• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මොසාඩ් ඔත්තු සේවය ලංකාවේ ගහන ගේම්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 26, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රායල් ජාතිකයන් ලංකාවට ආවේ අද ඊයේ නොවේ. ඊශ්‍රායල් ජාතිකයන් බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුවේ ඉහළ පෙළේ තනතුරු දරා තිබේ. 1948 නිදහස දිනාගත් පසු ඩී.ඇස්. සේනානායක ආණ්ඩුව දකුණු ආසියාවේ අනෙකුත් රටවල් ඊශ්‍රායලය සමග සබඳතා පටන්ගැනීම ගැන දෙවරක් හිතද්දී ඊශ්‍රායලය සමග සබඳතා ආරම්භ කරන්න තීරණය කළේය. ඩී.ඇස්.ගේ ආණ්ඩුව ඊශ්‍රායලයෙන් අවි ආයුධ මිලට ගත්තේය. නැව් මිලට ගත්තේය. පසුව බලයට පත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ආණ්ඩුව සහ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පලස්තීන විමුක්ති සංවිධානය පිළිගෙන ඊශ්‍රායලය සමග සබඳතා අත්හරිනු ලැබූහ. 1977 බලයට ආ ජේ.ආර්.ගේ ආණ්ඩුව යළිත් ඊශ්‍රායලය සමග සබඳතා පටන්ගන්න ක්‍රියා කළේය. උතුරේ යුද්ධය පටන්ගත් පසු ජේ.ආර්.ගේ ආණ්ඩුවට ඊශ්‍රායලයේ යුද විශේෂඥයන්ගේ සහාය සහ ඊශ්‍රායල ආයුධ ඕනෑ විය. ඒ වගේම අතිදැවැන්ත මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කරන්න එවක ලොව අංක එකේ ඉදිකිරීම් විශේෂඥවරුන් වූ ඊශ්‍රායල වෘත්තිකයන් ඕනෑ විය. ජේ.ආර්.ගේ ආණ්ඩුව ඊශ්‍රායලයට ඉන්ටරස්ට් සෙක්ෂන් එකක් ලංකාවේ පිහිටුවන්න අවසර දුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය.
බියගම නිදහස් වෙළෙඳ කලාපය විවෘත කරන දිනයේ පැවැති උත්සවයට එවක කර්මාන්ත ඇමැති රනිල් ඊශ්‍රායල් නියෝජිතයන්ටද ආරාධනා කොට තිබිණි. ඔවුන් අසුන්ගෙන සිටියේ එවක ඉන්දීය මහකොමසාරිස් ඩික්සිත් අසුන්ගෙන සිටි පුටුවට යාබදවය.Sri Lanka Latest News

‘රනිල් මේ අපේ අලුත් මිත්‍රයන්ව ඩික්සිත්ට හඳුන්වලා දෙන්න…’

ජේ.ආර්. රනිල්ට කීවේය. රනිල් ඊශ්‍රායල් නියෝජිතයන්ව ඩික්සිත්ට හඳුන්වා දුන්නේය. ඩික්සිත්ගේ මුහුණ කළු විය. ඒ කාලයේ ඉන්දියාව ඊශ්‍රායල විරෝධී රටක් විය. ඩික්සිත් ඔහුගේ ‘කොළඹ භූමිකාව’ පොතෙහි ලියා තිබුණේ ජේ.ආර්.ගේ උපදෙස් මත රනිල් ඊශ්‍රායල් නියෝජිතයන්ව එම උත්සවයට ගෙනැවිත් තමාට හඳුන්වා දී තමාව අපහසුතාවට පත්කළා කියාය.

ඉන්දියාව ලංකාවට මැදිහත් වෙන්න ප්‍රධාන හේතුවක් වූයේ මේ ලංකා-ඊශ්‍රායල සබඳතා හරහා ඊශ්‍රායල් ඔත්තු සේවය වූ මොසාඩ් ඔත්තු සේවය ලංකාවේ බින්නබැහීම ඉවසන්න බැරිවය.

1988 ප්‍රේමදාස ජනාධිපති වූ පසු මොසාඩ් ඔත්තු සේවයේ හිටපු නිලධාරියෙක් වූ වික්ටර් ඔස්ෆ්‍රෙස්කි ඊහ උ්හ දf ෘැජැචඑසදබ නමින් පොතක් ලීවේය. මොසාඩ් ඔත්තු සේවය ඊශ්‍රායලයේදී ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් පුහුණු කරද්දී තවත් පසෙකින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුහුණු කළ බවත්, ලංකාවේ හමුදාවට යුද්ධ කරන්න අවි ආයුධ දෙද්දී එල්.ටී.ටී.ඊ.යට ඒ ආයුධවලට ප්‍රතික්‍රියා දක්වන්න ආයුධ දුන් බවත් එහි සඳහන් විය. ප්‍රේමදාස මේ පොත නිකුත් වූ පසු මේ පොතෙහි සඳහන් කරුණුවල ඇත්ත නැත්ත හොයන්න කොමිසමක් පත් කළේය. ඒ කොමිසම නම් කළේ වඩුගොඩපිටිය කොමිසම කියාය.

