මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා මිල සූත්‍රය අනුව කටයුතු කරන බවත් වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
ඊ (02) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මිල සූත්‍රයකට අනුව තමයි තෙල් මිල ඉහළ පහළ යන්නේ. ඒ නිසා මාසිකව තෙල් මිල ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල් වෙනවා ඉහළ පහළ යන ඒවා සිදුවෙනවා.
30%කින් කර්මාන්ත ශාලා සඳහා විදුලි බිල අඩු කළා. ඒ හරහාත් පාරිභෝගික ජනතාවට සහන සැලසෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ජනතාවට සහන සලසන්න සියලු ක්ෂේත්‍රවලින් කටයුතු කරනවා. ආයතනත් රැකගෙන ජනතාවත් රැකගෙන ඉස්සරහට යන්න රට පොහොසත් රටක් කරන වැඩපිළිවෙළක තමයි ආණ්ඩුව ඉන්නේ. “










