• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

Clean Sri Lanka අස්සේ ට්‍රම්ප් පාර්ලිමේන්තුවට ! Sri Lanka Latest News

January 26, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Clean Sri Lanka නැතහොත් Clean ආණ්ඩු පක්ෂයද? විපක්ෂයද? මෙම ප්‍රධාන ප්‍රශ්න තුනටම අඩු වැඩි වශයෙන් පසුගිය පාර්ලිමේන්තු සතියේදී පිළිතුරු ලැබුණේ Clean Sri Lanka පිළිබඳ විවාදය පුරා තෙදිනක්ම පැවැත්වූ නිසාය. Sri Lanka Latest News

දින තුනක් මෙම විවාදය පැවැත්වුණද ඇත්තටම Clean Sri Lanka පිළිබඳ නිවැරැදි අවබෝධයක් රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවෙන් රටට සහ සමාජයට නිවැරැදිව ලැබුණාද යන්න වෙනමම සලකා බැලිය යුතුය.

ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් කීපදෙනකු පමණක් මාතෘකාවට අදාළව අදහස් දැක්වුවද දෙපැත්තේම බහුතරයක් ජනතා නියෝජිතයන් Clean Sri Lanka යොදාගන්නේ එකිනෙකාගේ පාර්ශ්වයන්ට පහර එල්ල කිරීම සඳහා බව පාර්ලිමේන්තුවේ විවාදයට අවධානය යොමුකළ ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවිය.

පසුගිය ‘ගැලරියේ සිට ලියමි’ කොලමෙන් අප අවධාරණය කළේ මාතෘකාවට අදාළව කතාකිරීම, විද්වත් තර්ක ඉදිරිපත් කිරීම, නව දැනුම බෙදාගැනීම, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවධානය යොමුකරමින් තාර්කික අදහස් ඉදිරිපත් කිරීම, සමාජයේ ප්‍රගමනයට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවය.

නමුත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම කාරණය Clean Sri Lanka වුවත්, ඒ පිළිබඳ හරවත්, ගැඹුරු සංවාදයක් පාර්ලිමේන්තුව තුළ ඇති නොවීම කනගාටුවට කරුණකි.

මහජන ගැලරිය පිනවීම වෙනුවට සුපුරුදු පරිදි බයිස්කෝප් ගැලරිය පිනවීම අරබයා ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් Clean Sri Lanka ජාතික වැඩසටහන පිළිබඳ විවාදය යොදාගෙන තිබුණු බවක් දක්නට ලැබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රහාරකයන්ගේ කතා විරුද්ධ පක්ෂයේ ප්‍රහාරකයන්ගේ කතා, ඔවුන්ගේ හිතවත් පිරිස් විසින් පොඩි පොඩි ක්‍මඑි නිර්මාණය කරමින් යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවලට මුදාහැර තිබුණේ එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා ප්‍රහාරාත්මක කතා මතුවන ආකාරයටය.

Clean Sri Lanka පිළිබඳ එකම එක වචනයක්වත් සඳහන් නොකරමින් ඒ කතාවලට මාතෘකාද යොදා තිබුණේ දේශපාලනමය වශයෙන් එල්ල කරනු ලබන ප්‍රහාර ඉලක්ක කරගෙනය.

දෙපැත්තම තමන් Clean බව ප්‍රකාශ කරගන්නේ Clean Sri Lanka පිළිබඳ වචනයක්වත් කතා නොකරමින්ය.

ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වූ විට එම ආණ්ඩුවේ ප්‍රතිපත්ති මාලාව සමග යම් ප්‍රමුඛතම මාතෘකාවක් මුල්කරගෙන එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම පෙර සිට පැවැත එන සම්ප්‍රදායකි.

1970-1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධානතම කාර්යය වූයේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ අනුව ඔවුන්ගේ පාඨය වූයේ ‘සිය රට දේ සිරි සැපදේ’ යන්නයි.

1977 බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවෘත ආර්ථිකය ප්‍රමුඛතම මාර්ගය කරගෙන සැලසුම් කළේ ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැගීමටයි.

