• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 1050ක කප්පමක් අරන් හිටපු ජනාධිපති අවුරුදු 20ක් හිරේට! මෙවැනි ප්‍රවෘත්ති බලාපොරොත්තුවෙන් ඉන්න ලංකාවේ අයට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් කතාවක්! රජෙක් වගේ හිටපු ජනපතියෙක්ට වෙච්ච දේ! ඉදිකිරීම් සමාගම රටවල් 12ක රාජ්‍ය නායකයන්ට අල්ලස් මුදල් දීලා! Sri Lanka Latest News

October 27, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මම දැන් ඉතා මහලු වයසක ඉන්න කෙනෙක්. ඒ වගේම මම පිළිකා රෝගියෙක් සහ හෘද රෝගියෙක්. මම මේ ඉන්න තත්ත්වය ගැන හිතලා මට අනුකම්පා කරන්න. මට මගේ ගෙදර ඉන්න දීලා මට මේ රෝගවලින් සුව වෙන්න ඉඩ අරින්න. එහෙම නැත්නම් මට මියයන්න ඉඩ හරින්න. මට එරෙහිව අධිකරණයට ගෙනා චෝදනා සියල්ලක්ම මට පිළිගන්න බැහැ. මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මට මගේ නිවසකට වෙලා නිදහසේ මියයන්න ඉඩ දෙන්න….’ (Sri Lanka Latest News)

යම් බැගෑපත් වන හෝ වැඳවැටෙන ආකාරයකින් හෝ තම දෙඅත් තම නළල මත තබාගත් මිනිසා, දුක්මුසු දුර්වල ස්වරයකින් කියන්න වූයේය. සැබැවින්ම මහලු පෙනුමක් ගත් මිනිසාගේ දෙනෙත් කඳුළෙන් පිරීගොස් තිබුණේය. නළල මත තිබුණු ඔහුගේ දෙඅත් තම නාසයත්, මුවත් වසාගෙන තෙරපෙන්නට විය. ඔහුගේ මුවෙන් ගිලිහුණු ‘හඬා වැලපෙන හඬ’ වසං කරන්නට ඔහු උත්සාහ ගත්තේය. අවට සභාවේ සිටි පිරිස දසුන දැක සංවේගයට පත්වූහ.
ශෝකයෙන් මුසපත්වූ මිනිසා දෙස යම් උස් මානයක සිට බලා සිටින්නේ දිදුළන ඇස් දෙකකි. ඒ දෙනෙත් පිරිමියකුගේ නොව කාන්තාවකගේය. නීතියේ ආධිපත්‍යය පතුරුවන කාන්තාවකගේය. ඇය අධිකරණයේ ප්‍රධාන පුටුවේ අසුන්ගෙන සිටින විනිසුරුවරියකි. ඇය තම හඬ අවදි කරන්නට ගත්තාය.
‘ඔබට ඔබගේ අදහස ප්‍රකාශ කළ හැකියි. එහෙත් අද පැහැදිලිවම ඔප්පු වී තිබෙනවා ඔබ විසින් සිදුකළ බරපතළ වැරැදි මොනවාද කියලා. වසර 5ක් පුරා මේ පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස, එහි ජනතාව විසින් ඔබව ගරුත්වයෙන් යුතුව පිළිගත්තා. එහෙත් ඔබ ඒ විශ්වාසය කඩකර තිබෙනවා. ඔබ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රටේ සම්පත් නිවැරැදිව ආරක්ෂා කිරීම සහතික කළ යුතුයි. එහෙත් ජනාධිපතිවරයා ලෙස ඔබගෙන් එම වගකීම ඉටුවී නැහැ. ඔබ ඒ වෙනුවට සිදුකර ඇත්තේ රටට හා ජනතාවට වංචා කිරීමයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඔබට තදබල දඬුවම් නියම කිරීමට සිදුවෙනවා….’

