• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු ඇත්තටම අල්ලපු දොස්තර චමල් සංජීව! ලංකාවේ ක්‍රිකට් කෙල්ලන්ව ලෝකෙට අරන් ගිය අප්සාරි! මේ දෙන්නා රටක් වටින චරිත දෙකක්! චමල් එන්නේ ලලිත් අතුලත්මුදලිගෙ ආසනයෙන්! අප්සාරි එන්නේ ජේ.ආර්.ගේ ආසනයෙන්! දෙන්නම කොළඹින්! ඡන්දෙ දීලා ඇතුළට යවමු! Sri Lanka Latest News

October 12, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
හොරු ඇත්තටම අල්ලපු දොස්තර චමල් සංජීව! ලංකාවේ ක්‍රිකට් කෙල්ලන්ව ලෝකෙට අරන් ගිය අප්සාරි! මේ දෙන්නා රටක් වටින චරිත දෙකක්! චමල් එන්නේ ලලිත් අතුලත්මුදලිගෙ ආසනයෙන්! අප්සාරි එන්නේ ජේ.ආර්.ගේ ආසනයෙන්! දෙන්නම කොළඹින්! ඡන්දෙ දීලා ඇතුළට යවමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ දේශපාලනය විශාල වෙනස්කම්වලට භාජනය වෙන කාලයක් මේක. ප්‍රධාන පක්ෂ බිඳවැටිලා අලුත් පක්ෂ ගොඩනැගෙනවා. ප්‍රධාන ධාරාවේ දේශපාලකයෝ කරළියෙන් ඉවත් වෙලා යනවා.ඒ වෙනුවට අලුත් මූණු මතුවෙනවා. මාලිමාවෙ ජයත් එක්ක ඒක තවත් සිද්ධ වෙනවා. ප්‍රධාන පක්ෂවලටත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ වෙනස්කමට මුහුණ දෙන්නම වෙනවා. ඒ නිසා ඒ අයටත් සිද්ධ වෙලා අලුත් බලාපොරොත්තු එක්ක මේ ගමන යන්න.
හොරු අල්ලනවා කියලා පොරොන්දු දෙන අය වෙනුවට හොරු අල්ලපු අය මැතිවරණයට එන එක හොඳයි. වැඩ කරනවා කියලා බයිලා ගහන අය වෙනුවට වැඩ පෙන්නපු අය එනවා නම් හොඳයි. ඒ නිසා මේ ඇරඹෙන්නේ අලුත් දේශපාලන පුරාවෘත්තයක සුබ සිහිනයක් වග අපි දැනට හිතමු. කොහොමටත් දේශපාලනයේදී කාටවත්ම චරිත සහතික දෙන්න කලබල වෙන්න හොඳ නෑ. (Sri Lanka Latest News)

ලංකාවේ දේශපාලනයට අලුත් අලුත් චරිත එනවා. අලුත් මූණු එනවා. එහෙම අලුත් මූණු එනකොට අලුත් චරිත එනකොට අපි අලුතින් බලාපොරොත්තු තියාගන්නවා. එහෙම ආපු කෙනෙක් තමයි අප්සාරි තිලකරත්න කියලා කියන්නේ. මේ නම ඔබට ටිකක් හුරුපුරුදු ඇති. කොහොමද අප්සාරි තිලකරත්න කියන නම මතක තියෙන්නේ? ටිකක් කල්පනා කරලා බලන්න. මෙහෙමයි, අප්සාරි තිලකරත්න ලංකාවේ ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක කාන්තා ක්‍රිකට්වල නැගිටීමත් එක්ක අපි වැඩියෙන්ම කතා කරපු නම. අප්සාරි තිලකරත්න කියලා කියන්නේ අපේ හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච හෂාන් තිලකරත්නගේ නෝනා මහත්තයා. මෙන්න මේ අප්සාරි තිලකරත්න කියන නම අපිට මතක් වුණේ ඒ නිසා නෙවෙයි. හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු විදියට ඉන්න කාලේ අප්සාරි තිලකරත්න එළියට බැහැලා අලුත් ක්‍රීඩිකාවෝ හොයාගෙන ගියා. හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වුණාමත් අප්සාරි මේ වැඩේ ඒ විදියටම කළා.

