• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති පුටුවෙ වාඩිවුණා! කතාවක් කළා! නියෝග 200ක් දුන්නා! ෆයිල් 200ක් අස්සන් කළා! එක පෑන් පහරින් කියපු ඔක්කොම කළා! ජනාධිපතිකම් කරන හැටි ට්‍රප්ම්ගෙන් ඉගෙනගන්න! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive, News
Reading Time: 4 mins read
A A
රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!
Share on WhatsAppShare on Facebook

ලෝකයේ රටවල් අතරින් බොහෝ නිරන්තරයෙන් විවිධ පුවත් මවන රටක් ලෙස ප්‍රකටව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එසේ වන්නේ ඇමෙරිකාව යනු ලෝකයේ ප්‍රධානතම බලවතා වීමත්, එසේම ඇමෙරිකාව සතුව බටහිර සංස්කෘතියක් ඉතා ප්‍රබල ලෙස පිහිටා තිබීමත්ය. ඇමෙරිකාවේ ජනාධිපතිවරයකු මුලින්ම පත්වූ විට දිවුරුම් දීමේ උත්සවයට පසුව එදින සවස් යාමයේ පැවැත්වෙන්නේ සමාරම්භක සාදයේ උත්සවයයි. මෙහිදී අලුතින් පත්වූ ජනාධිපතිවරයා බොහෝ විට තම බිරිය සමග ආලිංගන නැටුමෙහි යෙදෙන ආකාරය දක්නට හැකිය. මෙලෙස ඇමෙරිකාවේ පසුගිය දශක ගණනක් පුරා විවිධ ජනාධිපතිවරුන් රැසක් රංගනයේ යෙදුණු ආකාරය සේයාරූවලින් දැකිය හැකිය. රිචඩ් නික්සන්, රොනල්ඩ් රේගන්, ලීඩන් ජොන්සන්, ජිමී කාටර්, ජෝර්ජ් බුෂ්, ජෙරල්ඩ් ෆෝඩ්, බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා, ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තවත් ඇමෙරිකානු ජනාධිපතිවරුන් රැසක් මෙලෙස ආලිංගනයට එකතු වී සිටියහ. Sri Lanka Latest News

මෙවැනි වටපිටාවකදී මෙයට දින කිහිපයකට පෙරදී ජාත්‍යන්තර මාධ්‍ය හරහා අපට අසන්නට හා දකින්නට ලැබුණේ තවත් අපූරු පුවතකි. එනම් පසුගියදා ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස අපූරු රංගනයක යෙදෙන ආකාරය දක්නට හැකිවිය. ඔහු තම බිරිය වන මෙලනියා ට්‍රම්ප් සමග ආලිංගන නැටුමෙහි යෙදෙන ආකාරය දක්නට ලැබුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් අමුතුම ආකාරයේ රංගනයක් දක්වන ආකාරයද දක්නට හැකි විය. එනම් ඔහු සමරු කඩුවක් රැගෙන එය ඒ මේ අත වනමින්, අමුතුම ආකාරයේ නැටුමක යෙදෙනු දක්නට හැකි විය. මෙය ප්‍රධාන වේදිකාව මතදී සිදුවිය. මෙයට පෙරදී ඇමෙරිකාවේ වෙනත් ජනාධිපතිවරුන් මෙවැනි රංගනයන් ඉදිරිපත් කර නැති හෙයින් මෙම රංගනය ලොව පුරා අමුතුම දසුනක් මවන්නට සමත් විය. එසේම එය රසවත්, හාස්‍යමය ස්වරූපයක්ද ගත්තේය. කෙසේ හෝ දෙවැනි වරටද ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බොහෝ විට අමුතුම ආකාරයේ සුවිශේෂ පුවත් මවන පුද්ගලයකු ලෙස ප්‍රකටය.

