• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද සිරස තෝරගත්තෙ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 30, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මහින්ද සිරස තෝරගත්තෙ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ආණ්ඩුවට කඬේ යන චැනල් ඕනෑ තරම් තියෙද්දී මහින්ද අවුරුදු 50 සමරන්න ‘සිරස’ තෝරා ගත්තේ ඇයි…?’
මේ දවස්වල දේශපාලනයේ හැංගිමුත්තන් සෙල්ලම් හොයන්න කෑදර අය අහන ප්‍රශ්නය ඕකය.
කතාව නම් ඇත්තය. ආණ්ඩුවට කඬේ යන චැනල් ඕනෑ තරම්ය. ඒ මහින්ද තමන්ගේ දේශපාලන ජීවිතයට වසර 50ක් පිරීම ගැන කතා කරන්න තෝරා ගත්තේ ආණ්ඩුව විවේචනය කරන ‘සිරස’ය.
මහින්ද කියන්නේ හොඳ දේශපාලන සතෙකි. මහින්ද ඇමැතිකමකට එහා දේශපාලන ගමනක් යන්න හිතුවේ 1994 මහ මැතිවරණයෙන් ශ්‍රීල.නි.ප.ය ප්‍රමුඛ පොදු පෙරමුණ ජයගත් පසුවය. මහින්ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වුවද මහින්ද සිය දේශපාලන ප්‍රතිරූපය හදාගන්න පාවිච්චි කළේ ආණ්ඩුව හෝ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය නොව ආණ්ඩුව විවේචනය කළ ආණ්ඩු විරෝධී මාධ්‍යය. ඒ කාලයේ ජනාධිපති චන්ද්‍රිකාත් දැඩි ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවල මහින්ද වීරයෙක් විය. මහින්ද ශ්‍රීල.නි.ප.ය තුළ නායකත්ව ප්‍රතිරූපය හදාගත්තේ ඒ තුළින්ය. මහින්ද 2002 විපක්‍ෂ නායක ධුරයට පත් වෙන්නත් පිහිට පැතුවේ මේ චන්ද්‍රිකා විරෝධී මාධ්‍යයන්ගෙන්ය. 2004 මහින්ද අගමැති වූ විටත් ඔහු ආණ්ඩුවේ මාධ්‍ය හෝ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය කෙරෙහි විශ්වාසය තැබුවේ නැත. ඔහු ඔහුගේ ඔය වැඩසටහන දුන්නේ ‘සිරස’ටය. ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩුවට කඬේ ගිය පෞද්ගලික මාධ්‍ය මේ නිසා ඔහු කෙරෙහි වෛර බැඳගත්හ. ඒත් ඔහු සැලුණේ නැත. මහින්ද අගමැති වූ පසුත් ඔහුව වටකරගෙන හිටියේ චන්ද්‍රිකා විරෝධී මාධ්‍යවේදීන්ය. ඔහු 2005 ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තේත් චන්ද්‍රිකා විරෝධී මාධ්‍ය පිහිටෙනි.
ඒත් මහින්ද ජනාධිපති වූ පසුව වෙනස් විය. ජනාධිපති වූ පසුව මාධ්‍ය එක්ක ආණ්ඩු කරන්න බැරි බව ඔහු තේරුම් ගත්තේය. ජනාධිපති වූ පසු ඔහු පූර්ණ විශ්වාසය තැබුවේ රාජ්‍ය මාධ්‍ය කෙරෙහිය. ඔහුගේ පෝය දින බණ වැඩසටහනත් රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.
‘ඉතින් අද මහින්ද ආයෙත් විධායක බලය සහිත අගමැතිනේ. මේක මහින්දගේ ආණ්ඩුවනේ. ඉතින් ඇයි මහින්ද ‘සිරස’ තෝරා ගත්තේ..?’
