ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
හරියට කතා කළොත් පසුබෑමකට ලක්වූ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ වගකීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් මේ ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ හැසිරීම් ගැන නිගමනයකට ආ හැක්කේ රටේ ජනතාවට බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අපේ ප්‍රතිපත්තිවලට එකඟවන එයට එකතු වෙන්න පුළුවන්
එසේ ම සමගි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බවත් එය පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නොමැති බවත් මේ ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි බවට එකතු විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.










