. කුණුවෙච්ච ඩිංගිරාළගේ මළ සිරුරේ කෑලි ටික එකතු කරලා මේ නුග ගහ ළඟ තිබුණු මීගහක් යට වළදැම්මා කියලත් කතාවක් තියෙනවා. ඉන් පස්සේ එතැන ගල් කණු කෑල්ලක් හිටවලා මේක ඩිංගිරාළගේ සොහොන කියලා කාලයක් තිබුණත් පස්සේ කාලෙත් පාර හදද්දී ඩිංගිරාළගේ සොහොනත් එතැනින් අයින් කරලා දැම්මා. දැන් ඩිංගිරාළ කියලා කෙනෙක් හිටියා කියලාවත්, වීදිපැල්ලේ මහ රජ්ජුරුවෝ කියලා කෙනෙක් රජවුණා කියලාවත්, උන්දෑ මේ රට බේරගන්න සටන් කළා කියලාවත් ගොඩක් එවුන්ට මතක නෑ. සටන් බිමේ නැගී හිටපු වීරයෝ ගැන කියන කයි කතන්දර අස්සේ අපිට ඩිංගිරාළව අමතක වෙලා ගිහින්. වීදිපැල්ලේ කුමාරයාව අමතක වෙලා ගිහින්. වීදිපැල්ලේ මහ රජ්ජුරුවෝ හතර කෝරළේ මහරජ්ජුරුවෝ ඉතිහාස පොත්වලිනුත් මැකිලා ගිහිල්ලා.

වළලෙවෙල ගෙදර කුඹුරේ අබේසුන්දර ජයසේකර මුදියන්සේලාගේ ඩිංගිරාළ කියලා කියන්නේ සොහොයුරෝ දෙන්නෙක්ගේ පවුලේ පොඩි එකා. ඩිංගිරාළගේ අප්පොච්චා හඟුරන්කෙත දේවාලයේ පාලන නිලයක් හොබවපු හඟුරන්කෙත මොහොට්ටාල. 1803 මහනුවර ආක්‍රමණය කරපු ප්‍රහාරය වෙලාවේ වීසිංගෙදර උනන්නැන්නේ කුඩාරාළට එක්වෙච්ච ඩිංගිරාළගේ වැඩිමහල් සොහොයුරා වූ මැණික් රාළව බි්‍රතාන්‍යයන්ගේ වෙඩි පහරකින් මියගිය බව කියැවෙනවා. ඩිංගිරාළ ඉගෙනගෙන තියෙන්නේ මාදම්විල රජමහා විහාරයේ. ඒකේ හිටපු උන්නාන්සේලා තමයි ඩිංගිරාළට උගන්නලා තියෙන්නේ. ඩිංගිරාළගේ ගේ තිබිලා තියෙන්නෙත් මේ පන්සලට යාබද තැනක කියලයි ඉතිහාස පොත් පිරික්සා බැලීමේදී දැනගන්න ලැබුණේ. ඩිංගිරාළ විවාහකයෙක්. මුදලිහාමි නිලමේලාගේ සහෝදරියක් වෙච්ච ඩිංගිරි එතනා එක්ක තමයි උන්දෑ විවාහ වෙලා තියෙන්නේ.

1818 කැරැල්ල කාලේ ඩිංගිරාළ බොහොම භද්‍ර යෞවනයේ පසුවෙච්ච කෙනෙක්. උන්නැහේට ඒ වෙලාවේ සටන් බිමට එකතු වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි පස්සෙන් පහු ඩිංගිරාළටත් අපේ රටේ සිංහල ලේ තිබිච්ච මිනිස්සු වගේ කොන්ද කෙළින් තියාගෙන නැගිටින්න බැරුව ගියාම රේන්ද පනත්, මුඩුබිම් පනත් වගේ දේවල් අපේ ඔළුවට පැටෙව්වම, තුවක්කු බදු, බලු බදු, කරත්ත බදු, සාප්පු බදුවලින් පීඩාවට පත්වෙන්න පටන් අරගත්තම ඒක බලා ඉන්න බැරුව ගියා. ඒ නිසයි උන්දෑ අපි වෙනුවෙන් සටනට ගියේ. කොහොම වුණත් අපිට ලංකා ඉතිහාසයේ මුණගැහෙන අන්තිම රාජාභිෂේකය විදියට මෙන්න මේක ඉතිහාස පොත්වල ලියැවෙනවාය කියලා කියන්න පුළුවන්. ඔහොම කියනකොට කෙනෙක් කියන්න පුළුවන් ලංකාවේ අන්තිම රාජාභිෂේකය සිද්ධ වුණේ මහනුවර කියන එක. ඉතිහාස පොත්වල බැලුවාම සිද්ධ වෙන අන්තිම රාජාභිෂේකය ඕකද, එහෙම නැත්නම් මේකද කියලා ඔබ තමුන්නාන්සේලාට කරුණු කාරණා හොයාගෙන විමසා බලලා දැනගන්න පුළුවන් වේ යැයි අපි විශ්වාස කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් දීපු වාහනයෙන් යාළුවොත් එක්ක ගමනක් ගිහින්! කරපු වැරැද්ද ප්‍රවාහන අමාත්‍යවරිය පිළිගනී! වහාම ඉල්ලා අස්වෙයි! ලංකාවේ නම් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ! I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී කෝටි අටක් ගත්ත කෙනෙක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක්...

Read more
චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.