ලංකාවේ ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ ඊශ්‍රායලය සමග ළඟින්ම සබඳතා පැවැත්වූයේ ලලිත් ඇතුලත්මුදලිය. ඔහු ඊශ්‍රායල විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් විය. ජාතික ආරක්ෂක ඇමැති ලෙස ඔහු ඊශ්‍රායලය සමග සමීපව ගනුදෙනු කළේය. ජේ.ආර්.ගේ උපදෙස් මත මහවැලි ව්‍යාපාරයට ගාමිණී ඊශ්‍රායලය සම්බන්ධ කරගත් නිසා ඊශ්‍රායලය ගාමිණී සමගත් සබඳතා වර්ධනය කරගත්තේය. ජේ.ආර්.ගේ පුත් රවී ජයවර්ධන විශේෂ කාර්ය බළකාය හැදුවේ ඊශ්‍රායල් ඔත්තු සේවය වූ මොසාඩ් උපදෙස් මතය. එස්.ටී.එෆ්. නොහොත් විශේෂ කාර්ය බළකාය පුහුණුව ලැබුවේත් ඊශ්‍රායලයෙන්ය. ජවිපෙ භීෂණය මර්දනය කරන්න ජේ.ආර්. සහ ප්‍රේමදාස ආණ්ඩු යොදාගත්තේ එස්.ටී.එෆ්. එකය.

ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය ලංකාවේ ක්‍රියාත්මක වූ ආකාරය හොයන්න පත්කළ කොමිෂන් වාර්තාව නිකුත් වූ පසු ප්‍රේමදාස ලංකාවේ ඊශ්‍රායල් ඉන්ටරස්ට් සෙක්ෂන් එක වහන්න තීරණය කළේය. ඊශ්‍රායල් ජාතිකයන්ට වහාම රටින් පිටව යන ලෙස නියෝග කළේය.

ප්‍රේමදාසට දෝෂාභියෝගය ආවේ ඉන් පසුවය. ප්‍රේමදාස හිතුවේ ඊශ්‍රායල් රහස් ඔත්තු සේවය වූ මොසාඩ් ලලිත්ව හා ගාමිණීව යොදාගෙන දෝෂාභියෝගය ගෙන ආවා කියාය. ඔහු දෝෂාභියෝගයට පසු පාර්ලිමේන්තුවට ඇවිත් කෙළින්ම මොසාඩ් ඔත්තු සේවයට චෝදනා කළේය.

‘මම ඊශ්‍රායල් ඉන්ටරස්ට් සෙක්ෂන් එක රටින් පන්නලා දැම්මා. ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. මොසාඩ් එක මට එරෙහිව නැගීසිටීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අමතක කරන්න එපා අපි අතරේ ඉන්නවා ඊශ්‍රායලයේ ගිහින් එහේ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන එහි විශ්වවිද්‍යාලවල උගන්නලා ජරා සල්ලි හොයපු උදවිය…’

මේ, ප්‍රේමදාස එදා පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කී කතාවය. ප්‍රේමදාස පසුව ඝාතනය විය. ලංකාවේ ඊශ්‍රායල් සෙක්ෂන් එකක් පිහිටුවීමට එරෙහිව රට ගිනිතිබ්බ චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට ඇවිත් 2000 ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ යුද්ධයට උදව් ගන්නටය.

2005 බලයට පත්වූ ශ්‍රී ලංකා-පලස්තීන මිත්‍ර සමාගමේ සභාපති මහින්ද රාජපක්ෂත් යුද්ධයට උදව් ගන්න ඊශ්‍රායලය සමග සමීපව ගනුදෙනු කළේය. ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවුණේත් මේ කාලයේය.

යුද්ධය හරහා ගොඩනගාගත් සබඳතා නිසා ගෝඨාභය ඊශ්‍රායලයේ මිතුරෙක් විය. රනිල් ජනාධිපති වී ඊශ්‍රායලය සමග සබඳතා වැඩි කරගත්තේ ඉරානයේ හවුති කැරැලිකරුවන්ට රතු මුහුදේදී පහර දීමට ලංකා හමුදාව යැවීමෙනි. ඊශ්‍රායලය මෙයට ප්‍රති උපකාර ලෙස ලාංකිකයන්ට එරට රැකියා අවස්ථා වැඩිකර දුන්නේය.

අනුර ජනාධිපති වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම්ට ඊශ්‍රායලයට ඒම තහනම් කරමින් ඊශ්‍රායලය ගත් තීරණයට එරෙහිව චිලී රට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ගෙන ආවේය. රටවල් සිය ගණනකට වඩා එයට අස්සන් තැබීය. ලංකාව එයට අස්සන් කළේ නැත. සමගි ජන බලවේග හිටපු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මේ ගැන ප්‍රශ්න කළේය. ඉන් පසු ලංකාව ඒ ලියුම යළි ගෙන්වාගෙන අස්සන් කළේය.

අනුරගේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි නැති බව මේ සිද්ධියෙන් පෙනේ. විදේශ ප්‍රතිපත්තියයි ආර්ථිකයයි ගැටගැහිලා තියෙන්නේ එකටය. විදේශ ප්‍රතිපත්තිය සමග සෙල්ලම් කිරීම ආර්ථිකය සමග කරන භයානක සෙල්ලමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අරුගම්බේ අවුලක්ද? රට වට්ටන්න කවුරු හරි ගහපු ගේමක්ද? තානාපති කාර්යාල අටවපු උගුලක්ද? කුමන්ත්‍රණය කාගේද? VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති අනුර අගමැති හරිනි එක්ක අවුලක්? මොකද්ද මේ කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.