විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . Sri Lanka Latest News
2019 ජනතිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.
එහිදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.










