• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 30කට පසු ඩී.එස්. – ඩඩ්ලිලාගේ මීරිගමින් පාර්ලිමේන්තු ආ සජබ කොල්ලා! Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩීල් නෑ! කොන්ත්‍රාත් නෑ! පිටිපස්සෙ ඉදන් පිහියෙන් ඇනිලි නෑ! මීරිගමින් අවුරුදු 30කට පස්සේ පාර්ලිමේන්තු ආ සජබෙ අලුත් කොල්ලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය විශාල ආන්දෝලනාත්මක ප්‍රතිඵලයක් නිර්මාණය කරමින් විශාල ජයග්‍රහණයක් හිමිකරලා දුන්නා මාලිමාවට. ජාතික ජන බලවේගය ඡන්ද 8,98,759ක් ගනිද්දී ඔවුන්ට ලැබුණු ආසන ප්‍රමාණය 16ක්. සමගි ජන බලවේගයට ලැබුණේ ඡන්ද 1,50,000ක් විතරයි. පරතරයක් විදියට ගත්තම ලක්ෂ 7කට වඩා වැඩි පරතරයකින් ජාතික ජන බලවේගය මෙවර ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. මේ තත්ත්වය ඉතා ආන්දෝලනාත්මක තත්ත්වයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණේ ඡන්ද 49,516යි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණේ ඡන්ද 47,512යි. සර්වජන බලයට ඡන්ද 25,932කින් සැනසෙන්න සිදුවුණා. මේ ප්‍රතිඵලයත් එක්ක සමගි ජන බලවේගයට කිසිම සුවිශේෂ දෙයක් කරන්න බැරිවෙන බව තමයි අපේ විශ්වාසය තිබුණේ. නමුත් මීරිගම ඡන්ද බලප්‍රදේශය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ආපු ප්‍රසාද් සිරිවර්ධනට පුළුවන් වුණා ආන්දෝලනාත්මක ජයග්‍රහණයක් සමග පාර්ලිමේන්තුවට එන්න. ප්‍රසාද්ට මේ ජයග්‍රහණය ලැබෙන්නේ සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගියපු විශිෂ්ට ප්‍රතිඵලයකුත් එක්ක. (Sri Lanka Latest News)

ජාතික ජන බලවේගය මීරිගමදී ඡන්ද 61,619ක් ලබාගන්නවා. 71.86%ක ප්‍රතිශතයක් සමග. සමගි ජන බලවේගයට ලැබෙන්නේ ඡන්ද 12,058යි. ඔවුන්ට 14.6%ක ප්‍රතිශතයකින් සැනසෙන්න සිදුවෙනවා. මේ ප්‍රතිශතය ඉතාම අඩු අගයක්. අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවැනි ප්‍රතිශතමය අගයක් අතින් ගත්තම ඉතා පහළ මට්ටමේ තිබුණු ජයග්‍රහණ කීපයක් තිබුණා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ඡන්ද බලප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය. ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ඡන්ද බලප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලයේදී 76.48%ක විශිෂ්ට ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙද්දී සමගි ජන බලවේගයට ලැබුණේ 8.38%යි. 10%ක් ලබාගන්න වෙනත් කිසිම කණ්ඩායමකට හැකියාව ලැබුණේ නෑ. මෙය ඉතා ආන්දෝලනාත්මක සහ හරි පුදුමාකාර ප්‍රතිඵලයක්. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රතිඵලයක් ලැබේයැයි කිසිවෙක් කිසි දිනෙක විශ්වාස කළේ නැහැ. ඒ තරමටම මේ ප්‍රතිඵලය මහ පුදුමාකාර ප්‍රතිඵලයක් විදියට තමයි මුළු ලංකාවේම ඡන්ද විශ්ලේෂණය කරන්නන්ට දැනගන්න ලැබෙන්නේ. මේ ප්‍රතිඵලයත් එක්ක මෙවැනි තත්ත්වයක් යටතේ කවුද මේ ප්‍රසාද් සිර්වර්ධන, කොහොමද ප්‍රසාද් සිරිවර්ධනට මේ වෙලාවේ මේ වගේ ආන්දෝලනාත්මක වැඩක් කරන්න පුළුවන් වුණේ කියන එක අපි හොයන්න තීරණය කළා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජයග්‍රහණය කරනවා හර්ෂණ රාජකරුණා. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 67,004යි. කාවින්ද ජයවර්ධන මනාප 37,997ක් ලබාගන්නවා. ප්‍රසාද් සිරිවර්ධන මනාප 23,699ක් ලබාගන්නවා. ඔහු මනාප අඩු සංඛ්‍යාවක් ලබාගත්තත් ඔහුට හැකියාව ලැබෙනවා පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න. විශේෂත්වය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෘත්තීය දේශකයන්ගේ සංගමය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු රුවන් මාපලගම සහ අමිල ප්‍රසාද් සිරිවර්ධන කියන දෙදෙනාටම පාර්ලිමේන්තු වරම් හිමිවීම. රුවන් මාපලගම මනාප ඡන්ද 67,673ක් ලබාගෙන ජාතික ජන බලවේගයේ ආසන 16 අතරින් 8 වැනි තැනට පත්වෙද්දී අමිල ප්‍රසාද් සිරිවර්ධනට පුළුවන් වෙනවා සමගි ජන බලවේගයේ ආසන 3 අතරට එක්වෙන්න. මේ ජයග්‍රහණය විශේෂ වෙන්න හේතු කීපයක් තියෙනවා.

