• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – මධ්‍ය දඩයම – පරාටේ නීතිය – ගංවතුර ආපදා – බෙහෙත් හිඟය – පොහොර සහනාධාර – තෙල් මිල – විදුලි බිල සහනය – IMF ගිවිසුම! විනාඩි 12යි! ප්‍රහාර 9යි! විපක්ෂ නායක පාර්ලිමේන්තුව හොල්ලයි! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බලය බෙදන්න කියලා ජාතීන් අතර සමගිය ඇති කරන්න කියලා හිටිහැටියෙම ජනාධිපති කැඳවපු රැස්වීමට ගිය සජිත් ජාතිවාදය වපුරපු අයයි බලය ගන්න ගේම් ගහපු අයගෙයි මූණටම කරපු කතාව එළියට! කතාව කරනකොට බිම බලන් ඉන්න අයවත් හොඳට බලාගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘අපේ ප්‍රතිපත්තිය වන්නේ රටට සුබවාදී, රටටත් ජනතාවටත් ශක්තිය එකතු කරන වැඩසටහන්වලට පූර්ණ සහයෝගය ලබාදීමටත්, රටට අහිතකර ක්‍රියාදාමයන්වලට විරුද්ධ වී අඩුපාඩුකම් ඇත්නම් ඒවා පෙන්වාදී ඒ වෙනුවෙන් විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරීමත්ය. රජය මැතිවරණ වේදිකාවල කියපු දේ සහ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් අතර තිබෙන පරතරය පිළිබඳ සඳහන් කරන්න මා කැමැතියි. (Sri Lanka Latest News)

අපිට අහන්නට ලැබුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින්ම ඉවත් කරනවා කියලා. නමුත් මේ වනවිට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස, පුරවැසි නිදහස අහිමි කරලා තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරතවීම සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබාගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් වර්තමාන ආණ්ඩුවට ලැබුණා. නමුත් මේ මොහොත වනවිට ඉවත් කරන බව කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවා නම් මේ මර්දනය නතර කරන්න කියලා.
ඒ වගේම මේ රටේ ආර්ථික වර්ධනයේ සියයට පනහකට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්. දෙසැම්බර් 15 වැනිදා වනවිට තාවකාලිකව අත්හිටුවූ පරාටේ නීතිය නැවත බලගැන්වෙනවා. අපිට අහන්නට ලැබෙනවා ඒ පරාටේ නීතිය අත්හිටුවීම තවත් කාලයකට දීර්ඝ කරන්නට රජය සලකා බලන්න යනවා කියලා. ඒක හොඳ දෙයක්. නමුත් ඒ සමගම තවත් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක විය යුතුයි. පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සමග තව යම් කාලයකට කඩාගෙන වැටුණු ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩනැංවීමට ප්‍රාග්ධන ශක්තියක් ලැබෙන්නට අවශ්‍යයි. දරාගත හැකි පිරිවැයකට කාරක ප්‍රාග්ධනය ලබාදිය යුතුයි. ණය කපාහැරීමට හැකියාවක් තිබෙනවා නම් ඒ දේත් ඉටුකළ යුතුයි. මේ ඛේදවාචකය නිර්මාණය වුණේ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග, කොරෝනා ව්‍යසනයත් සමග, රට බංකොල්ලොත් වීමත් සමග ඒ ව්‍යාපාර කඩාවැටීම නිසයි.