අප්සාරි තමන්ගේ ස්වාමිපුරුෂා වෙනුවෙන් ආදරේ කරන්න ගිය කෙනෙක් නෙවෙයි. ක්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් බව අපිට හොඳටම තේරුණා. මොනරාගල බට්ටි වගේ පුංචි ක්‍රීඩිකාවෝ හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව ක්‍රිකට්වලට හඳුන්වා දීලා ඒ අයගේ ක්‍රිකට්වලට තියෙන දක්ෂතා ඔප්නංවලා අලුත් ක්‍රිකට් බලාපොරොත්තුවක් ඇතිකළේ මෙන්න මේගොල්ලෝ. ඉතින් රට වටේම ඉන්න පුංචි පුංචි ක්‍රීඩිකාවන්ට ගම්වල ඈත පිටිසර ක්‍රීඩිකාවන්ට ක්‍රිකට්වලට එන්න අත දුන්නු අප්සාරි තිලකරත්න මේ වතාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. අප්සාරිලා කියන්නේ ක්‍රිකට්වලින් අලුතින් බලාපොරොත්තු හදාගන්න අවශ්‍ය කරන අය නෙවෙයි. නැත්නම් අප්සාරිලා කියලා කියන්නේ මැතිසබේට ආවාට පස්සේ වැඩ කරයි කියලා සැක කරන්න ඕනේ කට්ටිය නෙවෙයි. ඉතින් අපි අලුත් දේශපාලකයෝ පත්කරලා ඒගොල්ලන්ගෙන් ලාභ බලාපොරොත්තු වෙනවා, ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා, ඒගොල්ලෝ අලුත් දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නම් වැඩ කරලා පෙන්නපු මිනිස්සුන්ව මැතිසබයට යවන්න. අප්සාරි කියලා කියන්නේ වැඩ කරලා පෙන්නපු කෙනෙක්. අප්සාරි කියලා කියන්නේ ලංකාවේ ක්‍රීඩාවේ ආදරේ දිනාගත්ත ක්‍රිකට්වල ආදරේ දිනාගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් නිසා ඇයව පාර්ලිමේන්තු යවන්න එපා. අපි එහෙම කියන්නේ නෑ. අප්සාරි නෙවෙයි කිසිම කෙනෙක් එහෙම යවන්න එපා. නෑදෑකම් නිසා, හිතවත්කම් නිසා, යාළු මිත්‍රකම් නිසා මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ නෑ.

මේ විදියට අප්සාරි තිලකරත්න වගේ අයගේ සේවාවන් අපිට පෙර කළ සේවාවන් විදියට දකින්න පුළුවන්කම තියෙනවා. අලුත් අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා කිව්වට අලුත් මුහුණු පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ කියලා කිව්වට මිනිස්සු ගැන විශ්වාසය තියන්නේ කොහොමද කියන එක පහුගිය කාලේ අපි විසින් පාර්ලිමේන්තුවට යවපු බොහෝ දෙනෙක්ගේ පැටිකිරිය නිසා නැත්නම් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා දාපු සෙල්ලම් නිසා අපිට දැනුණා, අපිට පෙනුණා.

ඒ වගේම වෛද්‍ය චමල් සංජීව මේ මොහොතේ අපිට ඇහෙන තව නමක්. වෛද්‍ය චමල් කියලා කියන්නේ නරක බෙහෙත් හොර බෙහෙත් එහෙම නැත්නම් කෙහෙළියලගේ බෙහෙත් මාෆියාව ගැන රටට හෙළිදරව් කරපු කෙනෙක්. චමල් සංජීව මේ කිසිම බලයක් නැතුව කිසිම දේශපාලන හයියක් නැතුවයි මේ වැඩේ කළේ. ඇත්තටම දේශපාලන බලයක් ඔහුට තිබුණා නම් මොනවා කරයිද කියලා අපිට දැන් තේරෙනවා. අපි හිතන්නේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ හොරු අල්ලන්න, හොරකම් නවත්තන්න කියලනේ. ඉතින් හොරකම් නවත්තන්න පාර්ලිමේන්තුවට ගිහිල්ලා හොරුන්ටත් වඩා හොරකම් කරන අය ගැන අපි ඕනේ තරම් දැකලා තිබ්බා. වෛද්‍ය චමල් සංජීව වගේ කට්ටිය මේ මොහොත වෙනකොට අපිට පැහැදිලිව තේරෙනවා හොරකම් නවත්තන්න ඇත්තටම වැඩ කරපු කට්ටිය විදියට. ඉතින් ඒ නිසා හොරු අල්ලන්න පාර්ලිමේන්තු යවනවා නම් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ හොරු අල්ලන්න පුළුවන් කට්ටිය. ඔහු මේ බෙහෙත් මාෆියාවට එරෙහි වෙලා බෙහෙත් මාෆියාවට එරෙහිව සටන් කරලා, බෙහෙත් මාෆියාවේ යෙදිච්ච ත්‍රාඩ දේශපාලකයොත් එක්ක නඩු කියලා ඒ දේශපාලකයෝ පරද්දලා තනියම මේ දේශපාලකයන්ව හිරේ යවන්න තරම් දක්ෂ වෙච්ච අය.

