• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩබලන ඇමැති හදිසියේ වැඩපොළවලට කඩාපනී! 20කගේ වැඩ තහනම්! ඇමැති රට නැති දා වැඩබලන ඇමැති පිස්සු කෙළලා! ජාතික සේවක සංගමයේ පිරිසක්ද අස්කරලා! දවස මාධ්‍යවේදියකුත් හවුල්! MH මොහොමඩ් රට ගිය වෙලාවේ වැඩ පෙන්නපු හැරල්ඩ් කුලරත්නට ජේ.ආර්. කරපු දේ! Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
වැඩබලන ඇමැති හදිසියේ වැඩපොළවලට කඩාපනී! 20කගේ වැඩ තහනම්! ඇමැති රට නැති දා වැඩබලන ඇමැති පිස්සු කෙළලා! ජාතික සේවක සංගමයේ පිරිසක්ද අස්කරලා! දවස මාධ්‍යවේදියකුත් හවුල්! MH මොහොමඩ් රට ගිය වෙලාවේ වැඩ පෙන්නපු හැරල්ඩ් කුලරත්නට ජේ.ආර්. කරපු දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1977න් පසු එළඹුණු ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී මැති ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකුට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඇතැම් මාධ්‍ය තුළින්ද එසේමය. ඇතැම් අමාත්‍යවරුන් ඔවුන්ගේ අමාත්‍යාංශ යටතේ සිටින නියෝජ්‍ය ඇමැතිවරුන් මාධ්‍ය සාකච්ඡාවලට කැඳවූයේ නැත. විදේශගතවීමේදී නියෝජ්‍ය ඇමැතිවරු වැඩබලන පදවියට පත්වුවද ඔවුන්ගේ තීරණ මාධ්‍යයත් ඒ තරම් සැලකිල්ලට නොගත් අවස්ථාද විය. මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටියේ එදා කලවාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි හැරල්ඩ් කුලරත්න මහතාය. ප්‍රවාහන අමාත්‍යවරයාව සිටියේ බොරැල්ල ආසනයට තරග කර තේරීපත්වූ එම්.එච්. මොහොමඩ් මහතාය. හැරල්ඩ් කුලරත්න අව්‍යාජ පුද්ගලයකු මෙන්ම කිවයුතු දේ කෙළින් කතාකරන නිර්භය නියෝජ්‍ය ඇමැතිවරයෙකි.
ඒ දිනවල පොලිසියට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සොයා යන මම ඉඳහිට ඔහුගේ කාමරයටද ඇතුළු වන්නෙමි. ඒ ගිය සෑම අවස්ථාවකදීම ඔහු වනජීවී සත්ව කොට්ඨාස ගැන කතා කළා මිස ප්‍රවාහනය ගැන කිසිවක් කතා කළේ නැත. ඒ ගැන කතා නොකරන හේතුව ගැන දිනක් මා ඔහුගෙන් විමසූ විට ඔහු කීවේ ඒ ගැන කතාකරන්නට ඔහුට අයිතියක් නැතැයි කියාය. (Sri Lanka Latest News)

‘ඇරත් ඔයාලා අපි ගැන ලියන්නෙත් නැහැනේ’ යනුවෙන්ද ඔහු පැවැසුවේ සිනහමුසු මුහුණෙන් යුතුව මිස කිසිදු අමනාපයකින් නොවේ.
ඇත්ත වශයෙන්ම ඔහුගේ කාමරය පුරාම එල්ලා තිබුණේ වනාන්තරවලට රිංගමින් ඔහුගේ කැමරාවෙන්ම ලබාගත් වන සතුන්ගේ ඡායාරූපයන්ය.

දිනක් නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් මට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් කියැවුණේ අමාත්‍ය මොහොමඩ් දින කීපයකට විදේශගත වූ බවත්, තමන් දැන් එම අමාත්‍ය ධුරයේ වැඩ බලන බවත්ය. ඔහු මා හට කියා සිටියේ ’දැන්වත් අපට උදව් කරන්න’ යනුවෙනි.

