• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ලීන් ශ්‍රී ලංකා වැඩේට ඇමෙරිකාව හොඳ කියයි! Sri Lanka Latest News

January 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රජයේ CLEAN SRI LANKA වැඩසටහන තුළ ගනු ලබන වැදගත් පියවර සම්බන්ධයෙන් මෙන්ම, ඊට තම රජයට දායක විය හැකි ආකාරය පිළිබඳව අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ජූලි චංග් පවසනවා. (Sri Lanka Latest News)

මෙරට අමෙරිකානු තානාපතිවරිය මේ බව පැවසුවේ, අද කොළඹදී පැවති සමුළුවකට එක් වෙමින්.

අමෙරිකානු වානිජ මණ්ඩලය සංවිධාන කරන ”එලවේට් ශ්‍රී ලංකා – ප්‍රධාන විධායක නිලධාරී සමුළුව 2025” කොළඹදී පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී තානාපතිනිය මෙසේද පැවසුවා,

”අපි හැමෝම දන්නා විදිහට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව රජය මාස කිහිපයකට පෙර වැඩ ආරම්භ කළා. ඒ වගේම තවත් දවස් 05කින් අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දෙනවා. ඒ වගේම සමහරවිට මේ 2025 අවුරුද්ද තානාපතිවරුන්ගේ ද වෙනසක් සිදුවන අවුරුද්දක් වේවි. මම දන්නේ නෑ මම යන්නේ කවදාද කියලා. ඒ නිසා කරුණාකරලා දැන්ම මට සමුගැනීමේ සාද පවත්වන්න එපා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමග දිගටම කටයුතු කිරීම සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය අවසන් කිරීම යන ශ්‍රී ලංකා රජයේ ප්‍රයත්නයන් අපි අගය කරනවා. ඒ වගේම දූෂණවලට එරෙහි කැපවීම ගැන අගය කරනවා. අපි දන්නවා ස්ථාවරත්වය විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තවදුරටත් ඵලදායීතාව සහ වර්ධනය ඇතිකර ගැනීම සඳහාත්, දිගුකාලීනව වඩාත් හොඳ මූල්‍ය සහ ආර්ථික පුරුද්දක් ඇතිකර ගැනීම සඳහාත් ඔබ ඊළඟ පියවර ගත යුතුයි.

රජය මෑතකදී ආරම්භ කරපු CLEAN SRI LANKA ව්‍යාපෘතිය ගත්තොත් එය නිකම්ම පරිසරය පිරිසිඳු කිරීමක් විතරක් නොවී දේශපාලනික සහ ආර්ථික සංස්කෘතීන් නැවත යථාවත් කිරීමක් ලෙස හඳුන්වනවා. එහිදී මොන වගේ වැදගත් පියවර ගන්නවාද කියන කාරණය පිළිබඳව වගේම, අපිට මෙම ප්‍රතිසංස්කරණ සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. එය දූෂණයට එරෙහි ඒවා වුවත්, ඊට එහා දේවල් වුවත්. යහපාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය ශක්තිමත් රජයක් සඳහා මූලික දේවල්. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමත් ඉතාමත් වැදගත්. විනිවිදභාවය, වගවීම කියලා කියන්නේ ආර්ථිකයක් ගෙන යාමේ මූලිකම දේවල්. ප්‍රතිපත්ති හඳුන්වාදීම තුළින් මේ වටිනාකම් ප්‍රවර්ධනය වෙනවා. ඒවා හඳුන්වාදීම සඳහා මම රජයත් සමග ඉතා සමීපව කටයුතු කරනවා.

ඉදිරි වසරේදී මගේ ප්‍රතිසංස්කරණ දෙස බැලුවොත්, අපේ රටවල් දෙකටම සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා අපේ ආර්ථික සම්බන්ධතාව අඛණ්ඩව, ශක්තිමත්ව පවත්වා ගැනීම දක්වන්න පුළුවන්. අමෙරිකාව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළෙඳපොල බවට පත්ව තිබෙනවා. මම සහ මගේ කණ්ඩායම ශ්‍රී ලංකාවට තවදුරටත් ව්‍යාපාර අවස්ථා රැගෙන ඒමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ නව රජය පත්වෙලා ස්ථාවර වෙනතුරු ඔබට බලා සිටින්නට සිදුවේවි කවුද අලුත් අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් යනාදී කාරණා දැනගැනීමට. එම පත්වීම් සිදු කළාට පසුව ඉන්දු – පැසිෆික් කලාපය වෙනුවෙන් වන අමෙරිකාවේ නව ආර්ථික සහ කර්මාන්ත ප්‍රතිපත්ති පිළිබඳව දැනගත හැකි වේවි.”

SendShareShare
Previous Post

වසන්තට එරෙහිව මරික්කාර් ඇත්ත – බොරු සටන! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරට චීනෙන් සුපිරි පිළිගැනීමක්! චීන ජනාධිපති එක්ක ගිවිසුම් 15ක් අත්සන් කරයි! දිගටම උදව් කරන්න පොරොන්දුවක් දෙයි! රාත්‍රී භෝජන සංග්‍රහයකටක් එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.