පසුගිය රජය සමයේ රැකියා සදහා ඊශ්‍රායලයට යැවීම සදහා බදවාගත් බව කියන තරුණයන් පිරිසක් (17) අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිටියා. (Sri Lanka Latest News)
ඒ, තමන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා හමුවී සංදේශයක් භාරදීම සදහායි.
එහිදී ඔවුන් ප්‍රකාශ කළේ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් තරුණයන් විශාල පිරිසක් බදවාගත් අතර, ඉන් පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති බවයි.