නාට්‍යයක හෝ චිත්‍රපටයක හෝ දසුන් මෙන් ගලායන මෙම උද්වේගකර කතාන්දරය කුමක්ද? එහෙත් මෙය සත්‍ය සිදුවීම් දාමයක කතාවකි. එය නාට්‍යයක් හෝ චිත්‍රපටයක් මෙන් මනඃකල්පිත නොවේ. අපට මෙම කතාව මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණේ අප රටට කිලෝමීටර් දහස් ගණනක් දුරින් වූ දකුණු ඇමෙරිකාවේ (ලතින්) රාජ්‍යයක් වන පේරු රාජ්‍යයෙනි. ‘පේරු ජනරජය’ ලෙසින්ද හඳුන්වන මෙම රටෙහි අගනුවර වන ලීමා :නගරයෙන් මෙය අසන්නට ලැබිණි. එම නගරයෙහි පිහිටා තිබෙන බන්ධනාගාරයක් තුළ වූ කුඩා අධිකරණයකින් මෙම වතගොත ඇසෙන්නට විය. යම් චූදිතයකුට ස්ථිර සිර දඬුවම් නියම කිරීමට ප්‍රථම රඳවා ගැනීම් සිදුකිරීමද මෙම බන්ධනාගාරය තුළදී සිදුකෙරෙයි. ඒ අනුව පසුගිය වසරක පමණ කාලයක් තුළදී මෙම බන්ධනාගාරය තුළ රඳවාගෙන සිටි සුවිශේෂ පුද්ගලයෙකි. මෙම ලිපියේ ආරම්භයේ තම ශෝකීය අදහස් ප්‍රකාශ කර සිටින ඔහු නම්, පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති වූ ඇලෙජැන්ඩ්‍රෝ ටොලෙඩෝය. මෙම බන්ධනාගාර අධිකරණය තුළදී ඔහුට එරෙහිව නැඟුණු මූල්‍යමය අල්ලස් චෝදනාවන්ට අදාළව පනවනු ලැබූ සිර දඬුවම වසර 20කි. ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක සුවිශාල මූල්‍ය අල්ලසක් එක්තරා පුද්ගලික ඉදිකිරීම් සමාගමකින් ලබාගැනීමට එරෙහිව චෝදනා නගා නඩු ගොනුකර තිබිණි. හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති සිර දඬුවමේ සැබෑ කාලය වසර 20ක් සහ මාස 06ක් වෙයි. මෙම සිර දඬුවම ගෙවීම සඳහා පසුගියදා ඔහු ලීමා බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරි අංශයක් වෙත යැවීය. මේ වනවිටත් පැනවූ සිර දඬුවමේ ලිහිල් වීමක් දක්නට නොමැත. පේරු රාජ්‍යයේ කාන්තා මහාධිකරණ විනිසුරුවරියක වන ඉනෙස් රොජාස් විසින් ජනාධිපතිවරයාට සිර දඬුවම් නියම කළාය.

පේරු රාජ්‍යයේ මෙම හිටපු ජනාධිපති ඇලෙජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ කවරෙක්දැයි පැහැදිලිව සොයා බලමු. බොහෝ විද්වත් පරිචයක් ඇති මොහු ඇමෙරිකානු විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හිමිකරගෙන ඇති අතර, සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයෙන් උපාධියද, ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියද හිමිකරගෙන ඇත. මේ අනුව ඔහු හඳුන්වනු ලබන්නේ ආචාර්ය ඇලෙජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ ලෙසය.

