ලොහාන් රත්වත්ත වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ සුවදුක් බැලීමට අද (1) දහවල් 11.00ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණ ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. (Sri Lanka Latest News)
ඊයේ (31) රාත්‍රි 10.00ට පමණ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ රත්වත්තේ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
උසාවි නියෝගයකින් මෙසේ බන්ධනාගාර රෝහලට වෙත ඇතුළත් කර ඇත්තේ ඔහු රෝග ගණනාවකින් පෙළෙන්නෙකු බවත් ඔහු වෛද්‍ය අධීක්ෂණය සහ ප්‍රතිකාර යටතේ වැඩිදුරටත් සිටිය යුතු නිසා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
මිරිහාන පොලිසිය විසින් පසුගිය වෙනිදා කටුගස්තොට ලොහාන් රත්වත්තේව අත්අඩංගුවට ගෙන අත්තේ ලියාපදිංචි නොකල වාහනයක් ඔහුගේ බිරිද රශීපබා රත්වත්තේගේ දෙමහල් නිවසේ තිබී සොයා ගැනීම හේතුවෙනි. මේ වනවිට ලොහාන් රත්වත්ත විසින් ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කරගෙන භාවිතා කරමින් සිටි තවත් සුඛෝපභෝගී රථයක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ. ඒ පිළිබඳව ද පොලිසිය විමර්ශන පවත්වයි.
lankasara










