මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්රයට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇතැයි පොලීසිය කියයි. (Sri Lanka Latest News)
සිද්ධිය වූ දින රාත්රියේ අධිකරණ රෙජිස්ට්රාර්වරයාට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු වහාම මේ පිළිබදව පොලිසියට දන්වා ඇතැයි කියයි.
ඉන් අනතුරුව අධිකරණ ගොඩනැගිලි පරිශ්රයට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර ප්රදේශයේ විශේෂ පොලිස් මුර සංචාරවල නිරත වන අතර විමර්ශන නිලධාරීන් ද නිරීක්ෂණ කටයුතුවල නිරත වන අතර විශේෂ කාර්ය බලකාය මෙම ප්රදේශයේ ආරක්ෂාවට යොදවා ඇත.
lankadeepa