1989දී බලයට පත්වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මූලික ප්‍රතිපත්තිය වූයේ දිළිඳුකම තුරන් කිරීමයි. ඒ සඳහා ‘ජනසවිය’ වැඩසටහන ඉදිරිපත් කළේය.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබාදීම සඳහාය.

2002දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වූයේ ජනතා න්‍යායපත්‍රය අනුව රටේ ආර්ථිකය නැංවීමටයි.

2004දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණ වූයේ ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කිරීමය. මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම ක්‍රියාත්මක කළේ ඒ අනුවය.

2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානතම අරමුණ වූයේ යහපාලනය ගොඩනැගීමය. දින 100න් අලුත් රටක් යනුවෙන් දින 100ක වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීය.

2019දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය හැඳින්වූයේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ යනුවෙනි. එය ක්‍රියාවට නංවමින් යනවිට කොවිඩ් ලෝක වසංගතය, ලෝක ආර්ථික අර්බුදය සහ අරගලය පැමිණීම නිසා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නොහැකි විය.

ඉන් අනතුරුව 2024දී බලයට පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන්නය. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම කාරණය ක්‍කැ්බ ීරස ඛ්බන් ය.

වසර 60ක් ආපස්සට හැරී බලන විට රට ගමන්ගත් ආකාරය සහ ඒ ඒ කාලවලදී ඒ ඒ ආණ්ඩු විසින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ප්‍රමුඛතාව ලබාදී ඇති ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකිය.

Clean Sri Lanka කියන්නේ මොකක්ද? එය කුමක්ද කියා මේ රටේ ඉතා හොඳින්ම අවබෝධ කරගෙන සිටින පුද්ගලයා වශයෙන් කිසිම සැකයක් නොමැතිව හඳුන්වා දීමට හැක්කේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයායි. Clean Sri Lanka යනු කුමක්ද? එම වැඩසටහන ක්‍රියාත්ම කරනු ලබන්නේ කෙසේද යනුවෙන් ඉතා හොඳ අවබෝධයකින් සිටින්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයායි.

භෞතිකව පමණක් නොව ආධ්‍යාත්මිකව නිර්මාණශීලීව සිතාමතා නව චින්තනයකින් යුත් මිනිසකු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගොඩනැගීම Clean Sri Lanka හි මූලිකම සහ ගැඹුරුතම කාරණය වන්නේය.

නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීම, වංචාව දූෂණය පිටුදැකීම, පරිසරය සුරැකීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, රට සහ රටේ අනාගතය ගැන සිතා කෙනකු සිතන පතන ආකාරය වෙනස් කිරීම ඇතුළු කරුණු රැසක්ම Clean Sri Lanka වැඩසටහනට ඇතුළත් වේ.

Clean Sri Lanka වැඩසටහනට සීමාවක්, ඉමක් නැති තරමටම පුළුල්ය. සමාජයේ තිබෙන ඕනෑම කාරණාවකට Clean Sri Lanka සම්බන්ධ කරගත හැකිය. එය ඒ තරමටම පුළුල් වැඩසටහනක් බව පෙනේ. නමුත් අවාසනාවකට විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයන් තබා ආණ්ඩු පක්ෂයේද සැලකිය යුතු පිරිසක් Clean Sri Lanka වැඩසටහන මේ දක්වා නිවැරැදිව හඳුනාගෙන තිබෙන බවක් පෙනෙන්නට නම් නැත. දින 3ක් පුරා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී එය හොඳින්ම පැහැදිලි විය.

Clean Sri Lanka වැඩසටහන යටතේ රටේ ඉදිරි අනාගතය ගැන ඉතා පුළුල් ලෙස ඕනෑ තරම් කරුණු සාකච්ඡා කිරීමට, යෝජනා ඉදිරිපත් කිරීමට, ප්‍රායෝගිකව මතුවන ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරිපත් කිරීම ඇතුළු කාරණා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී දෙපාර්ශ්වයේම බොහෝ දෙනකු අදහස් දැක්වූයේ මැතිසබය මැතිවරණ වේදිකාවක් යැයි සිතාගෙනය.