ඉතින් මේ වතාවේ මේගොල්ලෝ පාර්ලිමේන්තුවට යන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක හොඳ දෙයක්. රටේ දේශපාලනය ගැන අපි කයිවාරු ගගහා ඉන්නේ නැතුව අපි හිටියා නම් හොරු අල්ලනවා කිය කියා ඉන්නේ නැතුව හොරු අල්ලපු කෙනෙක්, හොරු අල්ලලා පෙන්නපු කෙනෙක් ලංකාවේ තියෙන ලොකුම ත්‍රස්තවාදය වෙච්ච ලොකුම මාෆියාව වෙච්ච බෙහෙත් මාෆියාවත් එක්ක සටන් කරලා ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙක්ව ඒ තනතුරෙන් පන්නලා දාලා ඒ වෙනුවට ඒ මනුස්සයාව හිරේ දාන්න පුළුවන් වෙච්ච පුද්ගලයෙක්ව මේ වෙලාවේ පාර්ලිමේන්තුවට යවන්න ඔන්න ඔබට අවස්ථාව උදාවෙලා තියෙනවා. අපි කිසිවෙක් ගැන පූර්ව නිගමනවලට එන්නේ නෑ. නමුත් හිතන්න බලාපොරොත්තු තියාගන්න අවස්ථාවක් උදාවෙලා තියෙන බව නම් අපිට හොඳටම පැහැදිලියි. බලමු මොකක් වෙයිද කියලා. නමුත් අපි ඔබට කියන්නේ රට ගොඩනගන එක ගැන පූර්ව නිගමනවල ඉන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තුවට මිනිස්සුන්ව පත්කරලා දාලා ඒ පත්කරපු මිනිස්සුන්ව පන්නන්න පත්කරපු මිනිස්සුන්ව එළවන්න පත්කරපු මුළු පාර්ලිමේන්තුවට බෝම්බ පුපුරවන්න කියන්න ඔක්කොම ටිකට අනතුරක් වෙනකන් බලාගෙන ඉන්න කලබල නොවී ඔබ තීරණය කරන්න ඕනේ හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න. හරි මිනිස්සු පාර්ලිමේන්තුවට ගියොත් කිසි දවසක වරදින්නේ නෑ කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඔබේ මනාපය ඔබ නිවැරැදිව පාවිච්චි කරන්න ඕනේ. කැමැති ලැයිස්තුවකින් හොඳ වැඩ පෙන්නපු, ඇත්තටම මහජනතාව වෙනුවෙන් සේවය කරපු, චමල් සංජීවලා වගේ අයට. චමල් සංජීවලා තමන්ගේ රැකියාව පවා අහිමි කරගත්තේ රටේ මිනිස්සු වෙනුවෙන් හඬ නගන්න ගිහිල්ලා. ඒ නිසයි අපි ඔබට ඔවුන් ගැන ආයෙ ආයෙත් මතක් කරන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නාගලගම් වීදිය! වැල්ලම්පිටිය! ගම්පහ! වැලිවිට! කඩුවෙල! කටුනායක නිට්ටඹුව පාර! බුලත්සිංහල! මෙගොඩ කොලොන්නාව! හතරවටේ යටවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න දේශපාලනයේ දහජරා කැපිලි! කමල් අද්දරආරච්චි 2015දී රත්නපුරෙන් ඡන්දෙ ඉල්ලන්න හදද්දී තලතා අතුකෝරාල ඉඩ දීලා නෑ! මේක එළියට එන්නෙ මුල් වතාවටයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.