එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය රවි කරුණානායක මහතා හට ලබා දෙන ලෙසට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශාල වශයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීන්දු කිරීමත් සමග එතෙක් ප්‍රේමදාස මහතා දැරූ නියෝජ්‍ය නායක තනතුරද පුරප්පාඩු විය.
ඒ අනුව දැනට එම තනතුර දැරීම සදහා පක්ෂය තුළ සිටින සුදුසුකම් ලත් එකම් ජ්‍යෙෂ්ඨයා රවි කරුණානායක මහතා බවටත්, එමනිසා එකී තනතුර ඉදිරි සති 2 ඇතුළත ඒ මහතාට ලබා දිය යුතු බවටත් පක්ෂයේ බොහෝ පිරිසක් පක්ෂ නායකත්වය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙම පත්කිරීම හරහා පක්ෂයේ ඊළග නායකත්වය සම්බන්ධයෙන් රටට පණිවුඩයක් ලබා දිය හැකි බවත්, ඉදිරි මහමැතිවරණයට පෙර මෙම පත්කිරීම සිදු කළ යුතු බවටත් පක්ෂ නායකත්වය වෙත එම පිරිස් දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.










