• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන්! මාලිමාවේ ආර්ථික ප්‍රධානීන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රටට දැනුම් දෙයි! PHOTOS I Sri Lanka Latest News

December 26, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන්! මාලිමාවේ ආර්ථික ප්‍රධානීන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රටට දැනුම් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.Sri Lanka Latest News

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

එහිදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය මෙසේය.

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය නිවේදනය

  1. ආර්ථික ස්ථාවරත්වය
    පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම මූලික තැනක් ගනී. රජය බලයට පත්වන අවස්ථාවේදී, අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් විසින්ම ඒකපාර්ශ්විකව බාහිර ණය සේවා 2022 අප්‍රේල් මාසයේදී අත්හිටුවන ලද අතර, වසර 4ක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වූ අතර ජනතාව මත අමතර බරක්ද පැටවිණි. කෙසේ වෙතත්, සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්මකට අනුව පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා, රජය, රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරමින් සිටී.

ඒ අනුව, වැඩසටහන් පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව, සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින් 2024 නොවැම්බර් 26 වන දින තුන්වන සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට රජයට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට පෙරාතුව, EFF හි මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා රජය, අවශ්‍ය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කරන ලදී. බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කරන අතර ඉතිරිය නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වේ.
ද්විපාර්ශ්වික ණය රටවල් 17ක් නියෝජනය කරමින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරනු ලබන නිල ණය හිමි කමිටුව (OCC), චීනයේ එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, අනෙකුත් නිල ණය හිමියන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමඟ එක්ව ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් කටයුතු කරයි.

නිල ණය හිමි කමිටුව විසින් 2024 ජූනි මාසයේදී අදාළ නියමයන් සහ කොන්දේසි වලට එකඟ වූ අතර, ප්‍රතිකාරවල සංසන්දනාත්මක බව (CoT) සහතික කරමින්, 2023 ඔක්තෝම්බර් මාසය වන විටත් එකඟ වූ රාමුව තුළ චයිනා එක්සිම් බැංකුව සමඟ අදාළ ණය ප්‍රතිව්‍යුහගත කර තිබිණි. දළ වශයෙන් ඩොලර් මිලියන 300 ක් සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව මුළු විදේශ ණය වලින් 1% ක් පමණ නියෝජනය කරන නිල ණය දෙන්නන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) හැර අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟ වූ රාමුව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් එකඟතාව ලබා දී ඇත.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් බොහෝ ප්‍රමාද වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, එකඟවීම්, එකඟ නොවීම්, යෝජනාවල වෙනස් වීම, ණය තිරසර විශ්ලේෂණය (DSA) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ගැළපීම ආදිය සමඟ සාකච්ඡා අදියරයන් කිහිපයක් පසු කර, අවසානයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 19 වන දින ප්‍රතිපත්තිමය පදනම මත (AIP) එකඟතාව ලැබිණ. පසුගිය සමයේ ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පොළිය ද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර Ad Hoc Group (AHG) සහ Local banking consortium විසින් නියෝජනය කෙරේ. කාලෝචිත ලෙස ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය ලබා දීම සහ පහසුකම් සැලසීම තුළින් නව රජය ආර්ථික ස්ථාවරත්වය කරා රට යොමු කිරීමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර ඇත. මූල්‍ය ස්ථායීතාවය සඳහා වන මෙම ප්‍රයත්නයන් ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු තෙවන පාර්ශවයන් විසින් ස්වාධීනව පිළිගෙන ඇති අතර, ශ්‍රේණිගත කිරීම් සටහන් කිහිපයකින් ඉහළ නංවා ඇත. මෙය කළ හැකි වූයේ නිවැරදි ප්‍රමුඛතාවය සහ ආර්ථික ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.

එබැවින් රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගිය අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ තීරනාත්මක පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහානව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසා ඇත. මෙය සමෘද්ධිමත් ජාතියකට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට තුඩු දෙන වර්ධන හා සංවර්ධන මාවතක් කරා රට ගමන් කිරීමේ කොටසකි.

කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සහ පහසුකම් සැලසීම මඟින්, නව රජය රට ආර්ථික ස්ථායිතාව කරා ගෙන යාමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර තිබේ. මූල්‍ය ස්ථායීතාව සඳහා වන මෙම ප්‍රයත්නය, ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු ස්වාධීන තුන්වන පාර්ශ්වයන්ගේ ප්‍රශංසාවට ලක් වී ඇති අතර, ඒ අනුව ශ්‍රේණිගත කිරීම් තුළ පියවර කිහිපයකින් උසස් කර තිබේ. මෙම සාර්ථකත්වය උදෙසා නිවැරදි ලෙස ප්‍රමුඛතාවයන් පිහිටුවීම සහ ආර්ථික ස්ථායීකරණය සඳහා ගත් කාර්යක්ෂම පියවර මූලිකව හේතු වී ඇත. ඒ අනුව, රජය තම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා පහසුකම් සලසමින් ආර්ථික ස්ථායිකරණය පිළිබඳ තීරණාත්මක පියවරක් ලෙස පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මෙය ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක – ලස්සන ජීවිතයක්” උරුම කරදීම යථාර්ථයක් කර ගැනීම සඳහා රට සමෘද්ධිමත් හා සංවර්ධන මාවතක් කරා ගමන් කරවීමේ කාර්යභාරයෙහි එක් පියවරකි.

  1. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම
    2.අ.1. පරාටේ නීති සහනය දීර්ඝ කිරීම
    හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
    2.ආ.2. සහන පැකේජය

ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.

රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.

2.ආ. පාසල් ළමුන් සඳහා පාසල් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සහාය
2.ආ.1. අස්වැසුම පවුල්වල ළමයි සමාජය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල දෙමාපියන් වෙත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැටවී ඇති බර ලිහිල් කිරීමට ඉදිරි පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 6,000 බැගින් වෙන් කර තිබේ. අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙම ප්‍රතිලාභය ඉක්මනින්ම ලබා දීම ආරම්භ කෙරේ.

2.ආ.2. අස්වැසුම නොලැබෙන පවුල්වල දරුවන්
දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලැබේ. මෙම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන, මේ දීමනාව ලැබිය යුතු සියලුම දරුවන් හට එම සහනය සැලසීම සහතික කරමින් ඔවුන්ට මේ ප්‍රතිලාභය ලබා දීමේ වැඩපිළිවෙළ දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024.12.26

SendShareShare
Previous Post

කිසිම පදනමක් නෑ! රාජ්‍ය නිලධාරීන් හිතූ හිතූ විදිහට මාරුකරන්න පටන් අරන්! රාජ්‍ය සේවය අවදානමේ! තොරතුරු එකතු කරන්න සජබෙන් විශේෂ ඒකකයක්! I Sri Lanka Latest News

Next Post

ජනවාරියේ රටම හෙල්ලෙන ලොකු හෙළිදරව්වක් පාර්ලිමේන්තුවට එන්නයි යන්නේ! ෆයිල් ඔක්කොම දැනටමත් ලෑස්තියි! Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.