ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (29) පස්වරුවේ නිකුත් කළේය.Sri Lanka Latest News
කරුණු 8කින් යුත් මෙම නිවේදනයේ භාණ්ඩ නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන ක්‍රමවේදය, පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වූ කරුණු ද එහි ඇතුළත් කර තිබේ.
එසේම ඉහත සඳහන් බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බවත් විශේෂයෙන් සඳහන් කර ඇත.
තවද අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා රේතුව වැඩිදුරටත් පවසා සිටියි.
අදාළ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,












