• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News

November 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙය සැබැවින්ම දෙනෙත් අදහාගත නොහැකි දසුනක් විය. පිරිසක් යාබද ගමේ සහ නගරයේ සිට දෙපයින් පැමිණියහ. තවත් පිරිසක් තමන්ගේ පුද්ගලික රථ වාහනවලින් පැමිණියහ. පාපැදි, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ දහස් ගණනකින්ද ජනතාව නිසි ස්ථානයට පැමිණෙන්නට ගත්හ. කණ්ඩායම් වශයෙන් පැමිණි විශාල පිරිසක් බස් රථ සහ ලොරි රථවලින් එම බිමට ළඟා වන්නට ගත්හ. සවස 4ට පැවැත්වීමට නියමිත උත්සවයට ජනතාව පැමිණෙන්නට ගත්තේ දහවල් 10-12 සිටය. උත්සවය නිසි පැහැදිලි අයුරින් නරඹන්නට ඇති වුවමනාව නිසා පැය ගණනාවකට පෙර ඔවුන් රැස්වන්නට වූයේය. පැමිණෙන සෙනඟ කොතෙක් දැයි කිසිවකුටවත් කියන්නට නොහැකි විය. උත්සව භූමියේ අතිවිශාල ප්‍රදේශය තුළ විසිරී ඇති ජනතාව යම් කොටස් වශයෙන් ගණනය කර දළ වශයෙන් ප්‍රකාශයට පත්විය. එම ප්‍රමාණය නිල වශයෙන් ප්‍රකාශ කෙරුණේ පුද්ගලයන් ලක්ෂ 3ක් ලෙසිනි. කිසිදු ආකාරයකින් පහත මානයක සිට මෙම සුවිශාල ජනතාව සේයාරූගත කරන්නට නොහැකිවූ මාධ්‍යකරුවෝ තමන්ගේ ඩ්‍රෝන තාක්ෂණ කැමරා යොදාගනිමින් අහසේ සිට දසුන් රූගත කළහ. කැමරා ගණනාවක් අහසේ පියාසර කළේය. (Sri Lanka Latest News)

කුමක්ද මෙලෙස අසන්නට ලැබෙන දෙනෙත් අදහාගත නොහැකි විස්මිත දසුන? මෙම අපූරු සිදුවීම ඇතිවූයේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් අපගේ යාබද ඉන්දියාවෙන් මෙම කතාන්දරය අසන්නට ලැබුණේය. එසේම අප ශ්‍රී ලංකාව යාබද ඉන්දියානු ප්‍රාන්තයක් වන තමිල්නාඩුවෙන් මෙම වතගොත ඇසෙන්නට විය. ලක්ෂ 3කට අධික මහා සෙනඟක් එක් තැනකට එක්රොක් කරමින් ඉතිහාසයට වාර්තාවක් එක්කළ මෙම අපූරු සිදුවීම කුමක්ද?
සත්‍ය සිදුවීම් රැසක් දර්ශනය කරමින් මෙම භූමිකාවට පණපෙවූයේ එක්තරා සුවිශේෂ මිනිසෙකි. ඔහු ගැන තොරතුරු බොහෝ දෙනකු දනියි. සමස්ත ඉන්දියාවත්, ශ්‍රී ලංකාව සහ ලෝකයේ තවත් බොහෝ රටවල් රැසකත් මෙම මිනිසා හඳුනන්නේය. ඔහු නම් කෙටි නාමයකින් හඳුන්වන ‘විජේ’ නොහොත් සම්පූර්ණ නාමයෙන් හඳුන්වනු ලබන ජෝසප් විජේ චන්ද්‍රසේකර් නමැති මිනිසාය. ඉන්දියානු දමිළ සිනමාවේ පතාක යෝධයකු වූ මෙම සිනමා රංගන ශිල්පියා පසුගිය සමීප කාලයක සිටදී හඳුන්වනු ලැබූයේ ‘තලපති විජේ’ යන නාමයෙනි. මෙහි දමිළ භාෂාවෙන් ‘තලපති’ යන්නෙහි අර්ථය වන්නේ කොමදෝරු හෙවත් අණදෙන නිලධාරියා යන්නය. මෙම අර්ථකථනය මෙහිදී හමුදාමය සම්බන්ධයක් නොමැති අතර, එහිදී ඔහු එලෙස හඳුන්වනු ලබන්නේ සාමාජීය ගරු නම්බු නාමයක් ලෙසිනි. එසේම ජනතාවගේ හිතාදරයට සහ ගෞරවයට පාත්‍ර වූ නාමයක් ලෙසිනි. කෙසේ හෝ විජේ නමැති මෙම සුවිශේෂ මිනිසාගේ ජීවිත කතාවේ තවත් බොහෝ පිටු ඇතත් ඒවා පසෙකට තබා අද ඔහු ගැන පෙරළෙන අලුත්ම පිටු මොනවාදැයි සොයා බලමු.