‘හරි ඇමැතිතුමා, ඔබතුමා හවස 2ට විතර අමාත්‍යාංශයෙන් එළියට ඇවිත් කාර් එකෙන් දුම්රිය වැඩපොළවලටයි, පිටකොටුවේ බස් නැවතුම් පොළටයි හදිසියෙ කඩාපනින්න. මම අපේ වාහනයකින් ඡායාරූප ශිල්පියෙකුත් එක්ක ඔබතුමා පසුපසින් එන්නම්. ඒ යනකොට වගකිව යුතු නිලධාරීනුත් එක්ක යන්න. ඒ අයට කියන්න එපා කොහෙද යන්නේ කියලා. ඒ තැන්වලදී හමුවෙන අය ගැන එතැනදීම තීරණ ගන්න. ඒ තීරණ මම පහුවදා පත්තරේට ලියන්නම්…’ මම වැඩබලන ඇමැතිවරයාට පැවැසුවෙමි.

මගේ එම යෝජනාවට ඇමැතිවරයා එකඟ විය. වැඩබලන ඇමැති හදිසි වැටලීම්වලට යෑමට පෙර මම ‘දවස’ ඡායාරූප ශිල්පී ඩන්ස්ටන් වික්‍රමරත්න සමග ‘දවස’ වාහනයකින් ප්‍රවාහන අමාත්‍යාංශයට ගියෙමි. ඒ යනවිටත් වැඩබලන ඇමැතිවරයා හදිසියේ නිලධාරීන් කීපදෙනකුද ඔවුන්ගේ නිල වාහනවලින් අමාත්‍යාංශයට ගෙන්වා ගෙන තිබිණි. ඒ වනවිට වෙලාව සවස 2ට පමණ ඇත. මුලින්ම ඇමැතිවරයා ගියේ දෙමටගොඩ දුම්රිය අංගණයටය. ඒ යන විටත් සේවකයන් අටදෙනකු පමණ සිටියේ දිය නාමින් ගෙදර යෑමට සූදානම් වෙමින්ය. එතැනට ඇමැතිවරයා කඩාවදිද්දී ඔවුන්ට පැන යෑමට ඉඩක් නොලැබිණි. ඒ අනුව, එම වැඩපළේ භාරකාර නිලධාරියා ඇතුළු දිය නාමින් සිටි සේවක පිරිස එම මොහොතේම වැඩ තහනමට ලක්කෙරිණි.

ඉන් පසු ඇමැතිවරයා කඩාපැන්නේ පිටකොටුවේ පිහිටුවා තිබූ ලංගම බස් රථවලට වේලාව සටහන් කර දෙන වේලා සටහන් මැදිරි පිහිටි ස්ථානය අසලටය. ඒ වනවිටත් තරමක තද අව් රශ්මියක් පැවැතියද එය නොතකා වාහනයෙන් බැසගත් ඇමැතිවරයා එම මැදිරි අසලට පියමං කළේ ඔහු අත බැඳි ඔරලෝසුව දෙස බලමිනි. එම අවස්ථාවේ එහි සිටිය යුතු වේලා සටහන්කරුවන් සිවුදෙනාම එහි නොවීය. පැය භාගයකට ආසන්න කාලයක් ඇමැතිවරයා එහි රැඳී සිටියේය. අනතුරුව වේලා සටහන්කරුවන් එහි ළඟාවන්නට විය. මේ අතර, ඉන් එක් වේලා සටහන්කරුවකු අත රේස් ඔට්ටු පත්‍රිකාවක්ද තිබෙනු ඇමැතිවරයාගේ නෙත ගැටිණි. ඇමැති නියෝගයෙන් එම හතර දෙනාගේද වැඩ තහනම් කෙරිණි. එම අවස්ථාවේම නාරාහේන්පිටින් වේලා සටහන්කරුවන් සිවුදෙනකු පිටකොටුවට ගෙන්වන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට නියෝග කළේය. එදින සවස 4.30ට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් තවත් ස්ථාන කිහිපයක සිදුකළ හදිසි වැටලීම්වලදී වැඩ තහනමට ලක්වූ පිරිස 20 දක්වා ඉහළ නැග තිබිණි. මේ අතර මෙම සිදුවීම් සියල්ල මම ‘දවස’ ඡායාරූප ශිල්පියා ලවා ඡායාරූපගත කොටගෙන පසුදා ‘දවස’ පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස පළකළෙමි.

