2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 140,000ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 05කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළදා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගත්තා. (Sri Lanka Latest News)
මෙම නඩුව ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණා.
එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළා.
මෙම නඩුවට පාදක වන කැරම්බෝඩ් හා දාම් ලෑලි 14,000 බැගින් ආනයනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් තමන්ට අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් එල්ල කර තිබෙන බව හිටපු ඇමතිවරයා පැවසුවා.
මෙම කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කිරීම ස.තො.ස ආයතනය හරහා සිදුවී ඇතැයි සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ එම ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවලට ලැබී නොමැති බවත් පැවසුවා.
ඒ අනුව අදාළ ක්‍රීඩා භාණ්ඩ ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බවත් එම භාණ්ඩ ආනයනය කිරීම සිදුවී තිබෙන්නේ ස.තො.ස සහ ආයතනය හරහා බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂය පරාජයට පත් වූ අතර ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා තමන් මුල් වී කටයුතු කළ බවත් ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් රට පුරා පැවැත්වීමට තමන් දායකත්වය ලබා දුන් බවත් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.
ඒ අනුව දේශපාලන පළිගැනීමක් වශයෙන් තමන්ට නඩු හතක් ගොනු කෙරුණු බව සඳහන් කළ ඔහු ඉන් නඩු කිහිපයකින්ම තමන්ව නිදොස් කොට නිදහස් කෙරුණු බවත් පැවසුවා.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ තමන්ව දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක් කිරීමට යැයි සඳහන් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මෙම චෝදනාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති අවධාරණය කළා.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19වනදා දක්වා කල් තැබුණා.
මෙහිදී විත්තිය නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් තා විනිසුරු මඩුල්ල දෙසැම්බර් මස 12වනදා සිට 18වනදා දක්වා කල සීමාව තුළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට ද ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල විසින් අවසර ලබා දුන්නා.
hirunews










