මුතුරාජවෙල අභයභූමිය ගොඩකිරිම,හැරීම,මුතුරාජවෙල අභයභූමියට කසල බැහැර කිරීම ඇතුළු සියලු විනාශකාරි ක්‍රියාවන් තහණම් කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහණම් නියෝගයක් ලබා දි තිබුණා. එසේ තිබියදි, එයද හැල්ලුවට ලක්කරමින් MEL WATHTHA DEVELOPMENT PROJECT නමින්, මුතුරාජවෙල අභයභූමියේ ගොල්ෆ් ක්‍රිඩාංගනයක් ඇතුළු ව්‍යාපෘති සිදු කිරීම සඳහා පරිසර ශක්‍යතා වර්ථාවක් පසුගිය මැයි 24 දින සකසා තිබුණා.Sri Lanka Latest News
එයට අදාළව රාජ්‍ය ආයතන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘතිය සඳහා අනුමැති දිමේ තාක්ෂණික කමිටු රැස්වීමක් ඊයේ පැවැත්වී තිබුණා.
මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයේ මැදිහත් වීම මත, පරිසර අමාත්‍යංශය විසින් එම තාක්ෂණික කමිටු රැස්වීම අත්හිටුවා තිබෙනවා. එමගින් පරිසරයට වන හානියවන අන්දමින්, ශක්‍යතා වාර්තා පිළිබඳව සැක මතුකරමින් සිදුවීමට ගිය විනාශයක් නතර වූ බව සඳහන්.