ඒක අහන්න ඕනෑ මහින්දගෙන්ය. හැබැයි 60 පැන්නත් මහින්දගේ දේශපාලන නාඩිය තවමත් හොඳට වැඩ කරන බව නම් පැහැදිලිය. 2015 පරාජයෙන් පසු මහින්ද සුළඟින් ගොඩ ගිය මාධ්‍ය ගැන මහින්ද හොඳට දනී. 2015ට පසු මෙරට මාධ්‍ය තමන්ගේ රේටින් නැතිනම් පාඨකයන් වැඩිකර ගත්තේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවට ගහල මහින්ද සුළඟේ සෙල්ලම් දමලාය. හැබැයි ඊළඟ ජනාධිපතිවරණයට මහින්දට ඡන්දය ඉල්ලන්න බැරි බව මේ මාධ්‍ය තේරුම් ගෙන සිටියහ. මහින්ද සුළඟින් අහස අල්ලන්න ගිහින් පොළොවට වැටෙන්න බැරි බව තේරුම් ගෙන ඔවුන් මහින්ද සුළඟෙ ගිහින් දිනන්න පුළුවන් අපේක්‍ෂකයෙක් හෙව්වේය. යුද්ධය කාලයේදී මේ මාධ්‍ය සමඟ ළඟින්ම ගනුදෙනු කළ ගෝඨාභය ඔවුන්ගේ තේරීම විය. ගෝඨාභයව ජනාධිපති අපේක්‍ෂකයා කිරීම සම්බන්ධයෙන් මහින්දවාදීන් ඒකාබද්ධ විපක්‍ෂය අතරෙම මතගැටුම් තිබිණි. ඒ මත ගැටුම් සමථයකට පත්කොට ගෝඨාභයට ජනාධිපති අපේක්‍ෂකකම දෙන්න මහින්ද තීරණය කළේ මේ මාධ්‍යවල බලපෑම නිසාය. ගෝඨාභයව ජනාධිපති කරන්න මේ මාධ්‍ය ලොකු ගේමක් ගැසූහ. තමන්ට ජනාධිපති අපේක්‍ෂකකම අරන් දෙන්නත්, තමාව ජනාධිපති කරන්නත් මාධ්‍ය ගහපු ගේම ගෝඨාභය හොඳින් තේරුම් ගෙන සිටියේය. මේ මාධ්‍ය හරහාම රට ආණ්ඩු කිරීමත් ලෙහෙසි වනු ඇතැයි ගෝඨාභය හිතනවා විය යුතුය. කොරෝනා රෝගියකු හමුවන විටදීත්, ඩඞ්ලි සිරිසේනගේ හාල් මෝලට පනින විටදීත් හැමෝටම කලින් මාධ්‍ය එතැනට ගිහින් කැමරාව අල්ලන්නේ ඒ නිසා විය හැකිය.
නිදහසින් පසු ලංකාව යූ.ඇන්.පී.යත් මාධ්‍ය හරහා රට පාලනය කරන්න උත්සාහ ගත් කාලයකි. ඩී. ඇස්. මෙරට පළමු අගමැති වූයේත්, ඩඞ්ලි මෙරට දෙවැනි අගමැති වූයේත් ලේක්හවුස් ආයතනයේ බලමහිමයෙන්ය. බණ්ඩාරනායක සේනානායකලාට තර්ජනයක් වේ යැයි කියා එකල ලේක්හවුස් ආයතනය බණ්ඩාරනායකට පන්න පන්නා පහර ගැසීය. මේ නිසාම යූ.ඇන්.පී. විරෝධීන් ලේක්හවුස් ආයතනයට කිව්වේ ‘බේරේ ගෙදර පච පත්තරේ’ කියාය. 1956 වන විට ලේක්හවුස් ආයතනය ජනතාවගේ අප්‍රසාදයට පත්වෙන්න පටන් ගත්තේය. 1956 මහ මැතිවරණයේදී ලේක්හවුස් ආයතනයේ පත්තර මොනවා කිව්වත් මිනිස්සු බණ්ඩාරනායකට අති විශිෂ්ට ජන වරමක් ලබා දෙනු ලැබීය.
බලය ගන්නත් බලය තියාගන්නත් මාධ්‍ය ගැන විශ්වාසය නොතබපු එකම නායකයා ජේ. ආර්.ය. ලේක්හවුස් ආයතනය ඔහුගේ මාමාට අයත් වුවත් එම ආයතනයෙන් පුවත්පත් ඔහුට මුල් කාලයේ තදින් පහර ගැසීය. ඔහු ඒවා මායිම් කළේ නැත. ඔහු විශ්වාසය තැබුවේ පක්‍ෂය, පක්‍ෂ යාන්ත්‍රණය සහ මිනිස්සු කෙරෙහිය. 1977 ඔහු බලයට ආවේ පක්‍ෂ පත්තරය වූ ‘සියරට’ පත්‍රය මිනිසුන්ට කියවන්න පුරුදු කරලාය. අනෙක් පුවත්පත්, ගුවන්විදුලිය සියල්ල ඔහුට එරෙහි විය. ඒත් ඔහු ලංකාවේ මහ මැතිවරණ ඉතිහාසයේ විශාලතම ජනවරම ලැබීය. 1977 බලයට ආ පසු ජේ. ආර්.ගේ ආණ්ඩුවේ නායකයෝ මාධ්‍ය තුළින් ප්‍රතිරූප හදන්න පටන් ගත්හ.