මොහු දැනට 78 වැනි වියෙහි පසුවන අතර, ඔහු පේරු රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත්වන්නේ 2001 ජූලි 28 වැනිදාය. එරට ජනතාව අතර ඉතා ප්‍රකට වූ සහ ආදරයට පාත්‍ර වූ දේශපාලකයකු වන ඇලෙජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ ජනාධිපති ධුරයට පත්වන්නේ ජනතා මැතිවරණයක් හරහාය. එකල පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බෙරාටෝ ෆුජීමෝරි අන්ත පරාජයකට පත්කරමින් මොහු ජනාධිපති ධුරයට පත්වෙයි. ඔහු 2006 ජූලි 28 වැනිදා තෙක් වසර 05ක් ජනාධිපති ධුරය උසුලනු ලැබුවේය. මුලින් ජනතාව අතර ඉතා ජනප්‍රිය වූ ඔහු පසු කාලයේදී නොයෙකුත් වංචා, දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා රැසකට මුහුණ දුන්නේය. ඔහු පසුකාලීනව මැතිවරණවලින් පරාජයට පත්වූ අතර, නීතියේ ආධිපත්‍යය ඔහු පසුපස හඹා එන්නට විය. එහෙයින් ඔහුට එරෙහිව තිබුණු මූල්‍යමය වංචාවලට අදාළව නඩුහබ ගොනුකරන්නට විය. එයට අමතරව අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්වලටද ලක්විය. ඔහු ඇප පිට නිදහස් වීමටද ලක්විය. එහෙත් ඔහුට නීතියෙන් ගැළවීමට නොහැකි වාතාවරණයක් සෙමෙන් සෙමෙන් ගොඩනැගෙමින් තිබිණි.

පේරු හිටපු ජනාධිපති ඇලෙජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ හට සිදුකෙරුණු ප්‍රබලතම චෝදනාව වන්නේ කුමක්ද? එය නම් ලතින් (දකුණු) ඇමෙරිකාවේ තිබෙන සහ බ්‍රසීලයේ මූලස්ථානය පිහිටුවා තිබෙන ප්‍රධානතම හා අති විශාලම ඉදිකිරීම් සමාගම වන ‘ඔඩෙබ්‍රෙච්ට්’ නමැති ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක අල්ලසක් ලබාගැනීමය. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 10,500ක් හෝ රුපියල් කෝටි 1,050ක් වැනි සුවිශාල මුදලකි.

හිටපු ජනාධිපතිවරයා මෙම විශාල අල්ලස් මුදල මුදල්මය වශයෙන් ලබාගෙන ඇත්තේ තමාගේ විදෙස් ගිණුම් කිහිපයකටය. එසේම එම මුදල්, මුදල් විශුද්ධිකරණ ක්‍රම භාවිත කරමින්ද රහසිගත අක්වෙරළ ගිණුම්වලද තැන්පත් කර ඇත. ඉහත ඉදිකිරීම් සමාගම, පේරු රාජ්‍යයේ සිට ලතින් ඇමෙරිකානු ඇමසෝන් කලාපය වෙත ඉදිකෙරෙන විශාල මහාමාර්ග ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව ලබාදීමට පොරොන්දු වෙමින් ජනාධිපතිවරයා අල්ලස් මුදල ලබාගෙන ඇත. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක මුදල ලබාදීමට සමාගම් බලධාරීන් කැමැත්ත ප්‍රකාශ කළ අතරම එම නියමිත මුදලම ලබාදීම සිදුකර ඇත. ඇලෙජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ හට මෙම සිද්ධියට අදාළව මුලින් යම් චෝදනා තිබුණද ඔහුගේ ජනාධිපති බලතල නිසා එම සිදුවීම් යට යන්නට විය. එහෙත් 2006 දී ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසුව චෝදනා ‘අළු යට ගිනි පුපුරු’ මෙන් දැවෙන්නට විය. 2006දී ජනාධිපති ධුරය අහිමි වුවද ඔහු 2017 දක්වා තම දේශපාලන පක්ෂයේ නායකත්වය දැරීය. ඒ අතරම ඔහු ඇමෙරිකාවේ ලෝ ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක්ද දැරීය. මේ ආකාරයට ඔහුට එරෙහි විවිධ චෝදනා තිබුණද ඔහුට යම් සාමාජීය ගරුත්වයක් තිබිණි. ඒ නිසාම අල්ලස් ගැනීම් සිදුකර වසර 10ක් පමණ යන තෙක්ම අර්බුදයක් සිදු නොවීය.

