ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. Sri Lanka Latest News
වසර ගණනාවක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වුවද යම් මට්ටමකින් එය නැවතී තිබුණ ද යළිත් ඒ ආකාරයටම සීගිරි පව්ව මෙන්ම පිදුරංගල ගල පෙනෙන මානයේ අධිරක්ෂිතයේ වන සතුන්ට සිටින භූමි මේ ආකාරයෙන්ම දිනපතා අත් පත් කර ගැනීම ගහකොළ වැල් සම්පූර්ණයෙන්ම කපා බිම දමා ඒවායේ කුඩා පොල් පැළ සිටුවා වගා කොට ඔවුන් සතු කර ගැනීම ජයටම සිදුවෙන බව ජනතාව පෙන්වා දෙති.
මෙම ජාවාරම සිදුවන ප්‍රදේශවලට කිසිම අයකුට ඇතුල්වීමට නොහැකි වන පරිදි විවිධ තැරැව්කරුවන් අතරමග යොදා මෙම ක්‍රියාවලිය සිදු වේ.
ප්‍රදේශවාසීන් ද මෙම ජාවාරම්කරුවන්ට දැඩි භීතියක් දක්වනු ලබන්නේ ඊට විරුද්ධව කතා කළහොත් ඔවුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක් වන නිසාවෙන් බව ඔවුහු පෙන්වා දෙති.