‘මාධ්‍යවලින් ප්‍රතිරූප හදාගන්න යන්න එපා. ඒක හරියට බැලුම් බෝලයක් උඩ ඇරියා වගේ. කොයි මොහොතේ පුපුරයිද දන්නේ නැහැ…’
ජේ. ආර්. කිහිප අවස්ථාවකදීම ඒ නායකයන්ට උපදෙස් දුන්නේය.
ජේ. ආර්. කිව්වා හරිය. මාධ්‍යවලින් පුම්බන ආණ්ඩුවලටත් වෙන්නේ ඒකය. එක්කෝ පුම්බන ආණ්ඩුව පුපුරයි. නැත්නම් හුළං පිඹලාම මාධ්‍ය පුපුරයි. මාධ්‍යයක් වුවත් ජනප්‍රිය වන්නේ පවතින ආණ්ඩුවේ වැරැදි පෙන්වන විටදීය. ආණ්ඩුවට කඬේ යන්න ගියොත් මාධ්‍ය කඩාගෙන වැටෙයි. මෙය අද ගෝඨාගේ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය නොදන්නවා නොවේ. තමන් අප්‍රසාදයට පත්වී වැටෙන බව තේරුම් ගත්විට ඔවුන් කරන්නේ තම ව්‍යාපාර ආරක්‍ෂා කරගැනීමට ආණ්ඩුවට ගහන්න පටන් ගැනීමය. හොඳම නිදසුන 2002 රනිල්ගේ ආණ්ඩුවට වුණු දේය. 2000 වන විට චනිද්‍රිකා මෙරට මාධ්‍ය තරහ කරගෙන සිටියාය. 2001 මහ මැතිවරණය වන විට රටේ චන්ද්‍රිකා විරෝධී මාධ්‍ය රැල්ලක් නිර්මාණය වී තිබිණි. රනිල් 2001 මහ මැතිවරණය දින්නේ ඒ රැල්ලේ පිහිනාය. 2001 ආණ්ඩුව හදල රනිල් සුපුරුදු පරිදි චන්ද්‍රිකා විරෝධී මාධ්‍යවලින් රට පාලනය කරන්න උත්සාහ ගත්තේය. එවකට විපක්‍ෂය වූ ශ්‍රීල.නි.ප.යට තිබුණේ ‘ලංකා’ පත්තරය පමණි. ඒත් ජ.වි.පෙ. නිල පත්තරයය. ඒ පත්තරය රටේ රනිල් විරෝධී රැල්ලක් නිර්මාණය කළේය. අන්තිමේදී රනිල් එක්ක සිටි මාධ්‍යයට තම මාධ්‍ය ආයතන රැක ගන්න ඒ රැල්ලේ පිහිනන්න සිදුවිය. 2004 වන විට රනිල්ට කිසිදු මාධ්‍යයක් තිබුණේ නැත. රනිල්ගේ ආණ්ඩුව 2004 මහ මැතිවරණයේදී පරාජයට පත්විය.
‘මාධ්‍ය හුරතල් කරන්නේ බලාගෙනය. පොඞ්ඩ එහා මෙහා වුණොත් අතේ හුරතල් වෙද්දිම හපා කන්න පුළුවන්.’
මේ ඉන්දිරා ගාන්ධි වරක් කී කතාවකි. මාධ්‍ය හුරතල් කරනවාටත් වඩා මාධ්‍යයෙන් හුරතල් වන මේ ආණ්ඩුවටත් ඉන්දිරා ගාන්ධිගේ වචන ටික මසුරන්ය. හේතුව මේ ආණ්ඩුවේ ඇන්ජිම දුවන්නේ පක්‍ෂ යාන්ත්‍රණයකින් නොව මාධ්‍ය යාන්ත්‍රණයකින්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පවුල් පිටින් පාරට වට්ටන මාර්ගවේදය

Next Post

තුන්කුලුඳුල් දරුවන්ට මරු කැන්දන පිල්ලි සාස්තරේ

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.