කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.
වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ක්රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










