• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා පත්කරපු මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට එරෙහිව කොළඹ මහා ශිෂ්‍ය සංගමය අනුරට ලියුමක් යවයි! තනිකරම දේශපාලන පත්වීමක්! විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු කුලපති කරන්න! I Sri Lanka Latest News

November 27, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!
Share on WhatsAppShare on Facebook

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කර සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවට විශ්ව විද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු පත් කරන ලෙස ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.Sri Lanka Latest News

එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බවයි.

එම නිසා වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙසයි ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යැවූ ලිපිය පහතින් දැක්වේ.

අනුර කුමාර දිසානායක

ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්‍යයාලය,

කොළඹ 01.

ජනාධිපතිතුමනි,

කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරවාන්විත ම තනතුර වන කුලපති ධූරයට පසුගිය වකවානුව තුළ දේශපාලනික පත්කිරීමක් වශයෙන් පත් කෙරුණු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සම්බන්ධව කලක පටන් කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවගේත්, සමස්ත සමාජයේත් දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ විය.

එයට හේතුව මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීමට පූර්වයේ කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපතිධූරයට තෝරා පත් කරගත් කුලපතිවරුන් එම භූමිකාවට ගැළපෙන සුදුසුකම් සහ මනා පරිචයකින් යුක්ත වූවන් වීමත් මෙම මුරුත්තෙට්‍ටුවේ හිමිගේ පත් කිරීම හුදෙක් එවකට රාජ්‍ය නායකයා ස්වකීය මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීම වැනි පටු කාරණා පදනම් කරගෙන සිදු කිරීමත් ය.

එලෙසින් ධූරයේ පරමාභිලාෂය නොසලකමින් තම පටු අරමුනු මුදුන් පමුණුවා ගැනීමට එවකට ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ හිමියන්ව පත්කරගැනීම පදනම් කරගෙන එයට විරුද්ධව බොහොමයක් පාර්ශව විවිධාකාර ක්‍රියාමාර්ග ගන්නා ලදි.

පසුගිය වකවානුවේ වසර ගණනාවක් ම කොළඹ විශ්වවිද්‍යාලයට අදාළව පැවති උපාධි ප්‍රදානෝත්සව කිහිපයකදී ම කුලපතිවරයා අතින් තම උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම එහිලා සුවිශේෂී අවස්ථාවකි. මෙවන් තත්ත්වයන් දිගින් දිගට ම සිදුවීම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට ද අති මහත් වූ කැළලකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත් කරනු ලබන නාමමාත්‍රික තනතුරක් වුව ද විශ්වවිද්‍යාලයක කුලපති ධූරය වනාහි එකී විශ්වවිද්‍යාලයේ ගෞරවය, කීර්තිය පිළිබඳ ව ප්‍රකාශමාන වන සංකේතයක් බඳු ය.

විශ්වවිද්‍යාලයක අතිමූලික කර්තව්‍ය වන විද්‍යාර්ථීන් බිහි කිරීමේදී සිදු කෙරෙන උපාධි ප්‍රදානය කිරීමේ ප්‍රධානෝත්සවය වැනි වැඩසටහන්වල මූලාසනය හෙබවීම වැනි අවස්ථාවන් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට ලබා දෙන්නේ එහෙයිනි.

විද්‍යාර්ථීන් තම වසර ගණනක මහන්සියේ අග්‍රඵලය බඳු උපාධිය ලබාගන්නේ බොහෝ විට එම උපකුලපතිගේ දෑතිණි. එහෙයින්, කුලපති ධූරය හුදු නාමික තානාන්තරයකින් ඔබ්බට ගිය සමස්ත විශ්වවිද්‍යාලයේ ම ගෞරවය පිළිබිඹු කරන කැඩපතක් වැනි ධූරයකි.

එමනිසා ඊට පත් කරනු ලබන තැනැත්තාගේ සුදුසුකම්, භාවිතාව සහ ක්‍රියාකලාපයන් සෘජුව ම ඔහු දරන තනතුරෙහි පැවැත්මට ද, ඊට අදාළ විශ්වවිද්‍යාලයේ තත්ත්වයට ද බලපානු ලබයි.

කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති නාමාවලියේ ඉතිහාසය ගත් විට ලංකා විශ්වවිද්‍යාලය නමින් 1942 ආරම්භයේ පටන් 1981 වර්ෂය දක්වා ම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කර ඇත්තේ රාජ්‍ය නායකයා විසින් ය.

ඒ අනුව ශ්‍රීමත් අන්ඩෲ කැල්ඩිකොට් ආණ්ඩුකාරවරයාගේ පටන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දක්වා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් රාජ්‍ය නායකයා කටයුතු කර තිබේ.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව දිවයිනේ පිහිටුවන සෑම විශ්වවිද්‍යාලයකට ම ප්‍රධානියා ලෙස කුලපතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරිණි.

ඒ අනුව 1981 වර්ෂයේදී ප්‍රථම වතාවට රාජ්‍ය නායකයෙකු නොවන කුලපතිවරයෙකු වශයෙන් දේශමාන්‍ය ආචාර්‍ය, වෛද්‍ය පී.ආර්. ඇන්තනීස් මහතාව පත් කරන ලදි. ඒ මහතාගෙන් පසුව කොළඹ අගරදගුරු ආචාර්‍ය ඔස්වල්ඩ් ගෝමිස් දේවධර්මාචාර්‍යතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවන ලදි.

අධ්‍යාපනික වශයෙන් ස්වකීය ක්ෂේත්‍රයන්හි පරතෙරට ගිය ඥානයෙන් ද, ඉන් සමාජයට සිදු කරන ලද සේවයෙන් ද, එසේම ඉන් පරිබාහිරව ජාතික සහ සාමයික වශයෙන් ද, සමස්ත රටට ම සේවය කළ වැදගත් පුද්ගලයන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්ව තිබෙන බව පෙනෙතත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හුදෙක් දේශපාලන පත්කිමක් මිස අන්කිසිවක් එතුළ නැති බව මෙ වන විට ඕනෑවටත් වඩා තහවුරු කොට ඇත.

එහෙයින්, ඔබතුමන් වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිර්‍රමට අදාළ පියවර ගන්නා මෙන් ඉල්ලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි

මහා ශිෂ්‍ය සංගමය- කොළඹ විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

ජනාධිපති කාලෙ කරපුවා තාමත් මෛත්‍රීපාලගේ පස්සෙන් එනවා! ඊයෙත් අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශයක් දීලා! I Sri Lanka Latest News

Next Post

නාමල් රාජපක්ෂ හැක්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.