ඇතැමුන්ගේ අදහස්වලින් පෙනීගියේ තවමත් ඔවුන් සිටින්නේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මහ මැතිවරණ වේදිකාවල බවයි.

Clean Sri Lanka වැඩසටහන පිළිබඳ විවාදයේදී දෙපැත්තෙන්ම බොහෝ දෙනකු කතා කළේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කළුතර කටුකුරුන්දේ සුහද හමුවේදී කරන ලද කතාවේ ඇතැම් කාරණා සම්බන්ධයෙනි.

උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස හා ඔහුගේ දැනට ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් 60 දෙනා සම්බන්ධයෙන් Clean Sri Lanka විවාදයේදී දෙපැත්තේම බොහෝ දෙනකු කතාකරන බවක් පෙනුණි. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ආරක්ෂාව සහ Clean Sri Lanka අතර තිබෙන ප්‍රබල සම්බන්ධය කුමක්ද?

ඊට අමතරව මැති ඇමැතිවරුන්ට ලබාදෙන වාහන හා වරප්‍රසාද මීට පෙර ලැබුණු වරප්‍රසාද, දැනට ලබාදෙන වරප්‍රසාද ගැනද දෙපැත්තෙන්ම දීර්ඝව කතාබස් කෙරුණු අතර, ආණ්ඩුව කියන්නේ පෙරට වඩා දැන් වරප්‍රසාද අඩුකර ඇති බවයි. නමුත් විපක්ෂය කියන්නේ පෙරට වඩා දැන් වරප්‍රසාද වැඩිකරගෙන ඇති බවයි. දෙපැත්තෙන්ම මෙසේ එකිනෙකාට බෝලය පාස් කරගැනීමක්ද මෙම Clean Sri Lanka තුන්දින විවාදයේදී දක්නට ලැබිණි.

බස් රථවල සහ ත්‍රිරෝද රථවල කෑලි ගැලවීමට උපදෙස් ලබා නොදුන් බව ආණ්ඩු පක්ෂයේ ඇතැම් ජනතා නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
විරුද්ධ පක්ෂයේ ඇතැම් ජනතා නියෝජිතයන් පෙන්වා දුන්නේ බස් රථවල හා ත්‍රිරෝද රථවල කෑලි ගැලවීමේ වැඩසටහනින් Clean Sri Lanka ආරම්භ කළ බවයි.

ඇත්තටම රටේ පොදු මහජනතාවට මෙම කාරණා දෙකම වැදගත් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආකර්ෂාකාරී ගමනාන්තයක් දක්වා බස් රථවලින් හෝ ත්‍රිරෝද රථවලින් ගමන් කිරීමයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගමන් කරන බොහෝ පෞද්ගලික බස් රථ ගමන් කරන්නේ මාරක ළිඳේ ගමන් කරන යතුරුපැදි මෙනි. බස් රේස් දුවන්නේ පාරේ සිටින ට්‍රැෆික් පොලිස් නිලධාරීන් බලා සිටියදීමය.

පෞද්ගලික බස් රථයක සිටගෙන ගමන් කරන කෙනකුට ඉතා අසීරුවෙන් යෑමට සිදුවන්නේ වෙට්ටු දමමින් බොහෝ බස් රථ අධික වේගයෙන් ගමන් කිරීම නිසාය. මේ ගැන මගියා කතා කළහොත් රියැදුරාගෙන් හෝ කොන්දොස්තරගෙන් පිළිතුරු ලැබෙන්නේ මේ බස් එකේ යන්න බැරි නම් බහින ලෙසටයි.
මේ මගීන් පොදුවේ මුහුණ දෙන බරපතළම ප්‍රශ්නයකි. මෙම බස් රේස් දුවන එක නතර කිරීමටClean Sri Lanka හරහා වැඩක් සිදුකළ ානම් එය කෙතරම් අගනේද?

