CLEANSRILANKA වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමක් ලෙස ‘CLEANSRILANKA ‘ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන හඬ පටය අසත්‍ය හඬ පටයක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. Sri Lanka Latest News
ජනතාව තම නිවස ඉදිරිපිට පිරිසිදුව තබා ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රැසක් මෙම හඬ පටයෙන් ප්‍රචාරය කරන බවත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව මේ මස 15 වැනිදායින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම අසත්‍ය හඬ පටයේ සඳහන් බව පොලිසිය කියා සිටිනවා.
ශ්‍රී ලංකා පොලිසිය එවැනි හඬ පටයක් නිකුත් කර නොමැති බව කියන පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම හඩ පටයක් නිකුත් කර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩිදුරා සඳහන්.