ඒ වගේම රටේ තිබුණ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ගංවතුර, නායයෑම්, නිවාස විනාශ වීම්, ජීවිත අහිමිවීම්, තුවාල සිදුවීම් සිදුවුණා. පුද්ගලයන් ලක්‍ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අසහනයට පීඩනයට විපතට පත්වී සිටිනවා. ඒ පුද්ගලයන්ට සහන ලබාදීමට රජය කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. ආපදා කළමනාකරණ අණ පනත්වලට අනුකූලව ආපදා කළමනාකරන මණ්ඩලයක් පවතිනවා. ඒ සඳහා විපක්ෂයත් සම්බන්ධයි. මෙවැනි ආපදා තත්ත්වයකදී එම මණ්ඩලය කැඳවීම සුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. ආපදාවකට ජාති ආගම් කුල භේද නැහැ. ආපදාවකදී විසඳුම් ලබාදීමට කටයුතු කිරීමේදී අපි සියලු දෙනා එකට එකතු වී තිබෙන යාන්ත්‍රණය උපයෝගී කරගනිමින් මේ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා මඟහැර ගනිමින් ආපදා තත්ත්වයන්ට ශක්තිමත්ව මුහුණ දීමට අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කොට අත්‍යාවශ්‍ය වී තිබෙන අලුත් රේඩාර් පද්ධති ලබාගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම අලුත් උපකරණ ලබාදීමට දැනටමත් ජපානය සහ ලෝක බැංකුව සූදානම්. විවිධ රේඩාර් පද්ධති ක්ෂණිකව නිර්මාණය වන ගංවතුර තත්ත්වයන් වේලාසනින් ජනතාවට දැනුම් දීම තුළින් හානිය අවම කරගැනීමට හැකියාව තිබෙනවා. ලෝක බැංකුවට සහ ජපානයේ ජයිකා ව්‍යාපෘතියට කතාකරලා අලුත් රේඩාර් පද්ධති ලබාගන්න කියලා මම යෝජනා කරනවා. ඇතිවුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ දැවැන්ත වගා හානියක් සිදුවී තිබෙනවා. ඒ වගා හානිය හරහා රටේ ආහාර අවශ්‍යතාවට සිදුවන බලපෑම පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් සිදුකළ යුතුයි. ගංවතුර හේතුවෙන් සිදුවුණු වගා හානි පිළිබඳ සොයාබලා නිශ්චිත සහනයක් ලබාදිය යුතුයි. අපිට අහන්න ලැබුණා දියයුතු සහනය එක්ලක්ෂ විසිදාහක් කියලා. නමුත් එය 40,000 දක්වා අඩුකරලා තිබෙනවා. ගංවතුරෙන් අසහනයට පීඩනයට පත්වුණු ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඖෂධ ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ වනවිට ඉන්සියුලින්, සෝඩියම් බයිකාබනේට්, පිළිකා සඳහා ලබාදෙන ඖෂධවල හිඟයක් තිබෙනවා. ඒ වගේම රිජ්වේ ආර්යා රෝහලේ විකලාංග දන්ත සායනයේ උපකරණවල හිඟයක් තිබෙනවා. මේ අඩුපාඩු සොයාබලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩුකම් සඳහා විසඳුම් ලබා දෙන්නයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ විසඳුම් ලබාදීමේදී විපක්ෂයේ සහායත් ලබාදීමට අපි සූදානම්. සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න රජයට සහාය දෙන්න අපි සැදීපැහැදී සිටිනවා.

ඒ වගේම පොහොර සහනාධාරය හරියාකාරව ක්‍රියාත්මක වෙලා නැහැ. තවමත් විසිපන්දාහේ පොහොර සහනාධාරය ලැබී තිබෙන්නේ දෙලක්ෂ දාහත්දාහකට පමණයි. තවමත් පහළොස් දාහේ පොහොර සහනාධාරය දෙලක්ෂ 28,000කට සහ එක්ලක්ෂ 65,000කට වට දෙකකින් තමයි ලැබී තිබෙන්නේ. කියූ ආකාරයට විසිපන්දාහේ පොහොර සහනාධාරය ඉලක්කගත ගොවීන් ප්‍රමාණයට ලබාදීමේ වැඩපිළිවෙළ නිසියාකාරව ක්‍රියාත්මක කරන්නයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම සංවර්ධන නිලධාරීන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ඔවුන්ගේ දුක ඉදිරිපත් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ සංවර්ධන නිලධාරීන් වසර 5ක් රටේ ගුරු හිඟය පියවන්නට විශාල කාර්යභාරයක් ඉටුකළ කණ්ඩායමක්. නමුත් සංවර්ධන නිලධාරීන් මර්දනය කිරීමේ ක්‍රියාදාමය තුළ මේ වනවිට පහකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ කණ්ඩායම් මහ පාරට බැහැලා ඉල්ලීම් ඉල්ලන විට සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කර ඔවුන්ට විශ්වාසයක් ලබාදී යම්කිසි සදාචාරාත්මක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සුදුසුයි.

