ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ ජාල ඔස්සේ අපහාස කලේ යයි පවසමින් ඇයගේ නීතිඥයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.Sri Lanka Latest News
රුපියල් විසිදහසක මුදලක් ගෙවමින් නිලන්ති කොට්ටේහච්චි මහත්මිය සමග හෝටලයක ගිය බවට අදාල පුද්ගලයා සමාජ ජාල වල එම සටහන පළ කර තිබුණු බවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒ අනුව තම සේවා දායිකාවට ඉන් සිදුවූ අගතිය හා අපකීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
තම සේවා දායිකාව මේ ආකාරයේ කිසිදු සබඳතාවයක් පවත්වා නොමැති බවත් එම පුද්ගලයා කිසි දිනක හඳුනන්නේ නැති බවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
මෑතකදී ආන්දෝලනයකට ලක් වූ ප්‍රාඩෝ රථයක් පැහැරගෙන යාමේ අනියම් සබදතා සිදුවීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අදාලත්වයක් නැති බවද නීතිඥවරයා මාධ්‍යවේදීන් කළ විමසීමකටද ප්‍රතිචාර දක්වමින් එහිදී පැවසුවේය.