අද ඔබට මෙවැනි අපූරු කතාවකින් මෙම ලිපිය ආරම්භ කළද අලුතින් පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැන මේ දිනවල ලොව පුරාම අසන්නට ලැබෙන්නේ තවත් සුවිශේෂ කතාන්දරයකි. එනම් ඔහු තමාගේ පදවිප්‍රාප්ති උත්සවයේදී ඉන් අනතුරුව ප්‍රකාශයට පත්කළ තීන්දු තීරණ රාශියක කතාන්දරයයි. මෙතෙක් ලොව සිටි කිසිදු ජනාධිපතිවරයකු නොගත් තීන්දු තීරණ 200කට ආසන්න ප්‍රමාණයක් ඔහු තම රාජකාරි මුල් දිනයේදීම ගනු ලැබීය. මෙම සිදුවීම මේ වනවිට ලොව පුරා අතිශය ආන්දෝලනයකට පත්ව ඇත. එම තත්ත්වය පුළුල්ව සොයා බලමු.

මෙලෙස අද මුළුමහත් ලෝකයම මහත් ආන්දෝලනයකට පත්කර තිබෙන, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීන්දු තීරණ සහ ජනාධිපති නියෝග කුමක්දැයි සොයා බලමු. එම ප්‍රධානතම ඒවා මෙසේය.

● ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත්වීම – ලෝකයේ බලගතුම සංවිධානයක් වශයෙන් සැලකෙන ලෝක සෞඛ්‍ය සංවිධානය සමග තිබෙන සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් වීම සඳහා විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අස්සන් තබා ඇත. ඔහු තම ප්‍රථම ජනාධිපති වාරයේදීද මෙවැනි තීරණයක් ගෙන තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය කොවිඩ් 19 වසංගතය වැරැදි ලෙස හසුරුවා ඇතැයි ඔහු චෝදනා කර ඇත. එහිදී එම සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවටද චෝදනා කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයෙන් පහෙන් එකක් සපයන්නේ ඇමෙරිකාවේ අරමුදල්වලින් බව පැවැසෙයි.
● සමාලෝචන අපේක්ෂාවෙන් දින 90ක කාලයකට ඇමෙරිකාවෙන් ලබාදෙන විදේශ ආධාර සියල්ලම නවතා දැමීම. එම ජනාධිපති නියෝගයට අනුව එම කාලය තුළ ලෝකයේ කිසිදු රටකට විදේශ ආධාර ලබා නොදෙනු ඇත.
● පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමෙරිකාව නිල වශයෙන් ඉවත් වනු ඇත. ලෝකයේ රටවල් 195ක් අස්සන් තබා තිබෙන පැරිස් දේශගුණික ගිවිසුම යනු, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිල, ප්‍රබල ගිවිසුමකි. එම සම්මුතියෙන් මේ අනුව ඇමෙරිකාව ඉවත් වනු ලබයි.
● ඇමෙරිකාවේ දැනට සිටින සියලු ලේඛනගත නොකළ අනවසර සංක්‍රමණික පුද්ගලයන් රටින් වහාම පිටුවහල් කිරීමට ප්‍රමුඛත්වය දීම. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කාලීන ප්‍රතිපත්තියක් නැවත ස්ථාපිත කිරීමකි. එසේම ජෝ බයිඩන් යුගයේ තිබුණු සංක්‍රමණ නියෝග ආපසු හැරවීමකි.
● ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය යටතේ මිලියන 01කට (ලක්ෂ 10ක්) ආසන්න සංක්‍රමණිකයන් සඳහා නීත්‍යනුකූල ප්‍රවේශයක් ලබාගැනීමට පහසුකම් සැලසූ CBP One නමැති යෙදුම (ඇප්) අවසන් කිරීමට තීරණය කරන ලදී.
● ෆොසිල ඉන්ධන කැණීම් පුළුල් කිරීමට සහ ජනාධිපති බයිඩන්ගේ විදුලි වාහන වරම ඉවත් කිරීමට පොරොන්දු වෙමින් බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම.
● රජයේ වැඩසටහන් සහ වියදම් කපාහැරීමට නිර්දේශ කිරීම සඳහා එලොන් මස්ක්ගේ නායකත්වයෙන් යුත් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව බලගැන්වීම සිදුකිරීම.
● බයිඩන් පරිපාලනයේ ‘දේශපාලන විරුද්ධවාදීන්’ ලෙස සැලකෙන පුද්ගලයන්ට ෆෙඩරල් නඩු පැවරීම අවසන් කිරීම.
● 2021 ජනවාරි 06 වැනිදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූ හෝ පුද්ගලයන් 1500කට සමාව ප්‍රදානය කිරීම.
● පාරිභෝගික උද්ධමනයට එරෙහිව සටන් කිරීම සඳහා ෆෙඩරල් නියෝජිතායතන මෙහෙයවන සංකේතාත්මක සංදේශයක් අස්සන් කිරීම.
● මිලිටරි සහ රජයේ නිශ්චිත ප්‍රදේශ හැර ෆෙඩරල් බඳවාගැනීම් නතර කිරීම. නව ෆෙඩරල් රෙගුලාසි ක්‍රියාත්මක කිරීමද අත්හිටුවීම.
● යෝජිත ෆෙඩරල් සේවකයන් දේශපාලන පත්වීම්ලාභීන් ලෙස නැවත වර්ගීකරණය කිරීම සහ ඔවුන් සේවයෙන් පහකිරීම පහසු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම.
● ‘ටික්ටොක්’ සන්නිවේදනය තවත් දින 75ක් දක්වා ක්‍රියාත්මක කිරීමට විධායක නියෝගයක් පැනවීම. පසුගියදා බයිඩන් පාලනය යටතේ ‘ටික්ටොක්’ තහනමට ලක්කරන ලදී.
● ඕනෑම ෆෙඩරල් නිලධාරියකුට, සේවකයකුට හෝ නියෝජිතයකුට ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමෙරිකානු පුරවැසියන්ගේ කතා කිරීමේ නිදහස සීමා කරමින් කටයුතු කෙරෙන ක්‍රියාවලියක් තහනම් කරමින් විධායක නියෝගයක් පැනවීම.
● මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සංවිධාන සියල්ලම, විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කිරීම.
● මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා මාරාන්තික එන්නත් ඖෂධ ලබාගැනීමට ප්‍රාන්තවලට උදව් කරන ලෙසට නීතිපතිවරයාට විධායක නියෝගයක් නිකුත් කිරීම.

