මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ වැඩ බලය අධ්‍යක්ෂ ලෙස පත් කරන ලද පොලිස් අධිකාරී ටී.එම්. අජන්ත රොද්රීගෝ මහතාගේ එම පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙන බව වාර්තා වේ. Sri Lanka Latest News
අදාල පත්වීම සිදු කර තිබෙන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසිනි.
කෙසේ වෙතත්, එම පත් කිරීමට එරෙහිව ප්‍රබල විරෝධයක් සමාජ මාධ්‍යය තුළින් එල්ල විය.
විශේෂයෙන්ම, පොලිස් අධිකාරී අජන්ත රොද්රිගෝට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීමට අදාල චෝදනා රැසක් එල්ල වී තිබේ.
අරගල සමයේ දී නිරායුධ අරගලකරුවන් විසුරුවා හැරීම සදහා පෞද්ගලිකවම අදාල පොලිස් නිළධාරීයා විසින් අමානුෂික ලෙස පහරදීම් සිදුකර තිබෙන අවස්ථා පිළිබදව වාර්තා වේ.
ඊට අමතරව, 83 කළු ජූලිය සමරමින්, 2023 වසරේ ජූනි මාසයේ බොරැල්ලේ පැවති මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා ඔහු සෘජුව මැදිහත් වී විරෝධතාකරුවන්ට පහර දී තිබුණි. එම පහරදීම් හේතුවෙන් විරෝධතාවයට සහභාගී වී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය තුවාල ලැබී ය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරුව සිටි වසන්ත මුදලිගේ ට එරෙහිව බොරු සාක්ෂි ලබා දීම ද පොලිස් අධිකාරී අජන්ත රොද්රිගෝට එල්ල වී තිබෙන තවත් චෝදනාවකි.










