ලෝකයේ බොහෝ රටවල ජන අරගල හෝ උද්ඝෝෂණ සිදුවන්නේ යම් කාලයක් පුරා එයට අදාළ රට තුළ යම් පරිසරයක් නිර්මාණය වීමෙන් පසුවය. එහෙත් මෙයට දින කීපයකට ඉහතදී අපට අසන්නට ලැබුණු මෙම ජන අරගලය හෝ කැරැල්ල නිර්මාණය වූයේ එක් රාත්‍රියක් වැනි කෙටි කාලයකදීය. මෙම අපූරු අර්බුදය ඇතිවුණු රට කුමක්ද? මෙම කතාව අපට අසන්නට ලැබුණේ ආසියාතික දේශයක් වන දකුණු කොරියාවෙනි. දකුණු කොරියාව යනු ඉතා දියුණු සහ ධනවත් රාජ්‍යයක් වෙයි. මෙම දේශය අප ශ්‍රී ලංකාවටද බොහෝ සමීප වන්නේ දැනට වසර ගණනාවක සිට එරට තුළ අපගේ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනින් සේවය කරන හෙයිනි. බොහෝ විට එරට කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මෙම ශ්‍රී ලාංකිකයෝ සේවය කරති. ඒ අතරම දකුණු කොරියාව යනු ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලනික වශයෙන්ද බොහෝ මිත්‍ර රටකි. දැන් එසේ නම් මෙවැනි වටපිටාවකදී පසුගියදා දකුණු කොරියාවේ ඇතිවූ මහා ජන අරගලය කුමක්ද?
මෙම අපූරු අර්බුදය හරියටම ඇතිවූයේ පසුගිය දෙසැම්බර් 03 වැනිදා රාත්‍රියේදීය. එනම් එදා සවස් වරුවේ සිට එරට ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරය කර සිටියේ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සූක් යොල් :ශදදබ ීමන ශැදක* විසින් හදිසියේ එරට ජනතාව අමතා ප්‍රකාශයක් සිදුකරන බවය. එරට ජනතාවටත්, දේශපාලනික සහ අනෙකුත් පාර්ශ්වවලටත් මෙය මහත් අර්බුදයක් විය. එසේම එම පුවත මහත් ප්‍රහේළිකාවක් වූයේ හදිසියේම ජනාධිපතිවරයා විසින් ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ කුමක්ද යන්නය. රූපවාහිනිය ප්‍රකාශ කළ ආකාරයට රාත්‍රී 8 වනවිට දකුණු කොරියානු ජනාධිපතිවරයා සජීවී ලෙසින් ජාතිය අතමන්නට ගත්තේය. ඔහු මෙසේ ප්‍රකාශ කරන්නට විය. (Sri Lanka Latest News)
‘රාජ්‍ය විරෝධී බලවේග ගණනාවක්ම පසුගිය කාලය පුරා දකුණු කොරියාවේ පාලන තන්ත්‍රය බිඳදැමීමට කටයුතු කරමින් සිටිනවා. එහිදී විදේශීය ප්‍රධාන බලවේගයක් ලෙස උතුරු කොරියාව හඳුන්වා දෙන්න පුළුවන්. මගේ පාලනය තුළ පසුගිය කාලයේ නිදහස් කොරියානු ජනරජය දියුණු රාජ්‍යයක් ලෙස ගොඩනගා ගැනීමට කටයුතු කළා. එහෙත් ඒ තත්ත්වය විනාශ කර දැමීමට රාජ්‍ය විරෝධී බලවේග කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ මෙරට රාජ්‍ය බලධාරීන්ට සහ උසස් නිලධාරීන්ට එරෙහිව දෝෂාභියෝග 22ක් ජාතික සභාව (පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කර තිබෙනවා. තවත් දෝෂාභියෝග 10ක් පමණ ගෙන ඒමටද කටයුතු කරමින් සිටිනවා. මෙම කඩාකප්පල්කාරීන් විසින් අධිකරණය සහ විනිසුරුවරුන්ද බියගන්වමින් සිටිනවා. මේ අනුව දැන් අපf්ග ජාතික සභාව අපරාධකරුවන්ගේ ගුහාවක් බවට පත්ව තිබෙනවා. මේ අනුව ඔවුන් විශාල රාජ්‍ය විරෝධී කැරැල්ලක්ද සංවිධාන කරමින් සිටිනවා. මේ තත්ත්වයට අපට තවදුරටත් ඉඩ දෙන්න බැහැ. මේ නිසා මගේ පුරවැසියන් වෙත හදිසි තීරණයක් ප්‍රකාශයට පත්කර සිටිනවා. උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගවල තර්ජනවලින් දකුණු කොරියානු නිදහස් ජනරජය ආරක්ෂා කරගැනීමටත්, අපේ ජනතාවගේ නිදහස සහ සතුට කොල්ලකන නිර්ලජ්ජිත උතුරු කොරියානු ගැති රාජ්‍ය විරෝධී බලවේග මුලිනුපුටා දැමීමටත් නිදහස් ව්‍යවස්ථාමය නියෝගයක් ලෙස මා විසින් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත්කරනවා. මෙම හදිසි යුද නීතිය හරහා විනාශයට ඇදවැටෙන දකුණු කොරියානු රාජ්‍යය නැවත ගොඩනගා ආරක්ෂා කරමි. මෙතෙක් කල් ම්ලේච්ඡ ක්‍රියාවල නිරතවූ රාජ්‍ය විරෝධී බලවේගවල අපරාධකරුවන් සියල්ල මම නිසැකවම අතුගා දමමි. රටේ අනාගත පරපුරට යහපත් රටක් දායාද කරමි….’
දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යොල්ගේ ප්‍රකාශය තවත් දීර්ඝ එකක් වුවත් එහි අත්‍යාවශ්‍ය කොටසක් පමණක් මෙහි ලියා තැබුවෙමි. ඔහුගේ රූපවාහිනී කතාව විකාශය වී ගතවූයේ හරියටම හෝරාවක් හෝ දෙකක් පමණි. දකුණු කොරියාවේ රාජ්‍ය තන්ත්‍රයේ විරුද්ධ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස කලබලයට මෙන්ම කෝපයටද පත්වන්නට විය. ඔවුන් එදා රාත්‍රියේදීම නිදි වරමින් යම් ජනතා උද්ඝෝෂණයක් සිදුකිරීමට කටයුතු සැලසුම් කළේය. මේ අතර ජනාධිපතිවරයාගේ තදබල ප්‍රකාශයට සාමාන්‍ය ජනතාවද මහත් සේ කලබලයට පත්වන්නට විය. එසේම ඔවුන්ද දැඩි ලෙස කෝපයට පත්වන්නට වූයේ මෙසේ හදිසියේම යුද නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් ඉතා භයානක සමාජයීය තත්ත්වයක් රට තුළ ඇතිවීමෙන් සිදුවිය හැකි අනතුර ගැන සිතමිනි. මේ අනුව රටේ බොහෝ ජනතා පාර්ශ්ව එදින රාත්‍රියේදීම තීරණය කළේ මෙම තත්ත්වයට එරෙහිව නැගීසිටීමටය.
කාලය විනාඩි ගණනින්, හෝරා ගණනින් ගෙවී ගියේය. දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ යුද නීතිය ප්‍රකාශයට පත්කිරීමේ තීරණයට විරෝධතාව පළකරමින් ජනතාව වීදි බසින්නට වූහ. විරුද්ධ පක්ෂ විසින් ඉතා කඩිනමින් ජන අරගලයක් සංවිධාන කළේය. ඔවුන්ගේ තීරණය වූයේ පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය වැටලීමයි. කැරැල්ල සඳහා සිය ගණනින් පැමිණි ජනතාව දහස් ගණනින් වැඩි වන්නට වූහ. මෙම කලබලකාරී තත්ත්වය නිරීක්ෂණය කළ රාජ්‍ය බලධාරීන් වහා ආරක්ෂක අංශ වෙත නියෝග නිකුත් කළේය. ඒ අනුව කැරැලි මර්දන හමුදා සහ පොලිස් කණ්ඩායම් වහා ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි වෙත රැකවරණ දෙන්නට කටයුතු කළේය. එහෙත් අරගලකරුවන් රාත්‍රිය පුරාම එම ස්ථානවලට දසදහස් ගණනින් කඩාවැදුණේය. ඔවුන් ආරක්ෂක අංශවල භටයන් සමග ගැටුම් ඇතිකර ගත්තේය. මේ නිසා දෙපාර්ශ්වයේම විශාල පිරිසක් තුවාල ලබන්නටද විය. අරගලකරුවන් එක හඬින් කියා සිටියේ
ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ යුද නීතිය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ජනාධිපතිවරයාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටත්ය. දකුණු කොරියාවේ පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය පාලක පක්ෂයට වඩා විපක්ෂය බලවත් බවට කරුණු ප්‍රකාශ වෙයි. එනම් එරට වත්මන් විපක්ෂ නායක ලී ජේ මියුන්ග් :ඛැැ න්‍්ැ-පහමබට* ප්‍රධාන විපක්ෂය බොහෝ විට පාර්ලිමේන්තුව තුළ බලවත්ය. මෙවැනි වටපිටාවක් යටතේ විරුද්ධ පාක්ෂික කණ්ඩායම් බලකර සිටියේ එදින රාත්‍රියේදීම පාර්ලිමේන්තුව හදිසියේ රැස්කර මෙම යුද නීතිය ඉවත් කිරීමට තීරණයක් ගත යුතු බවයි. ජන අරගලය මැදම හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.