මීරිගම කියලා කියන්නේ එක්ස්ත ජාතික පක්ෂයේ බලකණු රැඳුණු තැනක්. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වීමට පවා බලපාපු, ඩී.එස්.ලාගේ, ඩඩ්ලිලාගේ සේනානායක වලව්ව තියෙන්නේ ගම්පහ බෝතලේ ප්‍රදේශයේ. ඒ නිසා සාමාන්‍යයෙන් එජාප ජයග්‍රහණයක් මේ ප්‍රදේශයෙන් ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මේක එජාප ජයග්‍රහණයක් බවට පත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදුණා නම්. නමුත් මේක එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදීමක් නෙවෙයි. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය තමයි මේ සමගි ජන බලවේගය බවට පත්වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය ඉවත්ව ගියාට පස්සේ ඔහුට එක්සත් ජාතික පක්ෂය කියන නම ඔහු ළඟ තියාගන්න අවසර ලැබුණට පස්සේ සමගි ජන බලවේගය බවට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නිර්මාණය වෙච්ච මෙන්න මේ පක්ෂය. මේ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයා වුණේ සජිත් ප්‍රේමදාස. ඔහුත් දැඩි එක්සත් ජාතික පක්ෂ බලයක් සහිතව පත්වුණු කෙනෙක්. ප්‍රසාද් සිරිවර්ධනලා පත්වෙන්නෙත් මේ කණ්ඩායමත් එක්ක.

ආන්දෝලනාත්මක ලෙස ඩී.එස්.ගේ ආසනයෙන්, ඩඩ්ලි සේනානායකගේ ආසනයෙන් අවුරුදු ගානකට පස්සේ තමයි මෙවර අපේක්ෂකයෙක් තේරී පත්වෙන්නේ. ප්‍රසාද් සිරිවර්ධන කියලා කියන්නේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඔහු වෘත්තීය දේශකයෙක්. ඔහු ගම්පහ විතරක් නෙවෙයි බදුල්ල වගේ ප්‍රදේශවල පවා පන්ති පවත්වනවා. මේ වගේ ගුරුවරයෙක්ට මෙවැනි ජයග්‍රහණයක් මෙවැනි වෙලාවක ලැබිච්ච එක පුදුමාකාරයි. ගම්පහ දිස්ත්‍රික්කය තමයි ඔහුගේ ගම් ප්‍රදේශය වෙන්නේ. මේ ප්‍රදේශය නියෝජනය කරමින් තමයි ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඔහු ඉතාම තීරණාත්මක, ඉතාම ප්‍රබල ජයග්‍රහණයක් තමයි මේ වෙලාවේ ලබාගත්තේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තවත් කේස් එකක් පත්තු වෙයි! දේශබන්දුටයි තවත් පොලිස් ලොක්කන් 4 දෙනෙක්ටයි උසාවි එන්න කියයි! Sri Lanka Latest News

Next Post

දෙනෝදාහක් බලා සිටිද්දී මධ්‍යම අධිවේගයේ නිධන් ගල බිඳී! අදවත් නිධානය හම්බවෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.