ඒ වගේම රටේ තිබෙන සහල් හිඟයට විධිමත් විසඳුමක් අවශ්‍ය වෙනවා. මැතිවරණ කාලසීමාවේදී වේදිකාවල අහන්න ලැබුණා කිසිදු දවසක සහල් පිටරටින් ආනයනය කරන්නේ නෑ කියලා. නමුත් සහල් ආනයනය කිරීමේ ක්‍රියාවලිය වර්තමාන රජය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩවල මිල ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල්වලට තමන්ගේ පාරිභෝජනය ක්‍රියාත්මක කරන්න නොහැකි වෙලා තිබෙනවා. රටේ පුරවැසියන්ගේ ආහාර නොවන වියදම් සහ ආහාර වියදම් අවබෝධ කරගෙන සහල් හිඟයට විසඳුමක් ලබාදී තිරසර වැඩසටහනක් සඳහා යොමුවන ලෙස අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම තෙල් මිල සූත්‍රය පිළිගන්නේ නැහැ කියලා අපිට අහන්න ලැබුණා. ජන වරමින් බලයට ආපු ගමන් මිල සූත්‍රය පසෙක දමා ශීඝ්‍රයෙන් ඉන්ධන මිල පහළ දැමීමට කටයුතු කරන බව පැවසුවා. ඉන්ධන වරායෙන් ගොඩබාන විට එක් මිලක් පාරිභෝගිකයාට ලබාදෙන විට ඉහළ මිලක් එසේ වෙන්නේ නැහැ කියලා පැවසුවා. කියපු දේ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම අගමැතිවරිය විවිධ පුරප්පාඩු පිරවීම ගැන කතා කළා. ලැයිස්තු පිරවීම පිළිබඳ අගමැතිවරියට තිබෙන කැක්කුම ගංවතුරෙන් විපතට පත්වුණු ජනතාව කෙරෙහිත් යොමුකරන්න. සංවර්ධන නිලධාරීන්ගේ අර්බුද සඳහා විසඳුම් ලබාදෙන්න. සමාජ මාධ්‍ය නිදහස, මාධ්‍ය නිදහස සුරක්ෂා කරන්න. ඉවත් කරන බව කියූ ත්‍රස්ත විරෝධී පනත ඉවත් කරන්න කටයුතු කරන්න. ත්‍රස්ත විරෝධී පනත භාවිත කර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විනිසුරුවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ පරිශීලනය කරන්න කියලා අගමැතිවරියගෙන් ඉල්ලා සිටිනවා. ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ විනිසුරුවරයා රජයට පාඩමකුත් උගන්වා තිබෙනවා.

ඒ වගේම වේදිකාවලදී ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය කණ්ඩායම ණය තිරසර කිරීමේ වැඩසටහන වෙනස් කරන බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කරන බව ප්‍රකාශ කළා. බදු අයකරන සීමාව ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩිකරන බව ප්‍රකාශ කළා. වැට් බද්ද අඩුකරන බව ප්‍රකාශ කළා. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තුළ වේදිකාවේ සඳහන් කළ දේවල් ක්‍රියාත්මක කරනවාද නැතිනම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ක්‍රියාත්මක කළ ක්‍රමවේදයම ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවද? ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සභාගත කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා.

අපි නියෝජනය කරන්නේ පොළොවේ යථාර්ථය, මෙම ගිවිසුම පොළොවේ යථාර්ථයට විසඳුමක් නෙවෙයි. එම නිසා අපි මීට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට විරුද්ධව ඡන්දය ලබාදෙමින් ප්‍රකාශ කළා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීම පිළිබඳ දිගින් දිගටම විරෝධතාවය පළකළා. අගමැතිවරිය සහ විජිත හේරත් ඇමැතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට විරුද්ධව කටයුතු කළා. පොළොවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහ රජයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමට අත එසවීමද කියලා මම අහන්න කැමැතියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ රාමුව තුළ සිට අපි කටයුතු කළ යුතුයි. එය අපි පිළිගන්නවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම තුළ තිබෙන පොදු ජනතාවට අහිතකර කරුණු කාරණා අපි ඉවත් කරගත යුතුයි. ඒ සඳහා අපේ සහයත් ලබාදෙනවා. අනිවාර්යයෙන්ම කියපු දේ ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික ජන බලවේගය වේදිකාවල ප්‍රකාශ කළ දේවල් ක්‍රියාත්මක කරන්නට පොදුජන හිතකාමී දේවල් ක්‍රියාත්මක කරන්නට අපේ උපරිම සහයෝගය ලබාදෙනවා….’

SendShareShare
Previous Post

අවුරුදු 10 දැරිය කෙලෙසන්න හැදූ පාපතරයාට ගල් ගසා දැරිය බේරාගත් අවුරුදු 15ක පුංචි වීරයා! Sri Lanka Latest News

Next Post

බයිඩන්ලත් ඉගෙන ගත්ත අපේ ජනාධිපති පාඩම! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.