ලැප්ටොප්-ටැබ් සහ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනය කරනු ලබන ලෝ ප්රකට ‘බ්ලැක්වීව්’ සමාගමේ නිෂ්පාදන පෙළක් පළමු වතාවට ලංකාවට හදුන්වා දීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ අනුව සියල්ලන්ටම දැරිය හැකි අඩු මිලකට ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ලැප්ටොප් පෙළක් මෙරටට හදුන්වා දීමට කටයුතු කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ වෙනත් ජංගම දුරකතන අධික මිල ගණන්වලට පැවතියදී බ්ලැක්වීව් ස්මාර්ට් ෆෝන් එකක් රුපියල් 22,999ක් වැනි ඉතා සුලු ආරම්භක මුදලකට හදුන්වා දී තිබීමය.
එමෙන්ම ටැබ් පරිගණකයක් රුපියල් 49,000ක් වැනි මිලකටත්, ඉහළම තත්ත්වයේ ලැප්ටොප් පරිගණකයක් 125,000ක් වැනි මුදලකටද හදුන්වා දී ඇත.




































