මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද 50% ඉක්මවා ගිය ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වී තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News
මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට මාසයක් ඉක්ම යන මොහොතේ පැවැති මෙම මැතිවරණයේදී ලබාගෙන ඇත්තේ 47.64%ක ඡන්ද ප්‍රතිශතයකි.
ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබා ගෙන තිබුණේ 42% ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයකි.
එමෙන්ම මෙවර මාලිමාව ඇල්පිටිය මැතිවරණයේදී ආසන 15ක් ජයග්‍රහණය කළද විපක්ෂයේ ආසන සංඛ්‍යාව එකතු කළ විට ඔවුන්ද ආසන 15ක් ලබා සම ස්ථානයක සිටීම විශේෂත්වයකි.
අනෙක් අතට 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2019 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරය. යහපාලන ආණ්ඩුව පැවැති එම සමයේදී පොහොට්ටුව ඇල්පිටියේ සියලු කොට්ඨාස ජයගත් අතර එවක ආණ්ඩු පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට එක් කොට්ඨාසයක් හෝ ජයගැනීමට නොහැකි විය.
නමුත් මෙවර ඇති විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණය පරාජයට පත්වී මසක් ඇතුළත පැවැත්වූ ඇල්පිටිය මැතිවරණයේදී සමගි ජන බලවේගය කොට්ඨාස 2ක් ජයග්‍රහණය කොට තිබීමය.
එහිදී එජාලය සහාය දුන් සන්ධානයට කිසිදු කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට හැකිව නොමැත.












