• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

48 නිදහස වෙනුවෙන් අප්‍රකටව නිදහස සමරපු නිදහසේ ඉන්න නිදහස් හන්දිය! Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
48 නිදහස වෙනුවෙන් අප්‍රකටව නිදහස සමරපු නිදහසේ ඉන්න නිදහස් හන්දිය!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. 1815 අවුරුද්දේ සුද්දෝ විවිධ අවස්ථාවලදී ඇවිල්ලා කොටසින් කොටස ශ්‍රී ලංකාව අල්ලගත්තා. සුද්දෝ එහෙම අල්ලගත්තට පස්සේ අපිට අපේ ස්වෛරී බව නැතිවෙලා ගියා. අපිට බොහෝ දේ අහිමි වෙලා ගියා. ඒ එක්කම අපිට දැනෙන්න ගත්තෙ පුදුමාකාර පීඩාවක්. මේ පීඩාව ඉවසගන්න බැරිම තැන අපේ මිනිස්සු සටන් කරන්න ගත්තා. ඒ සටන් මර්දනය කරන්න පුළුවන් උපරිමයෙන්ම ශක්තිය යොදවන්න ඒ අය කටයුතු කළා. 1818 කැරැල්ල අසාර්ථක වුණා. 1848 කැරැල්ලත් අසාර්ථක වුණා. සිංහල නායකයෝ අත්අඩංගුවට පත්වුණා. සමහර අයව මරල දැම්මා. තවත් සමහර අය පිටුවහල් කළා. මේ සියල්ල අතරතුරේ අපේ මිනිස්සු අතනොහැරම නිදහස ඉල්ලුවා. 1815 ඉඳලා වසර ගණනක් ගතවෙලා යනකන් අපේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ. සුද්දෝ හිතුවක්කාර විදියට උන්ගේ බලය පතුරුවන්න ගත්තා. ලංකාවේ නායකයන්ට තේරුණා තවදුරටත් ලේ හලලා සටන් කරලා නිදහස දිනන්න බෑ කියලා. ඒ නිසාම සාකච්ඡා මාර්ගයෙන් දිනාගන්න නිදහසක් ගැන අපි බලාපොරොත්තු තිබ්බා. ඒ බලාපොරොත්තු මල්පල ගන්වලා ඉංග්‍රීසි කිරීටය 1948 අවුරුද්දේ ශ්‍රී ලංකාවට නිදහස දුන්නා. ඒ නිදහස තිබුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේ. කොළඹ නායකයෝ එය සඳහා සහභාගි වුණා. ඒ නායකයන්ගේ පින්තූර එහෙමත් අදත් අපිට දකින්න ලැබෙනවා. මේ නිදහස් උළෙලට අපේ ගමේ ගොඩේ සාමාන්‍ය මිනිස්සුන්ට සහභාගි වෙන්න ලැබුණේ නෑ. ඒ වගේම ඔය සජීව විකාශ අනම් මනම් ඒ කාලේ කෙරුණෙත් නෑ. Sri Lanka Latest News

ඒ නිසාම මේ මහා විශාල නිදහස් දින උළෙලවල් අපිට හීනයක් වුණා. නිදහස වෙනුවෙන් ඉදිකරපු ගොඩනැගිල්ල නිදහස් චතුරස්‍රය වෙනකොට ඒ වගේම නිදහස වෙනුවෙන් තැනුණු සැමරුමක් ඉතිහාසයට එකතු වුණා.

