ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. Sri Lanka Latest News
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවය.
“නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. යම් අපේක්ෂකයෙක් මියගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාවක් තියනවා. පිල් මාරු කිරීම් සහ වෙනත් කාරණා පිළිබඳව නීතිමය සීමාව තුළ පමණයි අපිට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ.”










