• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දානන්දට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රහාරයක්

June 1, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මහින්දානන්දට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රහාරයක්
Share on WhatsAppShare on Facebook

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බෝම්බ ලෙස හඳුන්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුවේ මතය නොවන බවත්, එය ඔහුගේ පෞද්ගලික මතයක් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනය කරයි.

හෙතෙම පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශය හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇති බවකි

අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් මෙරටට පැමිණීමට
නොහැකි වු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ
සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ. විපක්ෂයට සම්බන්ධ
ඇතැමුන් මේ පිළිබද ව විවිධ බොරු මත පතුරවන බව පැහැදිලි ය. ඔවුන් උත්සාහ
දරන්නේ බොරදියේ මාළු බෑමටය. පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා
ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බව අවධාරණය කරමි.
විදේශගත ශ්‍රී ලාන්කික ශ්‍රමිකයන් හෙවත් රට විරුවන් ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිතුමා පත් කර ගැනීම සදහා කළ කැපවීම අප කිසිසේත් අවතක්සේරු කර
නොමැත. ඔවුන් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන පාර්ශවයක් වන අතරම
මාතෘ භූමියේ අනාගතය පිළිබද විශේෂ දැක්මක් ඇති පිරිසකි. පසුගිය දිනෙක කුවේට්
රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද
අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ
අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික
මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට
මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 143 ක විදේශගත ශ්‍රී
ලාංකිකයන් 38,983 කට වැඩි පිරිසක් පැමිණීමට අපේක්ෂාවෙන් සිටියහ. විදේශ
කටයුතු අමාත්‍යාංශ වාර්තා අනුව සිසු සිසුවියන් 3078 ක් කෙටි කාලීන වීසා
බලපත්‍රලාභීන් 4040 ක් සංක්‍රමණික ශ්‍රමිකයන් 27854, යැපෙන්නන් 3527 ක්, ද්විත්ව
පුරවැසියන් 484 දෙනෙක් හා වෙනත් අය මීට ඇතුළත් ය. පහුගිය මාර්තු 19 වන දින
ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු මේ දක්වා රටවල් 21 ක සිර වී සිටි ශ්‍රී
ලාංකිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ඇති අතර ඔවුන්
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය
හැදෑරු සිසු සිසුවියන් පුහුණුව සදහා ගිය රජයේ නිලධාරීන් රටවිරුවන් හා ඔවුන්ගේ
යැපෙන්නන් මේ අතර වෙයි.
මේ වන විටත් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග ඇතුළු සියලු රටවල
සිටින විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන කිසිසේත් අතහැර
දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හෝ රජයේ සුදානමක් නැත.
විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබද ව නිරන්තරයෙන් ම ඇමති මණ්ඩලය
දැනුවත් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂල අගමැති මහින්ද රාජපක්ෂ

ඇතුළු ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට
පැමීණීමට අපේක්ෂාවෙන් සිටින අවසන් ශ්‍රී ලාංකිකයා දක්වා කුමන තත්ත්වයක්
යටතේ වුවද දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් ඒ සදහා
කටයුතු කිරීමේ දී රට තුළ සිටින ජනතාව අනතුරේ දමා ඉතාලිය, ඇමෙරිකාව වැනි
තත්ත්වයන් රටතුළ නිර්මාණය වීමට ද කිසිසේත් ඉඩ තැබීමට ද ආණ්ඩුවට නොහැකි
ය. එවැනි තත්වයක් මතුවුවහෝත් අනතුරට පත්වන්නේ මෙරට සිටින ඔබේ මව පියා
ස්වාමිපුරුෂයා හෝ බිරිද නැතහොත් දරු දැරියන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන්
ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ ඉතා පරිස්සමෙන් බව අප සියලු දෙනා
වටහාගත යුතුව තිබේ. රටතුළ සිටින්නේ ද විදේශගත ශ්‍රමිකයන්ගේ ම
සමීපතමයන්ය. විදේශගත ව පීඩාවට පත්ව සිටින්නේ ද – අනතුරුදායක තත්ත්වයේ
සිටින්නේ ද අපේ ම පුරවැසියෝ ය. මේ නිසා පවතින තත්වය පිලිබදව ඉවසීමෙන්
සිතා බලන ලෙස අපි මේ මොහෝතේ සියළු රට විරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ඔබ
මෙන්ම මෙරට සියළු දෙනා ආරක්ෂා කර ගැනීම රජයක් ලෙස අපගේ යුතුකම හා
වගකීමයි. ඒ යුතුකම හා වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව
කිසිසේත් පැහැර හරින්නේ නැත.
ඒ නිසා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින විදේශගත ශ්‍රී
ලාංකික රටවිරුවන්ගෙනුත් ඔවුන්ගේ ඥාතීන්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ පටු
දේශපාලන ඕනෑ එපාකම් වලට හසු නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ඔබ
අපේ මතෘභූමියට කළ සේවය හෝ ඔබේ වටිනාකම අප කිසිසේත් අමතක කර
නොමැති බව අවධාරණය කරමි.

SendShareShare
Previous Post

යූ.එන්.පි.යේ ප්‍රේමදාසගේ තැන කරුණානායකට?

Next Post

ඩඩ්ලිට පණ එයි: අනතුරු ඇඟවීමකුත් කරයි (VIDEO)

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.