ඕන්න ඔය විදියට මම අද කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ තිබුණු අරුම පුදුම නිදහස් උත්සවයක් ගැන. කොළඹින් ඉතාම දුර ප්‍රදේශයක් වුණු කුලියාපිටිය එහෙමත් නැත්නම් කැඩපත් වෙහෙර පැත්තේ තමයි මේ නිදහස් උත්සවය තිබුණේ. නිදහස් උත්සවය තිබුණු තැනට කොළඹ ඉඳලා තියෙන දුර ආසන්න වශයෙන් ගත්තම කිලෝමීටර පනහට එහා ගියපු දුරක්. මේ තැන අද දවසේදි නම් අපිට හරියටම කිව්වොත් මේක තියෙන්නේ කළුගමුව වාරියපොල පාරේ. මූණමලේ පහුවෙලා බමුණුකොටුව හන්දිය පැත්තට ටික දුරක් යනකොටයි මේ හන්දිය අපිට හම්බවෙන්නේ. මේ හන්දිය යහලේගෙදර වැව කියන වැව පහුවෙනවා කළුගමුව වාරියපොළ පාරේ අපි ඉස්සරහට එනකොට. ඒ කියන්නේ බමුණුකොටුව හන්දිය පැත්තට එනකොට. එහෙම එනකොට මේ ප්‍රධාන වශයෙන් පණ්ඩාරගම පාර ඇවිල්ලා මෙන්න මේ කළුගමුව වාරියපොල පාරට හම්බවෙන තැන තමයි අපි මේ කියන අරුම පුදුම හන්දිය තියෙන්නේ. මේ හන්දියේ ඉතාම සුවිශේෂ සැමරුමක් තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ සැමරුමේ සඳහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒකෙ තියනවා ‘ශ්‍රී ලංකා’ කියලා බොහොම අර පැරණි අකුරෙන් ලියලා ඔබට මේ ලිපියේදිත් මේ පින්තූරෙ දැකබලා ගන්න ලැබේවි. ශ්‍රී ලංකා නිදහස් දිනය. ක්‍රිස්තුවර්ෂ 1948 දෙවැනි මාසේ හතරවැනිදා. ආර්.එම්.පී බණ්ඩා, වී.එච්. කොස්වත්ත, වළලිය පළාත කියලා තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. මේ සඳහන් ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරගන්න අපට පුළුවන් වුණේ නෑ. ඇත්තටම මේ නම් ගම් කාගෙද කියන එක ගැනත් අපිට ලොකු අදහසක් නෑ. හැබැයි මෙන්න මේ ස්ථානයේ පැවති නිදහස් උත්සවය නිසා මේ හන්දියට නිදහස් හන්දිය කියලා නම දාන්න මේ අය උත්සාහ කරලා ඒක සාර්ථක වෙලා තියෙනවා. ඔබ දන්නවද දන්නේ නෑ අදටත් මේ ප්‍රදේශය ගැන කතාකරනකොට බොහෝ දෙනෙක් මේ ස්ථානයට කියන්නේ නිදහස් හන්දිය කියලා. ඔය නිදහස් හන්දියට ආසන්නයේ තියෙනවා කැඩපත් වෙහෙර කියලා ප්‍රදේශයක්. කැඩපත් වෙහෙර කියලා කියන්නේ ඉතා සුවිශේෂ පැත්තක්. මොකද කැඩපත් වෙහෙර තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම නාට්‍ය කණ්ඩායම් ඉන්න ප්‍රදේශය විදිහට. කැඩපත් වෙහෙර කලායතන විශාල ප්‍රමාණයක් තියෙනවා. නාට්‍ය කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තියෙනවා. කැඩපත් වෙහෙර ආසන්නයේ තමයි මේ නිදහස් හන්දිය පිහිටලා තියෙන්නේ. මේකේ වැදගත්කම වෙන්නේ අපි හැමෝම දන්න ජාතික නිදහස් දින උළෙලට අමතරව ලංකාවේ තවත් තැනක සුවිශේෂ නිදහස් දිනයක් සැමරුමක් සිද්ධ වෙලා තියෙන නිසා. මේ නිදහස් දෙන සැමරුමට විශාල පිරිසක් එකතු වෙලා තියෙන නිසා මේ නිදහස් වීම සැමටම සිද්ධ වෙලා තියෙන්නේ අතිශය ග්‍රාමීය ප්‍රදේශයක නිසා, අදටත් මේ ප්‍රදේශය අතිශය ග්‍රාමීය විදිහට සලකන නිසා. ඒවගේම මේ ස්ථානය තවමත් ඒ තරම්ම දියුණු වෙලා නැති තැනක් නිසා. මේ ස්ථානයේ විහාරස්ථානයක් වගේ එකක් තියෙනවා. මේ ස්ථානයේ වම් අත පැත්තට යන පාර කළුගම ඉඳලා වාරියපොලට යන පාර තවම ඒ තරම්ම ලොකු දියුණුවකට පත්වෙච්ච පාරවල් නෙමෙයි. අඩුම තරමේ විශාල කඩමණ්ඩියක්වත් නිදහස් හන්දිය අවට දකින්න අපට ලැබෙන්නේ නෑ. අවට වටපිටාවේ විශාල වාරිමාර්ග පද්ධතියක්, වැව් කිහිපයක් තියෙනවා. කලින් කිව්වා වගේ යහළගෙදර වැව, මූණමලේ වැව වගේ මේ අවට පිහිටලා තියෙනවා. ඒ වගේම විශාල පොල් වතු සහ විශාල කෘෂිකාර්මික නවෝදයක් මේ ප්‍රදේශයේ අපිට දකින්න ලැබෙනවා. එදා මේ ජාතික නිදහස් උළෙල පවත්වපු කොළඹට අමතරව මෙන්න මේ නිදහස් හන්දියත් අද නිදහස් දිනය දවසේ අප සිහිපත් කළ යුතුමයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න කියා පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා අභියාචනාධිකරණයට ගියේ ඇයි? මෙන්න රේණුක මාධ්‍යයට කියපු දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝටි ගණන්වලින් වැඩ කරපු පියුමි හංසමාලියි-තාඹුගලයි හරියට බදු ගෙව්වාද? විමර්ශකයන් යද්දී පියුමියි-තාඹුගලයි ගෙවල්වල නෑ! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් සම්බන්ධයෙන් තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන් බව කී හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරියේදී තට්ට සෝමේ හෝ...

Read more
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.