අවසානයේදී ජනතාව දහස් ගණනින් පාර්ලිමේන්තුව වටකරමින් රැස්ව සිටින අතරතුරදී කතානායකවරයා හදිසි පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවූයේය. ඒ සඳහා කඩිමුඩියේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ. ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ යුද නීතියට එරෙහිව ඡන්දය දීමට මන්ත්‍රීවරුන් එදින රාත්‍රියේම කටයුතු කළේය. පක්ෂ භේදයකින් තොරව බොහෝ මන්ත්‍රිවරුන් යුද නීතිය තීන්දුවට එරෙහිව ඡන්දය ලබාදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඡන්ද විමසීම ජයග්‍රහණය කළ අතර, අවසානයේදී කතානායකවරයා තම තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේ සිට ජනාධිපතිවරයාගේ යුද නීති ප්‍රකාශය වලංගු නොවන බවයි. එනම් යුද නීතියක් පැනවීම සිදු නොකළ හැකි බව නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ තීරණය පැය කිහිපයක් ගතවූ රාත්‍රිය තුළදීම අහෝසි කර දැමීමට සිදුවිය. ඒ කෙසේ වුවද මෙම තත්ත්වයට අදාළව ජනාධිපතිවරයාගේ තීන්දුව තවද ප්‍රකාශ වී නොතිබිණි. ඔහු යමක් නිල වශයෙන් ප්‍රකාශ කරන තුරු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටියේය. කාලය පැය දෙකක් පමණ ගතවී ගියේය. ජනාධිපතිවරයා නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එදින රාත්‍රියේදී ‘යුද නීතිය විසුරුවා හැරීමට සහ ඉවත් කිරීමට’ ජාතික සභාව ගත් තීරණය තමන් පිළිගන්නා බවය. ඒ අනුව තමන්ද එම තීන්දුව ඉල්ලා අස්කර ගන්නා බවට කටයුතු කරන බව පැවැසීය. මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව පිටත රැස්ව සිටි ජනතාව සතුටින් ඔල්වරසන් දෙන්නට වූහ. එසේම එදින රාත්‍රියේදීම ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් සභාව තුළ දෝෂාභියෝගයක්ද සම්මත කරගත්තේය. කෙසේ හෝ එක් රාත්‍රියකදී මහා අරගලයක් මෙසේ නිමාවට පත්විය.
මොකක්ද මේ යුද නීතිය?
යුද නීතිය යනු කුමක්ද? යුද නීතිය යනු යම් රටක සිවිල් ආණ්ඩුව වෙනුවට මිලිටරි පාලනයක් සහ මිලිටරි බලතල (හමුදාමය) සඳහා සිවිල් නීතිමය ක්‍රියාවලීන් අත්හිටුවීමයි. යුද නීතිය ඉංග්‍රීසි බසින් ඵ්රඑස්ක ඛ්අ (මාර්ෂල් ලෝ) ලෙසින් හඳුන්වයි. යුද නීතිය නිශ්චිත කාලයක් සඳහා හෝ දින නියමයක් නැතිව හෝ දිගටම පැවැතිය හැකි අතර, යුද නීතිය පවතින තාක්කල් සම්මත සිවිල් නිදහස අත්හිටුවිය හැකිය. බොහෝ විට යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ යම් රටක යුදමය සහ සිවිල් නොසන්සුන්තා මෙන්ම ස්වභාවික විපත් වැනි හදිසි අවස්ථාවලදීය. විකල්පයක් ලෙස හමුදා කුමන්ත්‍රණවලදීද යුද නීතිය ප්‍රකාශ කළ හැකිය. පසුගිය දශක ගණනාවක් තුළදී ලෝකයේ රටවල් 40ක පමණ යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










