ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 16ක් වුවත් තවමත් කිසිදු රජයකට මේ ඝාතනයේ සුලමුල සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා කරුණු ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එසේම සිරස මාධ්‍ය ජාලයට ද මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර වසර 16ක් වන බවත් ලසන්ත වික්‍රමතුංග මහතා සහ රාජමහේන්ද්‍රන් මහතා යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සත්‍ය සොයා යුක්තිය සාධාරණත්වය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට සෑම අවස්ථාවකම ලක් කරන්න කටයුතු කළ සිරස මාධ්‍ය ජාලයට ද මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර වසර 16ක් වන බවත් මේ සම්බන්ධයෙන් ද සත්‍ය සොයා යුක්තිය සාධාරණත්වය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සියත මාධ්‍ය ජාලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතු බවත් එය ද මාධ්‍ය මර්දනය කරන්න එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ඒ සම්බන්ධයෙන් ද සොයා බලා සත්‍ය ජයග්‍රහණය කර යුක්තිය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.










