දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.Sri Lanka Latest News
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචි රියදුරු රැකියාවේ නිරතව සිටි අයෙකි.
වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමින් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් මරණකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, මෙම වෙඩි තැබීම හා අදාළ කප්පම් ගැනීමේ සිද්ධිය අතර යම් සම්බන්ධතාවයක් පවතී ද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
වෙඩිතැබීම සඳහා ටී – 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපළ කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










