• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුලගේ ක්‍රිකට් නාඩගම ඉවරයි: මහින්දට මහේල-සනත්-සංගා-මහානාම කියපු කතා මෙන්න

May 22, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
බන්දුලගේ ක්‍රිකට් නාඩගම ඉවරයි: මහින්දට මහේල-සනත්-සංගා-මහානාම කියපු කතා මෙන්න
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ලොකුම ක්‍රීඩාාංගණය හෝමාගම ප්‍රදේශයේ ‌ඩොලර් මිලියන 40ක වියදමින් ඉදි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළද මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත.

සනත් ජයසූරිය, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග එම සාකච්චාවට සහභාගී වූ අතර ක‍්‍රිකට් පරිපාලනයේ නිලධාරිහුද ඊට එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය අවශ්‍ය ක්‍රියාමාර්ග මහා ගන්නා බවත් අගමැතිවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා මීට පෙර මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් ජේෂ්ඨයන් පිරිසක් ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද පවසා ඇති අගමැතිවරයා එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සම්බන්ධ කරගැනීමටද දන්වා ඇත.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම අදහස් දක්වමින් කියා සිටියේ “අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක අපි ක්‍රිකට් ගොඩනගන්න අවධානය යොමු කළ යුතුයි. මහේල සහ අපි එකතු වෙලා ක්‍රිකට් ගොඩනැංවීම පිළිබඳව සැලැස්මක් සකස් කරලා අධ්‍යාපන අමාත්‍යංශයට භාර දුන්නා. මම හිතනවා පාලක මණ්ඩලය පැත්තෙනුත් ක්‍රිකට් ගොඩ නගන්න සංවිධානය විය යුතුයි කියලා.”

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා පැවසුවේ “ක්‍රිකට් කණ්ඩායම කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ බ්‍රෑන්ඩ් එක නැහැ. කොවිඩ් 19 එක්ක ඉදිරි අවුරුදු තුන ගත්තොත් ජාත්‍යන්තරව අනුග්‍රහය සපයන පිරිස ඉදිරියේදී අඩු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා මේ වෙනකොට ඒ වැඩ කරන අයගේ මුදල් ගෙවීම් අඩු කරලා තිබෙනවා. අපි හිතන්නේ නැහැ අපි හිතන විදියටම ඉදිරි අවුරුදු පහ තුළ අදායමක් ලැබෙයි කියලා. එහෙම සැලැස්ම හැදුවොත් අපි ලොකු කරදරයක වැටෙනවා ඒ නිසා අපේ රට ඇතුලේ තිබෙන තත්ත්වය බලමින් වැඩ කරන එක තමයි හොඳම දේ“

ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ “මම හිතන්නේ මම වෙන්නැති ලංකාවේ කණ්ඩායමට දුරින්ම ආපු ක්‍රීඩකයා. මම කියන්නේ අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. කොළඹ ඉඳලා මාතරට මාතර ඉඳලා හම්බන්තොටට යනකම් පාසල් වල තිබෙන තිබෙන දේවල් දැක්කම ඉතාම කණගාටුයි. ඒ නිසා පාසැල් ක්‍රිකට් ක්ෂේත්‍රයට ළමයි වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා පාසල් වලට දෙන්න පුළුවන් සහයෝගය ලබා දිය යුතුයි“

ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා තම අදහස් ලෙස කියා සිටියේ “පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩා සමාජවල තරඟාවලි අපි මිට වඩා ශක්තිමත් කළේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ නැත්නම් අවශ්‍ය තණතීරු අවශ්‍ය අත්දැකීම් ලබා දුන්නේ නැත්නම් අපිට ශක්තිමත් ජාතික කණ්ඩායමක් බිහිකරන්න අමාරු වෙනවා.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද තම සිය අදහස් ලෙස පළ කළ සිටියේ “පාසල් ක්ෂේත්‍රය සහ ජාතික මට්ටමේ ක්‍රීඩාව එකතු කරලා ජාතික සැලැස්මකට යන්න ඕන. සමහර වේලාවට පාසල් ක්ෂේත්‍රයෙන් ජාතික මට්ටමකට ක්‍රීඩකයා නිදහස් කරන්නේ නැති අවස්ථා තිබෙනවා. ඒ වගේ ප්‍රශ්න ප්‍රයෝගිකව තිබෙනවා. මේ අර්බුදය ප්‍රයෝගිකව විසදන්න කටයුතු කළ යුතුයි”

SendShareShare
Previous Post

බෙහෙත් ප්‍රශ්නෙට ගෝඨා අත තියයි: අතරමැදියන් ඉවතට

Next Post

ක්‍රිකට් මාෆියාව ක්‍රිකට් විනාශ කළ හැටි අහන්න (VIDEO)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.