මේ ගැන මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ එකම ජනතා නියෝජිතයකුවත් කතා නොකළේ ඇයි?
එම නිසා Clean Sri Lanka ගැන කරුණු සහිතව හරවත් විවාදයක් සිදුවනවා නම් එමගින් රටේ ප්‍රශ්න ගණනාවකටම උත්තර ලබාදීමට ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට හැකියාව තිබුණද එමගින් උපරිම ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

විරුද්ධ පක්ෂයේ සමහරුන් ප්‍රකාශ කළේ ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආදර්ශයට ගෙන Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි.

ඊට අමතරව සිංගප්පූරුව, පිලිපීනය, ඉන්දියාව ඇතුළු රටවල් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසටද විරුද්ධ පක්ෂයේ ඇතැම් ජනතා නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කියපු කතාවට ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරක් ලැබාදුන්නේ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයායි.

‘ඩොනල්ඩ් ට්‍රම්ප් දිනලා නව රජය ගෙනයෑම ආරම්භ කිරීමට දින හැත්තෑ ගණනක් ඇමෙරිකානු ව්‍යවස්ථාවෙන්ම ලැබිලා තියෙනවා. ඔහුට ඔහුගේ වැඩේ ප්ලෑන් කිරීමට. නමුත් අනුර සහෝදරයා ජනාධිපති වෙලා අපි කැබිනට් මණ්ඩලය පත්කරලා දවස් හැට ගානයි. ඒ දවස් හැට ගානට කරපු වැඩ ටික මදිද? තාම අපි මේ දැනුවත් කිරීමේ වැඩසටහනේ ඉන්නේ. පෙබරවාරි 01 වැනිදා සිට Clean Sri Lanka මගින් රටම ප්‍රදර්ශනයක් බවට පත්වේවි. ට්‍රම්ප් වගේ නෙවෙයි අනුර ජනාධිපති, හරිනි අගමැති. අපේ ලංකාවේ ප්‍රඩක්ට්. ඒ ගැන කතාකරන්න කුහක වෙන්න එපා. Clean Sri Lanka කියන්නේ ලයිෆ් ස්ටයිල් එකක්. අපි වැඩකරන්නේ ලයිෆ් ස්ටයිල් එකකට. අපට වරප්‍රසාද, මේ මේ ඇමැතිකම් ඕනේ නෑ. අපි හැමදාමත් වැඩ කරන්නේ ඒ ලයිෆ් ස්ටයිල් එකට. ට්‍රම්ප් ජනාධිපතිතුමා ආපු ගමන් කළේ ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීම. ප්‍රංශ සම්මුතියෙනුත් ඔවුන් ඉවත් වුණා….’ යනුවෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පැරිස් සම්මුතිය ලෝක පරිසරය සුරැකීමේදී ඉතා වැදගත් වේ. දැනට මුළු ලෝකයේම සිදුවන දේශගුණික, කාලගුණික විපර්යාස හේතුවෙන් ජල ගැලීම්, නායයෑම් පෙරට වඩා බහුලව දැකිය හැකිය.

අපේ රටේ තත්ත්වයද එයයි. කාලගුණික විපර්යාස හේතුවෙන් පෙරට වඩා කෘෂිකාර්මික රටක ගොවි ජනතාව බැටකයි. මීට පෙර පැවැති ගංවතුරෙන් වගා හානි ලබාදීමටත් පෙර යළිත් ප්‍රදේශ රැසක ගංවතුර හේතුවෙන් වගා හානි සිදුව තිබේ. එම නිසා පරිසරය රැකගැනීම හා කාලගුණික, දේශගුණික විපර්යාස ගැන එකම එක හරවත් කතාවක්වත් Clean Sri Lanka විවාදයේදී දෙපැත්තෙන්ම ඇසුණේ නැත.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ජනවාරි අගදී රනිල් ඕමානයට යනවා! ඕමානයෙන් කෙළින්ම ලන්ඩනයට! ලන්ඩනයේදී රනිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ගන්න උත්සාහයක්! I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩිවීමක්! රාජ්‍ය සේවය පුරවැසියාට අයිතියක්! රාජ්‍ය නිලධාරියාට වගකීමක්! අනුර අද අනුරාධපුරයේ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.