ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසීය. (Sri Lanka Latest News)
මෙම විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බවත් විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ගනුදෙනු වලට අදාළ ආයතනවලින් වාර්තා කැඳවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද කාර්යාලය පවසයි.
ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.
මේ අතර රජයේ වාහන සම්බන්ධ විගණනය මේ දිනවල කරගෙන යන බව විගණකාධිපතිවරයා පැවසීය. සියලු ආයතන වලින් තොරතුරු ලබා ගැනීමට සිදුවන හෙයින් එම විමර්ශනයට තවත් කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
lankadeepa









