රට පුරා සහල් හිගයක් ඇතිවීමට හේතුව මහාපරිමාණ මෝල් හිමියන් විසින් සහල් තොග සගවා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (23) දිනයේදී පොලොන්නරුවේ පිහිටි ඩඩ්ලි සිරිසේන මහකාට අයත් වී ගබඩාව පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව අනෙකුත් මහ පරිමාණ සහල් මෝල් හිමියන් වන නිපුණ සහ රත්න සහල් ආයතනද පරීක්ෂා කිරීමට පාරිභොගික අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙහිදී රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන බවට චෝදනාවක්ද පාරිභෝගික අධිකාරිය විසින් මහාපරිමාණ සහල් මෝල් හිමියන් වෙත එල්ල කොට තිබිණ.
පාරිභෝගික සේවා අධිකාරියේ වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ කෘත්‍රිම සහල් හිගයක් මවමින් වී තොග සගවාගෙන සිටින සහල් මෝල් හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවකි.