දැන් එසේනම් ඔබ මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. පේරු හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට කණකොකා හඬන්නට ගන්නේ 2017 වසරෙන් පසුවය. එනම් එම කාලය වනවිට එරට නව පාලක පක්ෂයක් ඔහුට එරෙහිව කටයුතු කරන්නට ගත්තේය. මේ අනාරක්ෂිත තත්ත්වය අවබෝධ කරගත් ඔහු වහාම ඇමෙරිකාවට පැන ආවේය. ඔහුට තම රටින් පිටවීමට තහනමක් නොතිබුණු හෙයින් සහ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක සේවය කරන හෙයින්ද ඔහුට ඇමෙරිකාවේ රැකවරණය හිමිවිය. ඔහු කැලිෆෝනියා නගරයේ සුඛෝපභෝගී නිවාසයක නවාතැන් ගත් අතර, තම විශ්වවිද්‍යාල සේවා කටයුතුද කරදරයකින් තොරව සිදුකරගෙන ගියේය. මෙලෙස 2017සිට 2019 දක්වා වසර 2ක් ගතව ගියේය. ගිනි ජාලාව ටිකෙන් ටික ඇවිළෙන්නට ගත්තේ මෙම කාලවකවානුව තුළදීය. එනම් එවක පේරු රාජ්‍යය පාලනය කළ බලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තිබුණු ප්‍රබල අල්ලස් චෝදනාව සත්‍ය එකක් බව විමර්ශන හරහා ස්ථිර කරගත් අතර, ඔවුන් වහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් සිදුකරමින් කියා සිටියේ විමර්ශන සඳහා හිටපු පේරු ජනාධිපතිවරයා පේරු රාජ්‍යය වෙත භාරදෙන ලෙසය. මාස කිහිපයකට පසුව 2019 වසරේදී ඇමෙරිකානු රජය ඇලෙජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ අත්අඩංගුවට ගෙන පිටුවහල් කර පේරු බලධාරීන් වෙත භාරදෙන ලදී. මේ අනුව ඔහු තම රටට ගෙනැවිත් නඩු විභාග කරනු ලැබීය. ඒ ආකාරයට පසුගිය වසර 5කට ආසන්න කාලයක් ඔහු අධිකරණ තීන්දු මත රඳවා ගැනීම්වලට සහ ඇප මත මුදාහැරීම්වලටද ලක්විය. පසුගිය වසරකට ආසන්න කාලයක් ඔහු එක දිගටම ලීමා බන්ධනාගාරයේ රඳවා තැබුණු අතර ඔහුට එරෙහි නඩුහබය අවසානයකට පැමිණියේ මෙයට දින කිහිපයකට පෙරදීය. එය නම් මෙම ලිපියේ මුලින් ඔබට ලියා තැබූ මෙම සුවිශේෂී මිනිසාට එරෙහිව අධිකරණය ගත් තීන්දුවයි. වසර 20ක් සහ මාස 6ක් වන ප්‍රබල සිර දඬුවම එය විය. ඒ අනුව අද ඔහු මෙලෙව ජීවත්ව සිටින්නේ නම්, තමාට 98 වැනි විය තෙක් සිර ගෙදර ගතකිරීමට සිදුවන්නේය. එය ඔහුගේ ජීවිතය මහා ශෝකාන්තයකින් කෙළවර වීමක්ය. රටේ සහ ජනතාවගේ මුදල් කොල්ලකෑම නිසා එම ජීවිත අගාධයට පත්වනු ඇතිය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මේ වගේ අපත මහකොමසාරිස්ලා රනිල්ලා ලොකු රටවල්වලට පත් කළා! අනුර මේ වගේ අයව තව කොච්චර කල් තියන් ඉන්නද හදන්නේ? I Sri Lanka Latest News

Next Post

කිව්වෙ නම් වෙඩි තියාගෙන මැරුණු පෞද්ගලික ලේකම් දවස් කීපයකට කලින් ගෙදරට ගෙනත් දැම්මා කියලයි! හැබැයි ලොහාන් මේ ඉන්නේ ඒ ජිප් එක ගාවමද? ලීක් වෙච්ච ලොහාන්ගේ ෆොටෝ එකකින් සමාජ මාධ්‍ය කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.