ඒ අනුව, ‘වැඩ බලන ඇමැති හදිසියේ වැඩපොළවලට කඩාපනී – 20කගේ වැඩ තහනම්…’ යන සිරස්තලය යටතේ වැඩබලන ප්‍රවාහන ඇමැතිවරයාගේ කෙරුවාව ‘දවස’ පුවත්පතේ පළවිය. කිසි දිනෙක පුවත්පතක මෙවැනි අන්දමේ ප්‍රසිද්ධියක් නොලද ඇමැතිවරයා මේ පුවත පළවීම නිසා මහත් අමන්දානන්දයට පත්වී සිටියේය. මා හට දෙතුන් වරක් දුරකතනයෙන් කතාකළ ඔහු මගෙන් විමසා සිටියේ විදෙස්ගතව සිටින ඇමැතිවරයා යළි දිවයිනට පැමිණි පසු මේ සිද්ධිය හේතුවෙන් මටත්, ඔහුටත් යම් බලපෑමක් එල්ල කරාවිද කියාය.

පසු දිනෙක මෙම සිද්ධිය එක්තරා දේශපාලන පක්ෂයට හිතවත් පුවත්පතක පළකර තිබුණේ, ‘ඇමැති රට නැති දා වැඩබලන ඇමැති පිස්සු කෙළලා – ජාතික සේවක සංගමයේ පිරිසක්ද අස්කරලා – දවස මාධ්‍යවේදියකුත් හවුල්…’ යන සිරස්තලය යටතේය.

ප්‍රවාහන ඇමැති විදෙස්ගතව සිට ආපසු එන විට වැඩ තහනමට ලක්ව සිටි සේවක පිරිස ලංගම බස් රියක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ගොස් තිබුණේ ඇමැතිවරයාට මේ ගැන පැමිණිලි කරන්නටය. එය එසේම සිදුවිය. සේවක පැමිණිල්ල අසා දැනගත් ප්‍රවාහන අමාත්‍ය මොහොමඩ් මහතා කෙළින්ම ගියේ ජනාධිපති ජේ.ආර්. නිවෙසටය. තමා දිවයිනේ නොසිටි අවස්ථාවේ වැඩබලන ඇමැතිවරයා සිදුකර ඇති අගතිය සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයාට පැමිණිලි කර සිටියේය. ඒ අනුව, ජේ.ආර්, වැඩබලන ඇමැති හැරල්ඩ් කුලරත්න කැඳවා මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වීය. පසුව වැඩ තහනමට ලක්වූ සේවක පිරිස යළි සේවය පිහිටුවීමට ඇමැති මොහොමඩ් පියවර ගත්තේය. ජේ.ආර්. කළ පරීක්ෂණයේදී එම සිද්ධියට මගේ නමද ඈඳී තිබූ බව පසුව මා හට පැවැසුවේ නියෝජ්‍ය ඇමැති හැරල්ඩ් කුලරත්නය. ඔහු මා හට පවසා සිටියේ මින් පසුව තමන් හමුවීමට අමාත්‍යාංශයේ පිහිටි කාර්යාලයට නොඑන ලෙසයි. එසේ තමා හමුවීමට අවශ්‍ය නම් තමන්ගේ නිල නිවෙසට එන ලෙසද නියෝජ්‍ය ඇමැතිවරයා මා හට දැනුම් දුන්නේය. ඔහු වැඩිදුරටත් මට කියා සිටියේ, මා ඔහුගේ අමාත්‍යාංශයේ නිල කාමරයට එනවාදැයි විපරම් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඔත්තුකරුවන් යොදවා ඇති බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

2025 ලංකාවට භයානකයි! ඉන්දියාවේ මහාරිෂි මහේෂ් යෝගිතුමාගේ අනාවැකිය! Sri Lanka Latest News

Next Post

නිලධාරීන් නවත්තන්න හැදුවා! ජනාධිපති මැදිහත් වුණා! රාජපක්ෂ ඥාතියා ඩොලර් අරන් ලංකාවට එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.