‘තලපති විජේ’ගේ අලුත්ම පිටු පෙරළෙන්නේ ඉන්දියානු දේශපාලනය තුළදීය. ලෝකයේ විශාලතම ජනගහනය සිටින රට වශයෙන් සැලකෙන ඉන්දියාව තුළ ඇති දේශපාලනයද අතිශය පුළුල් වූ සංකීර්ණ ක්ෂේත්‍රයකි. එසේම එය අතිශය ඉපැරැණි වූ ඉතිහාසයකටද හිමිකම් කියන කතාන්දරයකි. මෙවැනි පුළුල් පරාසයක ඇති ඉන්දීය දේශපාලනයට තලපති විජේ පිවිසෙන්නේ බොහෝ සමීප කාලයක සිටදීය. එය ඔහුගේ නිජභූමිය වන දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව තුළින් බිහිවන්නකි. විජේ නමැති ප්‍රකට රංගන ශිල්පියා දැනට වසර 30කට ආසන්න කාලයක් ඉන්දියානු සිනමාවේ නිරතව සිටියද ඔහු ක්‍රියාකාරී ඉන්දීය දේශපාලනයට පිවිසෙන්නේ 2024 පෙබරවාරි මාසයේ සිටය. එනම් හරියටම මෙයට මාස 8ක පමණ කාලයකට පෙරදීය. ඔහුගේ දේශපාලන ආගමනය එසේ සිදුවන්නේ ඔහු එලෙස මාස 8කට පෙරදී තමන්ගේම නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගැනීම හරහාය. මෙම නව පක්ෂය නම්කර ඇත්තේ ‘තමිලග වෙටි්‍ර කසාගම්’ ලෙසිනි. මෙහි සිංහල අරුත ලෙස ගත හැක්කේ ‘දෙමළ ජයග්‍රහණ කණ්ඩායම’ යන්නය.

දැන් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. මෙම ලිපිය ආරම්භයෙහි ඔබට ලියා තැබූ විස්මිත දසුන් තවත් පැහැදිලිව දිගහැරෙන්නේ මෙතැනදීය. එනම් දේශපාලනයට පිවිසි තලපති විජේගේ පළමු දේශපාලන රැලිය එලෙස පැවැත්වූයේ මෙයට දින කිහිපයකට පෙරදීය. විජේගේ නව දේශපාලනික පක්ෂයට පුද්ගලයන් ලක්ෂ 50ක සාමාජිකත්වයක් ඇතැයි පැවසෙයි. එහෙත් එය නිල වශයෙන් ප්‍රකාශිත දත්තයක් නොවේ. ඔහුගේ පක්ෂයේ බහුතර සාමාජික පිරිසි වයස 20-40 අතර වූ තරුණ පිරිස් යැයි පැවසෙයි. ඔහුගේ ප්‍රථම දේශපාලන රැස්වීමටද සහභාගි වූ පිරිස බහුතරයක්ම තරුණ තරුණියන්ය. ඔහුට මෙම අසීමිතවූ ජනප්‍රියත්වය හිමිව ඇත්තේ දමිළ සිනමාවේ ඇති ඔහුගේ ජනප්‍රියත්වය මතය. මෙලෙස තරුණ තරුණියන් ලක්ෂ ගණනින් ඔහුගේ දේශපාලන පක්ෂය වටා එක්රොක්වී සිටියද ‘තලපති විජේ’ යනු දැනට හරියටම වයස අවුරුදු 50 වෙත පාතැබූ වැඩිහිටි පුද්ගලයෙකි. ඔහු තම දේශපාලනික ආගමනය ආරම්භ කිරීමට තීරණය කර තිබුණේද තමන්ට 50 වැනි විය එළඹෙන විටදීය. ඔහු පසුගියදා ඔහුගේ ප්‍රථම රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ තමාගේ දේශපාලනය යනු වචන හරඹයක් නොව, ජනතාවගේ දුක හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත සුබසාධනයට යොමුකරනු ලබන පක්ෂයක් බවයි. එමෙන්ම ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී තමන් සම්පූර්ණයෙන්ම සිනමාවෙන් ඉවත්වී පූර්ණකාලීනව ඉන්දීය දේශපාලනයට පිවිසෙන බවයි. ‘තලපති විජේ’ යනු ඉන්දීය සිනමාවේ වැඩිම මුදලක් අයකරනු ලබන රංගන ශිල්පීන් දෙතුන් දෙනාගෙන් එක් අයෙකි. ඔහුගේ වත්කම් අසීමිතය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොදු ජනතාවට නොදී සුපර් පෙට්‍රල්-සුපර් ඩීසල් අඩු කරලා තෙල් සහනය දුන්නේ ධනපතියන්ට! ආණ්ඩු කරන්නේ අනුරද නැත්නම් රනිල්ද? මරික්කාර්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

විජේගෙ ඒමයි – රන්ජන්ගේ නෑමයි! Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.