කවුද මේ ට්‍රම්ප්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් :ෘදබ්කා ඔරමපච* මේ වනවිට 78 වැනි වියෙහි පසුවෙයි. ඔහු මින් පෙර 2017 ජනවාරි 20 සිට 2021 ජනවාරි 20 දක්වා වසර 04ක් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු දේශපාලකයකුට අමතරව ඇමෙරිකාවේ සිටින ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයකුද වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් තම මුල් ජනාධිපති ධුරය දරමින් සිටියදීද බොහෝ ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක් ගත් පුද්ගලයකු ලෙසද ප්‍රකටය. එසේම පසුගියදා ඔහු නැවත දෙවැනි වතාවට ජනාධිපති ධුරයට පත්වූ විටද ප්‍රබල ජනාධිපති නියෝග රැසක් පනවනු ලැබුවේය. මෙලෙස නිර්භයව තීන්දු තීරණ ගන්නා රාජ්‍ය පාලකයන් ඇත්තේ අතළොස්සක් පමණි. මෙම තත්ත්වය ලෝකයේ අනෙකුත් රාජ්‍ය පාලකයන්ටද මහත් නිදර්ශනයක් වනු ඇත. එසේම එය මෙරට රාජ්‍ය පාලකයන්ටත් උත්තම නිදර්ශනයක් නොවන්නේද? තීරණය ඔබ සතුය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හෙන ආතල් මොත්තෙ මචං පිස්සු පීකුදූ – මේ මිනිහව වාඩිකරලා තියමු නේ සුදූ! පාර්ලිමන්ට් ජෝක් එකට අලුත් නළුවෙක්! Sri Lanka Latest News

Next Post

අනුර ජනාධිපති අරමුදල ගමට ගෙනියන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර...

Read more
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.